ලයිසන් කාඩ් එක ආවේ නැද්ද? මෙන්න විසඳුම

24 Apr, 2024   
ලයිසන් කාඩ් එක ආවේ නැද්ද? මෙන්න විසඳුම

ශ්‍රී ලංකාව තුළ නීත්‍යානුකූලව වාහනයක් drive කරන්න නම් ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. ඒ අතරින් රියදුරු බලපත්‍රය එහෙමත් නැත්නම් ලයිසන් එක ගොඩක් වැදගත්. මොකද අපිට වාහනයක් නිවැරදිව drive කරන්න පුළුවන් බවට සනාථ කිරීමට රජය විසින් ලබා දීලා තියෙන බලපත්‍රය තමයි රියදුරු බලපත්‍රය කියන්නේ.

හැබැයි මේ වෙනකොට අලුතෙන් ලයිසන් එක ගත්ත, පරණ ලයිසන් එක අලුත් කරපු ගොඩක් දෙනෙක්ට ලයිසන් කාඩ් එක වෙනුවට ලබා දීලා තියෙන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක්.
ඔබටත් තවම ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් ඊට ඇති විසඳුම පිළිබඳවද තමයි CarsGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ.

කාඩ් එක දෙන්නේ නැද්ද?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට ආනයනය කරන කාඩ්පත් නොමැති වීම නිසා වසර දෙකකට අධික කාලය සිට රියදුරු බලපත්‍රය සඳහා තාවකාලික කඩදාසි බලපත්‍රයක් පතක් තමයි නිකුත් කළේ.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වයත් එක්ක ලබන ඔක්තෝම්බර් මාසය වන විට මෙය විසඳන බව රජය විසින් දන්වලා තියෙනවා. ඒ අනුව පෙර පරිදි තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව සඳහන් කරලා තියෙනවා.

කොහොමද දෙන්නේ?

තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර කාඩ්පත නිකුත් කිරීම හැකි ඉක්මනින් ආරම්භ කරන බවත්, එම අයදුම්කරුවන්ට කාඩ්පත තැපෑලෙන් යොමු කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.
ඒ වගේම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයන් ලක්‍ෂ 6 කට ආසන්න සංඛ්‍යාවකට එම ආකාරයට කාඩ්පත නිකුත් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

ආරම්භ කරලා සති කීපයකින් කාඩ්පත් නිකුත් කිරීම අවසන් කරන බවත් ඔවුන් සඳහන් කරලා තියෙනවා.

කල් ඉකුත් වෙලා නම්

ඔබට ලයිසන් එක වෙනුවට ලබා දෙන තාවකාලික රියදුරු බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනයක් බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙම කාල සීමාව බලපත්‍රය නිකුත් කළ දිනයේ සිට දින 90 ක් 180ක් වගේ වෙනවා.

ඉතින් මේ දිනය පහු වෙලා නම් රථ වාහන පොලිසියෙන් දඩ මුදලකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තාවකාලික බලපත්‍රය කල් ඉකුත් වෙලා නම් ඉක්මනින්ම ඒක අලුත් කරන්න.

ඉතින් අපි හිතනවා ඔයාට තිබුණ ලොකු ප්‍රශ්නයකට උත්තර අද හම්බවෙන්න ඇති කියලා. තාමත් ඔයාගේ ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් කලබල වෙන්න එපා. ළඟදීම ඔයාගේ ගෙදරටම තැපෑල හරහා ලයිසන් කාඩ් එක ලබා ගන්න පුළුවන්.

Similar Advices



73 comments

  1. ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් මොකක්ද විසඳුම

    1. මගේ ලයිසන් එක නැති වුනා මම එක හදලා දැන් අවුරැද්දක් වුනා තාම මට කාඩ් එක ආවේ නැ

    2. ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් මොකක්ද විසඳුම

      Reply

    3. 2023 මර්තු අලුත් කරේ ලයිසන් එක තාම නැහ

    4. අලුත් කරපු ලයිසන් එක ආවේ නෑ. අවුරුදු එකහමාරක් පමණ

      1. මගෙත් ලයිසන් එක නැති වුනා.හදලා දැන් අවුරුදු එක හමාරක් විතර තවම අවේ නෑ.මොකද්ද කරන්න ඉනේ

    5. මගේ ලයිසන් එකත් අවෙි නැ තවම

    6. මගෙත් ලයිසන් එක නැති වුනා.හදලා දැන් අවුරුදු එක හමාරක් විතර තවම අවේ නෑ.මොකද්ද කරන්න ඉනේ

    7. විසදුම් නෑ කතාවක් විතරයි කියලා තියෙන්නේ. විසදුම කෝ

    8. ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් මොකක්ද විසඳුම

  2. මගේත් අවුරුද්ක් ගිහිල්ලත් තවම අස්වේ නෑ ලයිසන් එක

    1. මගෙ ලයිශන් එක අරන් අවුරුද්දු එකහමාරක් විතර වෙනවා තාම ලයිශන් කාඩ් පත අවෙ නෑ

    1. අලුත් කරපු ලයිසන් එක ආවේ නෑ. අවුරුදු එකහමාරක් පමණ

  3. මං ලයිසන් එක ගත්තෙ 2022 තාම මට ලයිසන් කොලයක් තියෙන්නේ දැන් 2024

  4. Mama abadithai,dakunu kakula ain kara,2024/10 masen iwarai..ekata mokada karanna oni karanna pulawan da.plz

  5. ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් මොකක්ද විසඳුම

    ලයිසන් කාඩ් එක ආවේ නැත්නම් මොකක්ද විසදුම

  6. මගෙ ලයිසන් කාඩ් එකත් තව ආවේ නෑ

  7. (5/5)

    License card eka awe nh thama dn aurudu 2k wage wenawa thama nh kohomada ganne eka

  8. මගෙ ලයිසන් කාඩ් එකත් තව ආවේ නෑ

  9. (3/5)

    දැන් අවුරැදු 2 ඉවරවෙන්න තව මාස 3යි තාම නැ ලයිසන් එක බර වාහන රියදුරු බලපත්‍ර ගන්න විදියක් නැ තව අවුරැදු කියක්ඉන්න වෙද දන්නැ එකට

  10. මම ලයිශන් එක ගත්තෙ 2022 තාම කාඩ් ඒක හම්ම වුන්නෑ දැනට අවුරුදු 2 ක් වෙනවා

  11. මගේ ලයීෂන් පොත දීලා 1980 වර්ෂයේ ලෑබූන ලයිෂන් එක තමයි මට තියෙන්න්.
    ඒ කලූ සහ සූදූ ලයිෂන් එක තාම වලංගූයි නේද. ?

    1. Please please please sent my License.My license card not coming in two years. 2022.01.07 my rayeal date. Please sent my License. Next week iam going to oman at work. So please sent my License. 🥹🥹🥹🥹

    1. (1/5)

      මම ගිය අවුරුද්දෙ 2023/10/18 දුන්නෙ තාම කාඩ් එක හම්බ උනේ නැහැ මම වේරහැර ගිහින් බැලුවා එතකොට එතනින් කීවා 2024/05/07 තැපෑලට දාලා තියෙනවා කියලා ඒත් මේ වෙනතුරුත් කාඩ් එක නම් ආවේ නැහැ

  12. මගෙ බර වාහන රියදුරු බලපත්‍රය අලුත් කරල අවුරුද්දකට වැඩියි තාම කාඩ් එක ආවෙ නෑ

  13. It’s been more than a year since my heavy vehicle driver’s license was renewed and the card still hasn’t arrived

  14. (1/5)

    අතීසාරෙට අමුඩෙ ගහනව කියල අහල තිබ්බට අෆ්හ තමා දැනගත්තෙ ඒ කොහොමද කියලා

  15. දැං අවුරුද්දක් විතර වෙනවා තාම ලයිසන් කාඩ් එක ආවේ නෑනේ

  16. දැන් අවුරුදු 1 1/2 වෙනවා තාම ලයිසන් එක නෑ .අලුතින් ගන්න ර්ක

  17. මගෙ ලයිශන් කාඩ් එක ආවෙ නැ තාම, ලයිශන් හදලා අවුරැදු 2ක් වෙනවා.

  18. මම ගිය අවුරුද්දෙ 2023/10/18 දුන්නෙ තාම කාඩ් එක හම්බ උනේ නැහැ මම වේරහැර ගිහින් බැලුවා එතකොට එතනින් කීවා 2024/05/07 තැපෑලට දාලා තියෙනවා කියලා ඒත් මේ වෙනතුරුත් කාඩ් එක නම් ආවේ නැහැ

  19. මගෙ ලයිසන් කාඩ් එකත් තව ආවේ නෑ

  20. විසදුම් නෑ කතාවක් විතරයි කියලා තියෙන්නේ. විසදුම කෝ

  21. මගේ ලයිසන් එක අළුත් කරන්න දාල අවුරුදු එක හමාරක් වෙනව.තාම කාඩ් එක ආවෙ නෑ.

  22. මගේ ලියිශන් කාඩ් එක අවෙත් නෑ …. ගොඩක් කල් තාම කොළයක් තියෙන්නේ…..

  23. අවුරුදු හතරක් වෙනවා බයික් විල් දැම්මේ බයික් එක පාස් විල් එක ෆෙල් එතකොට බයික් එකට එන්නේ නැද්ද ලයිසන් එක

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Fit 2016 for Sale

Honda Fit 2016

146,000 km, Ampara
MEMBER
Rs 7,950,000
3 weeks ago
Toyota Aqua G Grade 2013 for Sale

Toyota Aqua G Grade 2013

126,000 km, Gampaha
MEMBER
Rs 8,550,000
14 seconds ago
Suzuki Alto Hybrid X Limited 2023 for Sale

Suzuki Alto Hybrid X Limited 2023

1,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,775,000
55 seconds ago
Mazda Tribute AUTO 2000 for Sale

Mazda Tribute AUTO 2000

121,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,150,000
1 minute ago
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

139,000 km, Colombo
MEMBER
Rs 16,600,000
1 minute ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Air Filter DA17 for Sale

Air Filter DA17

verified MEMBER
Rs 1,950
2 minutes ago
Toyota Flexible Silencer for Sale

Toyota Flexible Silencer

verified MEMBER
Rs 3,000
9 minutes ago
BF Goodrich LT 275/65R17 for Sale

BF Goodrich LT 275/65R17

MEMBER
Rs 49,500
13 minutes ago
Thermostat Valve for Sale

Thermostat Valve

verified MEMBER
Rs 4,200
15 minutes ago
+ Post an ad on ikman