වාහන පැවරුමකට ආදාළ documents පුරවන්නේ කොහොමද?

02 Jun, 2023   
වාහන පැවරුමකට ආදාළ documents  පුරවන්නේ කොහොමද?

අලුතෙන් වාහනයක් ගැනීමට එහෙමත් නැත්නම් වෙනත් කිසියම් හේතුවක් නිසා දැන් ඔබ භාවිතා කරන වාහනය විකුණන්න ඔබට සිදු වෙන්න පුලුවන්. මේ විදියට වාහනයක් විකුණනකොට වාහනය මිලදී ගන්නා පාර්ශ්වයට වාහනයේ අයිතිය පවරන්න සිදු වෙනවා. වාහනයේ අයිතිය පැවරීමේදී අපිට application එකක් fill කරන්න වෙනවා.  CarsGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයේ අයිතිය පැවරීමේදී application එක කොහොමද හරියටම fill කරන්නේ කියලා.

පළවෙනි පිටුව

MTA 6 කියන ආකෘති පත්‍රයේ පළවෙනි පිටුවේ තියෙන්නේ මෝටර් වාහන අයිතිය පැවරීමේදී අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග මොනවද කියලා. ඊළඟ පිටුවේ තියෙන්නේ වාහනයේ අයිතිය පැවරීමේදී අවශ්‍ය කරලා ලියකියවිලි මොනවද කියලා. අපි ඒ දේවල් ගැන මීට කලින් ඔබව දැනුවත් කරලා තියෙනවා. ඔයා අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මේ form fill කරනකොට ටිපෙක්ස් භාවිතා කරන්න බැහැ වගේම මකන්නත් බැහැ. ඒ වගේම තමයි සිංහල භාවිතා කරන්නේ නැතුව english capital letters වලින් එක කොටුවකට එක අකුර ගානේ තමයි fill කරන්න ඕනේ.ඒ පිටු වලට පස්සේ මුලින්ම තියෙන පිටුව තමයි මෝටර් රථ කොමසාරිස්වරයාගේ පිටපත.

පළමු අයදුම්පත

අපි දැන් බලමු කොහොමද මෝටර් රථ කොමසාරිස්වරයාගේ පිටපත හරියටම fill කරන්නේ කියලා. මෙතනදී උඩින්ම තියෙන කොටුව කාර්යාල ප්‍රයෝජනය සඳහා පමණයි තියෙන්නේ. ඒ නිසා ඒ කොටුව පුරවන්න එපා.ඊට පස්සේ අපි transfer කරන දිනය, මාසය සහ අවුරුද්ද සඳහන් කරන්න ඕනේ. අපි මේ form එක ආයතනයට බාර දෙනකොට තමයි දිනය පුරවන්න ඕනේ. ඔයා ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක්.

  • Name of transferor කියන තැන වාහනයේ පොතේ නම තියෙන කෙනාගේ නම් තමයි fill කරන්න ඕනේ.
  • පොතේ නම සඳහන් කෙනාගේ ලිපිනය සඳහන් කරන්න ඕනේ.
    වාහනයේ අංකය සඳහන් කරන්න
  • Name of transferee කියන තැන වාහනය පවරන කෙනාගේ නම fill කරන්න
    පවරන කෙනාගේ ලිපිනය
  • පවරන්නාගේ අත්සන ලෙස පොතේ නම සඳහන් කෙනාගේ අත්සන, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න.
  • පැවරුම් ලාභියාගේ අත්සන කියන තැන පැවරුම කරගන්න කෙනෙක්ගේ අත්සන, ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න
  • දිනය කියන තැන අයදුම්පත ආයතනයට බාර දෙන දිනය සඳහන් කරන්න
  • සාක්ෂි ලෙස ජාතික හැඳුනුම්පත තියෙන ඕනෑම කෙනෙක්ට අත්සන, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කරන්න පුළුවන්.

මේ වගේ කොළ 4ක් තියෙනවා.කොළ 4ම එකම විදියට තමයි fill කරන්න තියෙන්නේ.

දෙවන අයදුම්පත

ඊළඟට අපිට තියෙනවා c කියලා form එකක්. මේ form එකෙත් උඩින්ම තියෙනවා මෝටර් රථ කොමසාරිස්ගේ පිටපත කියල සඳහන් කරලා.

  • මුලින්ම වාහනයේ පොතේ සඳහන් නම fill කරන්න
  • පවරාගනු ලබන කෙනාගේ නම සඳහන් කරන්න
  • ලියාපදිංචි පොත පැමිණිය යුතු ලිපිනය සඳහන් කරන්න
  • නගරය සහ වාහනයේ අංකය සඳහන් කරන්න
  • වාහනය භාවිතා කරන ආකාරය සඳහන් කරන්න
  • අවසාන වශයෙන් අදාළ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය සහ දිස්ත්‍රික්කය සඳහන් කරන්න.

මේ වගේම තව කොළයක් තියෙනවා. එම කොළයත් ඉහත සඳහන් ආකාරයටම පුරවන්න ඕනේ.

මේ විදියට තමයි මෝටර් රථයක් පවරා ගැනීමේදී අපි අයදුම්පත්‍රය පුරවන්න ඕනේ. දැනුවත්වීමකින් සහ කල්පනාවෙන් අයදුම්පත්‍රය පුරවනවා නම් කිසිම අපහසුවක් නැතුව ඉක්මනින්ම වගේම හරියටම ඔබට පැවරුම් ලේඛනය පුරවා ගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Wigo 2017 for Sale

Toyota Wigo 2017

29,950 km, Colombo
MEMBER
Rs 6,500,000
2 days ago
Toyota Yaris X Grade 2022 for Sale

Toyota Yaris X Grade 2022

37,000 km, Colombo
verified MEMBER
Rs 10,490,000
2 minutes ago
Mitsubishi Lancer 1984 for Sale

Mitsubishi Lancer 1984

15,366 km, Hambantota
MEMBER
Rs 890,000
3 minutes ago
Hyundai Elantra GLS 2011 for Sale

Hyundai Elantra GLS 2011

157,000 km, Colombo
verified MEMBER
Rs 7,190,000
3 minutes ago
Volkswagen Tiguan 2013 for Sale

Volkswagen Tiguan 2013

100,000 km, Colombo
MEMBER
Rs 11,500,000
1 week ago
Auto Parts for saleikman logo
Alto k10 Tail Lamp for Sale

Alto k10 Tail Lamp

verified MEMBER
verified
Rs 17,000
5 minutes ago
Belta,yaris, Front buffer for Sale

Belta,yaris, Front buffer

verified MEMBER
Rs 20,000
8 minutes ago
Vios Front bumpers for Sale

Vios Front bumpers

verified MEMBER
Rs 18,000
9 minutes ago
+ Post an ad on ikman