Speed Draft ගන්නවද? Leasing එකක් ගන්නවද?

10 Jul, 2024   
Speed Draft ගන්නවද? Leasing එකක් ගන්නවද?

වාහනයක් කියන්නේ අපේ හීන list එකේ උඩින්ම තියෙන දෙයක්. ඉතින් ගොඩක් දෙනා තමන්ගේ වාහන සිහිනය සැබෑ කරගන්න දිවා රෑ බලන්නේ නැතුව මහන්සි වෙනවා. හැබැයි ඇත්තම වාහනයක් ගන්නවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඉතින් ගොඩක් වෙලාවට අපිට වාහනයක් ගන්න වෙන්නේ එක්කෝ leasing එකක් දාලා, එහෙමත් නැත්නම් ණයක් අරගෙන. Leasing ගැන කතා කරනකොට අපිට අමතක කරන්න බැරි තවත් option එකක් තමයි Speed Draft Leasing ක්‍රමය කියන්නේ. ඉතින් අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ Speed Draft සහ Leasing ක්‍රමය අතරින් මොකක්ද හොඳම කියලා.

Vehicle Leasing එකක් කියන්නේ මොකක්ද?

Vehicle leasing එකක් කියන්නේ කල්බදු ගිවිසුමක්. එමඟින් අදහස් වෙන්නේ ඔයා වාහනයක් බද්දට ගන්නවා කියන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනයක් යම් කාල සීමාවකට බදු ගන්නවා කියන අදහස තමයි මෙතැනදී එන්නේ. ඉතින් leasing කරලා වාහනයක් ගන්නකොට ඔයා අත්සන් කරන්නේ කල් බදු ගිවිසුමක්. වාහනයේ leasing වාරික සියල්ල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාට වාහනයේ පූර්ණ අයිතිය ලැබෙන්නේ.

Speed draft කියන්නේ මොකක්ද?

Normal ලීසිං ක්‍රමයට වඩා හාත්පසින්ම වෙනස් ලීසිං ක්‍රමයක් තමයි, speed draft කියන්නේ. හැබැයි සාමාන්‍ය විදියෙම ණය මුදලක්. මේ ලීසිං ක්‍රමයේ වාසි වගේම යම් යම් අවාසිත් තියෙනවා. ඒ අනුව speed draft ලීස් එකක් හොඳද, නරකද කියන දේ depend වෙනවා.

සාපේක්ෂ පිළිතුරක්

Speed draft එකකින් වාහනයක් ගන්න එකද, ලීස් කරලා වාහනයක් ගන්න එකද ගොඩක් හොඳ? ඇත්තටම මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් දෙන්න බැහැ. මොකද වඩාත් හොඳ ලීසිං කරන එකද, speed draft එකක් ලබා ගන්න එකද කියලා තීරණය වෙන්නේ අදාල පුද්ගලයා අනුවයි. වාහනය ගන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා කරන රැකියාව, credit rate එක වගේ විවිධ සාධක මේ පිළිතුරට බලපානවා. ඉතින් ඒ නිසා එකවර තීරණයක් ගන්න කලින් මේ ගැන හොඳින් සිතා බලන්න අමතක කරන්න එපා.

Down payment එක ගැන හිතන්න

ඔයා ගන්න බලාපොරොත්තු වෙන්නේ car එකක්, jeep එකක් හෝ dual purpose vehicle එකක් නම් ලීස් එකකදි ඔයාට finance කරගන්න වෙන්නේ 50%ක් විතරයි. ඒ කියන්නේ වාහනයේ වටිනාකමින් බාගයක් විතරයි ඔයාට ලීස් එක විදිහට ගන්න වෙන්නේ. හැබැයි මෝටර් සයිකයලක්, single cab එකක් වගේ ගන්නවා නම් ඔයාට පුලුවන් වාහනයේ වටිනාකමින් 70%ක ලීසිං පහසුකමක් ලබා ගන්න. නමුත් ලොරි වගේ commercial vehicles සහ electric vehicles වලට 90% දක්වා ලීසිං පහසුකම ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් ඔයා ලීසිං පහසුකම හරහා මිලදී ගන්න ඉන්නේ සාමාන්‍ය car එකක් නම් වාහනයේ වටිනාකමින් 50%ක් අතින් දාන්න වෙනවා. කෙටියෙන්ම කිව්වොත් වාහනයේ වටිනාකමින් 50%ක down payment එකක් ලීසිං සමාගමට කරන්න වෙනවා.
ඔයාගේ අතේ ඒ තරම් මුදලක් නැත්නම් ඔයාට ලීස් එක ගැළපෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඔයාට speed draft පහසුකමකට යන්නම වෙනවා.

Speed draft ක්‍රමයේ අවාසි

Speed draft ක්‍රමයට වාහනයක් ලීස් කළොත් company එක ඔබට ලබා දෙන ණය වාරිකයට අදාළව මාසයට පොළියක් අය කරනවා. මෙතනදි ඔබ ගෙවන්න ඕනේ ඒ පොළිය විතරයි.ඒත් ඔබේ ණය මුදලෙන් සත පහක්වත් අඩු වෙන්නේ නැහැ. අදාළ මාසික පොළියට අමතරව ඔබ තවත් ගාණක් ලීසිං company එකට ගෙවනවා නම්, එතකොට ණය මුදලෙන් ඒ ගෙවන ගාණ අඩු වෙනවා. ඒ විදිහට ගෙවන්නේ නැතුව හැම මාසෙම පොළිය විතරක් ගෙව්වොත් ඔබට වෙන්නේ හැම මාසෙම පොළී ගෙව ගෙව ඉන්න. මොකද ඔබේ ණය මුදල එහෙම්ම තියෙන නිසා.

Speed draft leasing ක්‍රමයේ වාසිය

Normal ලීස් එකක් දැම්මොත් ඒක fixed එකක්. හැබැයි speed draft එකේදී ඔවුන් ගන්නේ මාසික පොළිය විතරයි. අපි කලින් කියපු විදිහට normal ලීස් එකේදී ඔබ කරන්න ගිය දේ speed draft එකේදී කළා කියලා හිතන්නකෝ. ඒ කියන්නේ, ඔබ speed draft ක්‍රමයට ලීස් එක දාලා, සතියකින් විතර ලීස් එක ගෙවලා ඉවර කරන්න හදනවා කියලා හිතන්න. එතනදි ලීසිං company එක ගන්නේ, මාසික පොළිය සහ ණය මුදල විතරයි. මේක තමයි මේ speed draft කියන ලීසිං ක්‍රමයේ තියෙන වාසිය.

Speed draft ක්‍රමය කාටද ගැළපෙන්නේ?

Speed draft ලීසිං ක්‍රමය හොඳටම set වෙන්නේ නිතර නිතර අතේ සල්ලි ගැවසෙන අයට විතරයි. මොකද එතකොට පුළුවන් එක පාර ලීස් එක ගෙවලා ඉවර කරලා ඒක close කරන්න. Normal ලීසිං පහසුකමක් ලබා ගන්නවට වඩා නම් ගොඩක් ඉක්මණින් සහ ලේසියෙන් මේ මූල්‍ය පහසුකම ලබා ගන්න පුළුවන්. තේරුම් ගන්නත් හරිම පහසුයි.

ඔබ වාහනය ගන්නේ business වැඩකට නම්, නැත්නම් අතේ සල්ලි තියෙනවා නම් ඔබට match වෙන්නේ speed draft ලීසිං ක්‍රමය තමයි. හැබැයි ඔබ වාහනය ගන්නේ ගෙදර පාවිච්චියට නම්, නැත්නම් ගෙවාගන්න අමාරුයි වගේ හිතෙනවා නම් speed draft එකක් දාන එක නම් නුවණට හුරු දෙයක් නෙවෙයි.

ඉතින් මේ දේවල් තමයි Speed Draft එකකින් වාහනයක් ගන්නවද, Leasing කරලා වාහනයක් ගන්නවද කියලා තිරණය කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්. දැන් තේරෙනවා නේද වාහනයක් ගන්නවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 5 Seater 2018 for Sale

Honda CRV 5 Seater 2018

86,500 km, Colombo
MEMBER
Rs 19,800,000
1 month ago
Tata Nano Twist XT 2014 for Sale

Tata Nano Twist XT 2014

147,000 km, Colombo
MEMBER
Rs 1,680,000
37 minutes ago
Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025 for Sale

Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 36,990,000
38 minutes ago
Peugeot 3008 2018 for Sale

Peugeot 3008 2018

62,000 km, Kandy
MEMBER
Rs 16,000,000
3 weeks ago
Nissan Sunny B310 1987 for Sale

Nissan Sunny B310 1987

36,000 km, Ampara
MEMBER
Rs 996,000
39 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Mitsubishi Po5 / Po15 Dashboard for Sale

Mitsubishi Po5 / Po15 Dashboard

MEMBER
Rs 30,000
1 hour ago
Toyota shell model LH 51/61 Doors for Sale

Toyota shell model LH 51/61 Doors

MEMBER
Rs 70,000
1 hour ago
Toyota townace CR 26/27 Doors for Sale

Toyota townace CR 26/27 Doors

MEMBER
Rs 380,000
1 hour ago
Toyota Aqua NHP10 Ignition Coil for Sale

Toyota Aqua NHP10 Ignition Coil

verified MEMBER
verified
Rs 8,500
2 hours ago
+ Post an ad on ikman