අවුරුදු 17න් ලයිසන් එක ගමු

12 Oct, 2023   
අවුරුදු 17න් ලයිසන් එක ගමු

‘මං ගන්නවා සුපිරි වාහනයක්’ ඔබත් මේ විදිහට අනන්තවත් හිතලා ඇති. එහෙම හිතන්න වයසක් අදාළ නැහැ. හැබැයි වාහනයක් drive කරන්න නම්, වයස අදාළයි. ඒකට ඔබ ළඟ අනිවාර්යයෙන් තියෙන්න ඕන දෙයක් තමයි, driving licence එක. එහෙනම් අවුරුදු 17 න් licence එක ගමුද? ඒ කොහොමද කියලා CarsGuide අපි, අද ඔබට කියන්නම්.

ලයිසන් එකක් ගන්න, වයස වැදගත්ද?

වාහනයක් ගන්න පොඩි කාලෙ ඉඳලා හීන දැක්කට, ආවට ගියාට වාහනයක් drive කරන්න බැහැ. ඒකට ඔබ ළඟ අනිවාර්යයෙන්ම driving licence එක තියෙන්න ඕනේ. මේ driving licence එක ඔබ ළඟ තියෙනවා කියන්නේ, ඔබ licenced driver කෙනෙක්. ඒ කියන්නේ, ඔබට ඕනම පාරක වාහනයක් drive කරන්න අයිතිය තියෙනවා කියන එක. High speed ගිහින් හරි, ඒ වගේ වෙනත් හේතුවකට හරි ඔබ පොලීසියට අසු වුණොත්, ඔවුන් මුලින්ම ඉල්ලන්නේ, ඔබේ driving licence එක. එහෙම වෙලාවට, ඔබ ළඟ licence එක නැත්නම්, තිබුණත් ඒක expire වෙලා නම්, ඔබට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා, licence එක අනිවාර්යයෙන් වැදගත්. මේක නැතුව ඔබට පොදු මාර්ග වල වාහනයක් drive කරන්න කිසිම අයිතියක් නැහැ.
Licence එක ලබා ගන්න යම් වයස් සීමාවක් තියෙනවා. ඔබට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙනවා නම්, අනිවාර්යයෙන් driving licence එකට apply කරන්න පුළුවන්.

ලයිසන් එක ගන්න අවශ්‍ය වෙන්නේ මොනවද?

ID එක හෝ Passport එක

Licence එක ගන්න නම්, ඔබේ Original ID එක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නැත්නම් ඔබට Passport එක use කරන්නත් පුළුවන්. මේ දෙකම නැත්නම්, ඒ ගැන පොලීසියට complain කරලා, complain copy එකක් අරගෙන licence එක ලබා ගන්න බැහැ. අනිවාර්යයෙන් Original ID එක හෝ Passport එක ඔබ සතුව තියෙන්න ඕනේ.

Original birth certificate එක

ඔබ ළඟ තියෙන Original birth certificate එකේ, වම් පැත්තේ ඉහළ කෙළවරේ ‘නොමිලයේ නිකුත් කරන ලදි’ කියලා තියෙනවා නම්, ඒක driving licence එක ලබා ගන්න වලංගු වෙන්නේ නැහැ. එතනදි ඔබේ ප්‍රදේශයේ AG office (ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය) එකට යම් මුදලක් ගෙවලා, දම් පාට seal එකක් සහිත ඔබේ Original birth certificate එක ලබා ගන්න පුළුවන්. මේක තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නේ.

Medical report එක

Licence එක ලබා ගන්න අවශ්‍ය කරන තව දෙයක් තමයි, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන medical report එක. මේක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුළුවන්.

මෙතනදී ඔබ තව දෙයක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි, ඔබ licence එකට apply කරනකොට, ID එකේ තියෙන adrress එක නැතුව වෙනත් adrress එකක් driving licence එකට add කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ adrress එකේ ඔබ පදිංචි බව සනාථ කරලා ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ.

ලයිසන් එක ගන්නේ කොහෙන්ද?

අපි මේ කියපු ලියකියවිලි සියල්ලම නිවැරදිව හදාගත්තට පස්සේ, ඔබට පුළුවන් licence එකට apply කරන්න. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවට apply කිරීම. අනිත් එක, learners එකක් හරහා apply කිරීම.

Learners එකක් හරහා apply කිරීම

ඔබ ළඟ වාහනයක් නැත්නම්, යම් රියදුරු පුහුණුවක් ලබලත් නැත්නම්, ඔබට පුළුවන්, learners එකක් හරහා apply කරන්න. ඒ කියන්නේ, ඔබේ ප්‍රදේශයේ නැත්නම් ඔබේ දිස්ත්‍රික්කයේ, හොඳම රියදුරු පාසලට ගිහින් licence එක ගන්න apply කරන්න පුළුවන්. එතකොට ඔවුන් ඉල්ලන ලියකියවිලි ගිහින් දෙන්න ඕනේ. රියදුරු පාසල විසින් ඒ ලියකියවිලි මෝටර් රථ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ, ඔවුන් ඔබට

රියදුරු පුහුණුව සඳහා යනකොට ළඟ තියාගන්න කාඩ් එකක් ලබා දෙනවා. එදිනම ලිඛිත පරීක්ෂණයටත් දිනයක් ලබා දෙනවා. මේ exam එකට ලබා දෙන්නේ, mcq paper (බහුවරණ paper) එකක්. සාමාන්‍යයෙන් ඒකෙ අහන්නේ, මාර්ග සංඥා, මංසන්ධි නීති වගේ දේවල් ගැන. මේ exam එක pass වෙන්න නම්, paper එකේ තියෙන mcq 40 න් 30 ක් හරියන්නම ඕනේ. ඒක pass වුණාම එදිනම රියදුරු පුහුණු වීමේ බලපත්‍රය නැත්නම් L board එක ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ, ඔබ drive කරන්න practice වෙනකොට, ඒ වාහනයේ L board එක ගහගෙන යන්නම ඕනේ. ඔබට ලැබෙන මේ L permit එකේ ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න ඕන දිනය සඳහන් කරලා තියෙනවා. ඒ සඳහා පුහුණු වෙන්න සාමාන්‍යයෙන් ඔබට මාස තුනක කාලයක් හම්බ වෙනවා.

මේ පුහුණුව learners එකෙන් හරියටම කෙරෙනවා. ඒ පරීක්ෂණයත් හරියටම pass වුණොත්, ඔබට තාවකාලික රියදුරු බලපත්‍රය ලැබෙනවා. මේක වලංගු වෙන්නේ මාස හයක් වගේ කාලයක් විතරයි. හැබැයි මාස දෙකක් වගේ කාලයක් ඇතුළත තැපෑලෙන් ඔබේ driving licence එක ගෙදරටම එනවා. ඔබ මේ ප්‍රයෝගික පරීක්ෂණය fail වුණත්, නැවතත් රියදුරු පාසල හරහාම apply කරන්න පුළුවන්.

හැබැයි ඔබ අවුරුදු 17 ක කෙනෙක් නම්, ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න පුළුවන්, අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ. ඒ වෙනකං ඔබට drive කරන්න practice වෙන්න පුළුවන්.

මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් apply කිරීම

ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, නැත්නම් ඔබ යම් රියදුරු පුහුණුවක් ලබලා තියෙනවා නම්, පුද්ගලික අයදුම්කරුවෙක් විදිහට, මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් licence එකට apply කරන්න පුළුවන්. මෙතනදිත් අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කළාම, ලිඛිත පරීක්ෂණයට පෙනී ඉන්න දිනයක් දෙනවා. ඒක pass වුණාම L board එක ලැබෙනවා. මෙතනදිත් ක්‍රියාත්මක වෙන්නේ, learners එකක් හරහා apply කරනකොට වෙන process එකම තමයි. හැබැයි, ඔබට ප්‍රයෝගික පරීක්ෂණයට අවශ්‍ය පුහුණුව ලබා ගන්න වෙන්නේ තනිවම. ඒකට මෝටර් රථ දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙන්නේ නැහැ.

ඉතින් මේ විදිහට තමයි, වාහනයක් තියෙන, නැත්නම් වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ, driving licence එක ලබා ගන්න ඕනේ. වාහනයක් drive නොකළත්, එහෙම හීනයක් තියෙන ඔබටත් පුළුවන්, අවුරුදු 17 න් licence එක ගන්න. ඉතින් ඒකට මතක ඇතුව අපි අද කියපු steps අනිවාර්යයෙන්ම follow කරන්න.

Similar Advices



4 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota FJ Cruiser 2014 for Sale

Toyota FJ Cruiser 2014

127,000 km, Colombo
MEMBER
Rs 32,500,000
1 week ago
Maruti Suzuki Zen 2003 for Sale

Maruti Suzuki Zen 2003

50,000 km, Kurunegala
MEMBER
Rs 1,900,000
23 seconds ago
Honda Vezel 2016 for Sale

Honda Vezel 2016

123,706 km, Colombo
MEMBER
Rs 12,500,000
1 week ago
Toyota Land Cruiser Prado VX Full Spec 2025 for Sale

Toyota Land Cruiser Prado VX Full Spec 2025

5 km, Gampaha
verified MEMBER
Rs 68,500,000
1 day ago
Toyota Voxy S Z full spec 2025 for Sale

Toyota Voxy S Z full spec 2025

7 km, Gampaha
verified MEMBER
Rs 34,500,000
1 day ago
Auto Parts for saleikman logo
Toyota Hilux GR Door Cladding for Sale

Toyota Hilux GR Door Cladding

verified MEMBER
verified
Rs 39,500
2 minutes ago
Ford Ranger Steering Eelles T 7 for Sale

Ford Ranger Steering Eelles T 7

verified MEMBER
verified
Rs 112,500
7 minutes ago
Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate for Sale

Ford Ranger T6-T7-T8 2016-22 Tail Gate

verified MEMBER
verified
Rs 48,500
14 minutes ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
25 minutes ago
+ Post an ad on ikman