ගෙදර ඉඳන් වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගමු

15 Aug, 2024   
ගෙදර ඉඳන් වාහන ආදායම් බලපත්‍රය අලුත් කරගමු

Renew your revenue license from the comfort of your home

The average Sri Lankan citizen would have a field day around the city to get their revenue license up to date. Crawling through floors of the Divisional Secretariat office only to wait in line for hours and put the entire day to a tiresome waste. Did you know you could skip all that and get it done from the comfort of your home .

What documents do you need in our conventional method

If you’re planning to crawl through the Divisional Secretariats office then you’re going to need two things.One is your emissions test relevant to the current time period and the second is your proof of insurance.

What documents do you need for the Online method

Just like the conventional method you’re going to need your emissions test and your proof of insurance.In addition all you’re going to need is your old revenue licence. If you have all three of those then you can rest easy.

So what exactly is the process

Visit the Department of Motor traffic website through one of your devices. Filter your selection and select either western province or the relevant province you live in.

Then proceed to choose your language selection depending on your preference. If you have any other issues moving forward contact the department of motor traffic at 1919.To proceed you’ll need to login with a google account, so sign up. Then in the proceeding interface choose license renewal option. Continue with the vehicle registration number.

You will be redirected in this case where you will have to enter your current revenue license number and your vehicle chassis number. After this step the website will continue to show the details relevant to the original owner listing their name and residential address. Keep in mind that these will be listed to the original owner in the case of open papers.

It will proceed to show you the availability to renew your revenue license.Before you move on check which date you revenue license expires.

Use the portal to upload your emissions test and proof insurance and continue to the government paywall. Choose your payment method and verify your payment.

What is this temporary revenue license

Once you have successfully submitted your details you will receive a reference and this is highly important as this is your reference until you get a physical copy of your revenue license. Continue to print the digital copy which you will also receive in email.You can use this as your temporary revenue license until you receive a physical copy as it includes all the information that is present within the original document.

That’s all ! And just like that you have gotten your revenue license hassle free and without spending hours on end in a government office. If you found this useful share this among your loved ones so that they won’t have to waste their time either.

වාහනයක ආදායම් බලපත්‍රය අලුත් කරන්න නම්, සාමාන්‍යයෙන් ඔබ යන්න ඕනේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට නැත්නම් පළාත් කාර්යාලයකට. ඒකටත් ඉතින් නිකම්ම ගිහින් හරි යන්නේ නැහැ. අවශ්‍ය කරන ලියකියවිලි අරගෙන ගිහින්, පෝලිම් වල එහෙම ඉන්න ඕනේ. කොහොමද ගෙදර ඉඳන්ම online ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න පුළුවන් නම්? අනිවාර්යයෙන්ම එහෙම කරන්න පුළුවන්. CarsGuide අපි අද ඔබට කියන්නේ, ගෙදර ඉඳන් වාහන ලයිසන් එක අලුත් කර ගන්නේ කොහොමද කියලා.

සාමාන්‍ය විදිහට ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න අවශ්‍ය documents මොනවද?

Online කතාව ටිකකට අමතක කරමුකො. ඔබ සාමාන්‍ය විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හරි, පළාත් කාර්යාලයකට හරි ගිහින් ලයිසන් එක අලුත් කර ගන්නවා නම් documents දෙකක් ඕන වෙනවා. ඒ තමයි වාහනයේ දුම් පරීක්ෂා සහතිකය සහ වාහනයේ වලංගු රක්ෂණ සහතිකය.

Online ආදායම් බලපත්‍රය අලුත් කර ගන්න අවශ්‍ය documents මොනවද?

වාහනයේ ලයිසන් එක අලුත් කර ගන්නේ online නම්, ඒත් ඔබට ඕන වෙන්නේ, වාහනයේ දුම් පරීක්ෂා සහතිකය සහ වාහනයේ වලංගු රක්ෂණ සහතිකය. ඊට අමතරව මෙතනදි ඔබට පරණ ආදායම් බලපත්‍රයත් ඕනේ. මේ documents තුන තියෙනවා නම්, ඔබට පුළුවන්, online වාහනයේ ලයිසන් එක අලුත් කර ගන්න.

වාහන ලයිසන් එක online අලුත් කර ගන්නේ කොහොමද?

මුලින්ම මෝටර් රථ ප්‍රවාහන පළාත් කොමසාරිස් කාර්යාලයේ වෙබ් අඩවියට යන්න. මේ වෙබ් අඩවියට ගියාම ඔබට දකින්න ලැබෙනවා, Western province කියලා තියෙනවා. මොකද මේක මුලින්ම හඳුන්වා දුන්නේ, බස්නාහිර පළාතට. හැබැයි දැන් නම් ඔබ ලංකාවෙ මොන පළාතක හිටියත් මේ වැඩේ online කර ගන්න පුළුවන්.

මෙතනදි ඔබට සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඕනම භාෂාවක් තෝරාගන්න පුළුවන්කම තියෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් clear නැති තැනක් තිබුණොත්, වැඩි විස්තර අවශ්‍ය වුණොත්, 1919 ට ඇමතුමක් දෙන්න පුළුවන්. වෙබ් අඩවියට ගිහින් ඔබ මුලින්ම login වෙන්න ඕනේ. “ඇතුළු වීම” click කළාට පස්සේ google හරහා login වෙන්න පුළුවන්.

Log වුණාට පස්සේ ලැබෙන interface එකේ “තත්වය පරීක්ෂා කරන්න”, “පළමු බලපත්‍රය”, “බලපත්‍රය අලුත් කරන්න” යනුවෙන් බලා ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය බලපත්‍රය අලුත් කර ගන්න නිසා, “බලපත්‍රය අලුත් කරන්න” කියන තැන click කරන්න. ඊට පස්සේ එන interface එකේ search bar එකේ බස්නාහිර පළාත කියලා තිබුණට, ඔබට කැමති province එකක් select කර ගන්න පුළුවන්. ඊළඟට වාහනයේ ලියාපදිංචි අංකය ඇතුළත් කරන්න ඕනේ.

ඊට පස්සේ පෙර ආදායම් බලපත්‍ර අංකය ලබා දෙන්න ඕනේ. එතනට දැනට ඔබ ළඟ තියෙන ආදායම් බලපත්‍රයේ අංකය ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ වාහනයේ චැසි අංකය. වාහනයේ පොතෙන් හෝ දුම් පරීක්ෂා සහතිකයෙන් ඔබට වාහනයේ චැසි අංකය බලා ගන්න පුළුවන්. මේ අවශ්‍ය විස්තර නිවැරදිව ඇතුල් කළාට පස්සේ ඔබට පුළුවන් පහළින් ඇති “හරි” මත click කරන්න.

ඔන්න ඊළඟට එන interface එකේ ඔබට පෙන්වනවා, ඔබ ළඟ තියෙන වාහනය register කරලා තියෙන්නේ කාගෙ නමටද කියලා. ඊට අමතරව අලුත් කරපු ආදායම් බලපත්‍රය තැපැල් කරන ලිපිනයත් එතන සඳහන් කරලා තියෙනවා. ඔබ ළඟ තියෙන වාහනය ඔබේ නමට register කරලා නැත්නම්, හෝ වෙනත් නමකට register කර transfer කරගෙන transfer papers විතරක් ඔබ ළඟ තියෙනවා නම්, ආදායම් බලපත්‍රය තැපැල් කරන්නේ වාහනයේ නියම අයිතිකරුවට. ඒ කියන්නේ ඔබ ආදායම් බලපත්‍රය අලුත් කළාට ඒක ලැබෙන්නේ වෙන කෙනෙක්ගේ අතට. හැබැයි වාහනය register කරලා තියෙන්නේ, ඔබේ නමට නම් ප්‍රශ්නයක් නැහැ. ඔබට තමයි ආදායම් බලපත්‍රය ලැබෙන්නේ. විස්තර සියල්ල නිවැරදි නම්, “තහවුරු කරන්න” මත click කරන්න.

තහවුරු කළාට පස්සේ ඔබට පෙන්වනවා, වාහනයේ register number එක, දැනට ඇති ආදායම් බලපත්‍රය expire වෙන්නේ කවදද සහ වාහන ආදායම් බලපත්‍රයේ තත්වය. ආදායම් බලපත්‍රයේ තත්වයට පෙන්වන්නේ, අලුත් කළ හැකියි කියලා. එහෙම තියෙනවා නම් “ඉදිරියට” click කරන්න.

ඊට පස්සේ ඔබ වාහනයේ රක්ෂණ සහතිකය සහ දුම් පරීක්ෂා සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. ඔබට කරන්න තියෙන්නේ ඔබේ වාහනය රක්ෂණය කරපු රක්ෂණ සමාගම තෝරා, “වලංගු කිරීම” click කරන්න. දුම් පරීක්ෂා කරපු සමාගම තෝරා, “වලංගු කිරීම” click කරන්න. එතකොට ඔබේ වාහනයේ රක්ෂණ සහ දුම් පරීක්ෂා සහතිකය වලංගු නම් valid කියලා පෙන්වනවා. ඊළඟට බලපත්‍ර ගාස්තුව සහ තැපැල් ගාස්තුව පෙන්වනවා. “ඉදිරියට” click කරන්න.

දැන් ඔබට ගෙවීම් තොරතුරු බලාගන්න පුළුවන්. “ඉදිරියට” click කරන්න. එතනින් ඔබ යන්නේ Sri Lanka Government Payment කියන website එකට. එතනදි ලබා දීලා තියෙන conditions වලට පහළින් “I Accept” click කරන්න. ඊට පස්සේ ඔබේ payment method එක select කරලා payment එක කරන්න ඉදිරියට යන්න පුළුවන්.

මොකක්ද මේ තාවකාලික ආදායම් බලපත්‍රය?

අවසානයේදී ඔබට පෙන්වනවා reference number එකක්. අනිවාර්යයෙන්ම මේක save කරලා තියාගන්න. මොකද අලුත් කරපු ආදායම් බලපත්‍රය ආවෙ නැත්නම් හරි, යම් ප්‍රමාදයක් වුණොත් හරි, මේ reference number එක හරහා තමයි සියලුම විමසීම් කරන්න තියෙන්නේ. ඒ විමසීම් 1919 ට call කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ phone number එකක් ලබා දීලා receipt එක print කර ගන්න. එතනදි “කුවිතාන්සිය මුද්‍රණය කරන්න” click කළාම ඔබේ තාවකාලික වාහන ආදායම් බලපත්‍රය ලැබෙනවා. Original ආදායම් බලපත්‍රයේ ඇතුළත් වෙන විස්තර සියල්ලම වගේ මේකෙත් ඇතුළත් වෙනවා. ඉතින් original ආදායම් බලපත්‍රය තැපෑලෙන් එනකම් ඔබට මේක භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මාසයක කාලයක් මේ තාවකාලික ආදායම් බලපත්‍රය වලංගු වෙනවා. ඔබේ mail එකටත් මේ ආදායම් බලපත්‍රය එනවා. ඒ නිසා ඔබට ඒක print කර ගන්න පුළුවන්.

ඔන්න දැන් ඉතින් ඔබට පුළුවන්, එහේ මෙහේ නොයා ගෙදර ඉඳන්ම වාහනයේ ලයිසන් එක අලුත් කරගෙන ගෙදරටම ගෙන්නගන්න. Traffic නෑ, පෝලිම් නෑ, කිසිම ප්‍රශ්නෙකුත් නෑ. මොකද අපි අද ඔබට අකුරක් නෑර step by step කිව්වා, ගෙදර ඉඳලා ආදායම් බලපත්‍රය කොහොමද අලුත් කර ගන්නේ කියලා. අමතක නොකර ඔබ දන්න කියන අය එක්කත් මේක share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota CHR 2017 for Sale

Toyota CHR 2017

114,500 km, Colombo
MEMBER
Rs 13,850,000
3 weeks ago
Tata Nano Twist XT 2014 for Sale

Tata Nano Twist XT 2014

147,000 km, Colombo
MEMBER
Rs 1,680,000
38 minutes ago
Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025 for Sale

Ford Raptor Ranger 2.0 DIESEL BRAND NEW 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 36,990,000
40 minutes ago
Peugeot 3008 2018 for Sale

Peugeot 3008 2018

62,000 km, Kandy
MEMBER
Rs 16,000,000
3 weeks ago
Nissan Sunny B310 1987 for Sale

Nissan Sunny B310 1987

36,000 km, Ampara
MEMBER
Rs 996,000
40 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Mitsubishi Po5 / Po15 Dashboard for Sale

Mitsubishi Po5 / Po15 Dashboard

MEMBER
Rs 30,000
1 hour ago
Toyota shell model LH 51/61 Doors for Sale

Toyota shell model LH 51/61 Doors

MEMBER
Rs 70,000
1 hour ago
Toyota townace CR 26/27 Doors for Sale

Toyota townace CR 26/27 Doors

MEMBER
Rs 380,000
2 hours ago
Toyota Aqua NHP10 Ignition Coil for Sale

Toyota Aqua NHP10 Ignition Coil

verified MEMBER
verified
Rs 8,500
2 hours ago
+ Post an ad on ikman