නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද?

06 Mar, 2024   
නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද?

ලංකාවේ වාහනයක් drive කරන්න තියෙන්නම ඕනේ දෙයක් තමයි ආදායම් බලපත්‍රය කියන්නේ. ආදායම් බලපත්‍රය නැතිව අපිට පාරේ වාහනයක් drive කරන්න කිසිම අයිතියක් නැහැ. ඉතින් ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වෙලාද? එහෙමත් නැත්නම් ආදායම් බලපත්‍රයට හානි වෙලාද? අද CarsGuide තුළින් අපි කියන්නේ නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය නැවත හදාගන්නේ කොහොමද කියලා.

වාහන බලපත්‍රයක ඇතුළත් කරුණු

නැති වුණු එහෙමත් නැත්නම් හානි වුණු වාහන බලපත්‍රයක් නැවත ලබා ගන්න කළින් අපි බලමු වාහන බලපත්‍රයක ඇතුළත් වෙන කරුණු මොනවාද කියලා. වාහන බලපත්‍රයක, වාහනයට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා.
ඒවා තමයි,
– ආදායම් බලපත්‍රය අවසන් වන දිනය සහ වර්ෂය
– වාහනේ මාදිලිය
– ආදායම් බලපත්‍රය නිකුත් කරන දිනය
– දුම් පරීක්ෂණ සහතිකයේ අංකය
– වාහන අංකය බලපත්‍ර අංකය
– ආදායම් බලපත්‍රය ආරම්භ වන දිනය
– වාහන හිමිකරුගේ නම හා ලිපිනය

වාහන බලපත්‍රය damage වෙන විදි

වාහන බලපත්‍රය damage වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඔයා වාහනය service කරද්දී බලපත්‍රය වතුරට තෙමිලා ඉරෙන්න පුළුවන්. වාහන බලපත්‍රය වාහනයේ cabin වල තියපු වෙලාවක මීයන් වැනි සතුන්ට අහු වුණොත් බලපත්‍රය විනාශ වෙනවා. ඒ වගේම වාහනයේ පොඩි ළමයින් යද්දී බලපත්‍රය අහුවුණොත් මේක බේරගන්න තවත් අමාරුයි. මොකද ළමයින්ට මොකක් හරි අහුවුණොත් ඒක ඉරලා දානවා. ඒ වගේම සමහර විට ඔයාගේ අතින් කොහේදී හරි බලපත්‍රය නැති වෙන්නත් පුළුවන්. මෙන්ම මේ දේවල් වලින් තමයි වාහන බලපත්‍රය damage වෙන්නේ. ඉතින් ඔයා වාහනය service කරද්දී වාහන බලපත්‍රය ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ළමයින්ට අහුවෙන්නේ නැති තැනක තියා ගන්නත් වග බලා ගන්න ඕනේ.

නැති වුණු හෝ හානි වුණු බලපත්‍රය expire වෙලාද?

නැති වුණ හෝ හානි වුණු වාහන බලපත්‍රයක් නැවත හදද්දී අපි මුලින්ම බලපත්‍රය expire වෙන්නේ කවදා ද කියලා බලන්න ඕනේ. මේ වෙද්දීත් වාහන බලපත්‍රය expire වෙලා නම් වාහන බලපත්‍රය හදන්න ඕනේ අනෙක් අවුරුද්දටයි. ඔයාට වාහන බලපත්‍රයේ expire වෙන්නේ කවදාද කියලා මතක නැත්නම් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට ඇමතුමක් ලබා දීලා බලපත්‍රය expire වෙන්නේ කවදාද කියලා බලාගන්න පුළුවන්.

වාහන බලපත්‍රය නැවත ලබා ගන්න අවශ්‍ය කරන ලියකියවිලි

ඔයාගේ ආදායම් බලපත්‍රය නැති වුණාම ඔයාට නැවත ආදායම් බලපත්‍රයක් හදාගන්න ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. ඒ අනුව වාහනයේ
– ලියාපදිංචි සහතිකය
– වාහනයට අදාළ රක්ෂණ සහතිකය
– වාහන යෝග්‍යතා සහතිකය
– වාහන දුම් පරීක්ෂණ සහතිකය
අවශ්‍ය වෙනවා. ඉතින් ඔයා මුලින්ම ආදායම් බලපත්‍රය ලබා ගන්න අවශ්‍ය කරන මේ ලියකියවිලි ටික සුදානම් කරගන්න ඕනේ.

මොකද කරන්න ඕනේ?

ඔයා මුලින්ම කරන්න ඕනේ වාහන බලපත්‍රය නැති වූ බව පොලිස් පැමිණිල්ලක සඳහන් කරන එක. ඊට පස්සේ මේ පොලිස් පැමිණිල්ලයි අනෙක් අවශ්‍ය කරන ලියකියවිලි ටිකයි අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ ඔයාට form එකක් ලබා දෙනවා. ඔයා මේ form එක සම්පූර්ණයෙන් නිවැරදිව පුරවන්න ඕනේ. මේ form එකේ ඔයාට පුරවන්න තියෙන්නේ ,

– වාහනයේ අංකය
– වාහනය හිමිකරුගේ නම
– වාහනයේ engine අංකය
– ආදායම් බලපත්‍රය නැති වූ දිනය
– වාහනයේ චැසි අංකය
– පැමිණිල්ල සිදු කළ පොලිසිය
– පැමිණිලි කළ දිනය
– වාහනයේ හිමිකරුගේ නම

මේ තොරතුරු නිවැරදිව පුරවලා නැවත ලබා දුන්නාම, ඔයාට නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍රය වෙනුවට නව ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්.

මේ විදිහට තමයි, නැති වුණු හෝ හානි වුණු ආදායම් බලපත්‍ර නැවත ලබා ගන්නේ. ඔයාගේ ආදායම් බලපත්‍රයත් නැති වෙලා නම් අපි අද කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්

Similar Advices



1 comment

  1. තාත්තගෙ බයික් එකෙ ආදායම් බලපත්‍රය මගෙ අතින් නැති වූ විට පොලිසියෙ ඇන්ට්‍රිය දැමීමට වාහනෙ අයිතිකරුම යා යුතුද? පොලීසියට

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2017 for Sale

Suzuki Wagon R Stingray 2017

83,850 km, Gampaha
MEMBER
Rs 6,600,000
1 week ago
Toyota Vitz 2015 for Sale

Toyota Vitz 2015

143,000 km, Gampaha
MEMBER
Rs 7,225,000
33 seconds ago
DFSK Glory 2021 for Sale

DFSK Glory 2021

18,500 km, Colombo
MEMBER
Rs 11,000,000
51 seconds ago
Hyundai Grand i10 2024 for Sale

Hyundai Grand i10 2024

0 km, Colombo
verified MEMBER
Rs 8,900,000
1 minute ago
Land Rover Range Velar Premium R Dynamic 2018 for Sale

Land Rover Range Velar Premium R Dynamic 2018

45,000 km, Colombo
verified MEMBER
verified
Rs 49,450,000
1 minute ago
Auto Parts for saleikman logo
Land Rover Discovery Parts for Sale

Land Rover Discovery Parts

verified MEMBER
verified
Rs 96,500
1 week ago
Toyota Yaris Smart Key for Sale

Toyota Yaris Smart Key

verified MEMBER
verified
Rs 35,000
1 minute ago
Honda Vezel Tyre 215/55/17 for Sale

Honda Vezel Tyre 215/55/17

MEMBER
Rs 10,000
7 minutes ago
Car Audio Set Up for Sale

Car Audio Set Up

MEMBER
Rs 90,000
2 days ago
Honda CD 200 2015 Seat for Sale

Honda CD 200 2015 Seat

MEMBER
Rs 30,000
16 minutes ago
+ Post an ad on ikman