වාහනයක් modify කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඇයි?

19 Feb, 2024   
වාහනයක් modify කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඇයි?

වාහනයක් modify කරනවා කියන්නේ වාහනයේ පෙනුම, performance සහ manufacturer ගේ original වාහනයේ තිබ්බ කොටස් වෙනස් කරලා හදන එකට. Modifications වලින් drivers ලට ඔවුන්ගේ අවශ්‍යතා අනුව වාහනය customize කරන්න, performance සහ fuel economy එක වැඩි දියුණු කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම ගොඩක් අය වාහනය modify කරන්න කලින් හිතලා බලන්නේ නැහැ. ඒකෙන් වාහනයට සහ තමන්ට වෙන බලපෑම ගැන. ඉතින් ඒ නිසා ඔයා වාහනයක් modify කරන්න කලින් හැමදේම ගැන හිතලා බලන්න ඕනේ. මොකද වාහනයක යනකොට ඔයාට අනතුරක් වෙන්න පුළුවන් හැකියාවත් වැඩි නිසා. ඉතින් අද CarsGuide අපි කියන්නේ ඒ විදිහට වාහනයක් modifications කරද්දී දෙපාරක් හිතලා බලන්න ඕනේ ඇයි කියලා.

Legality එක ගැන බලන්න

ලංකාවේ ගොඩක් modifications restrictions වලට මුහුණ දෙනවා RMV එක වෙනස් කරන regulations නිසා. එකත් එක්ක් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පොලිසීයෙන් නවත්තපු වේලාවක ලියන්න තියෙන හැකියාව වැඩි.

උදාහරණ විදිහට tint,body modifications, Colour change, Wheels change, Lights දක්වන්න පුලුවන්.

අවධානම ගැන බලන්න

ඔයාගේ හිතුමනාපෙට වාහනයක් modify කරන්න බැහැ . ඔයා කරන සමහර modifications වාහනයේ ආරක්ෂාවට කොයිතරම් බලපානවද කියලා බලන්නත් ඕනේ. ඉතින් ඔයා එදිනෙදා වාහනය පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා කරන modifications කොයිතරම් දුරට සාර්ථකද කියලා බලන්න මතක තියාගන්න. මොකද ඔයා කොච්චර modification කළත් ඒ දේවල් වලින් වාහනයට බලපෑමක් වෙනවානම්, ඔයාව අවධානමකට ලක් වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි නම් ඒ දේවල් වැඩක් නැහැ.

Value එක ගැන බලන්න

වාහනයක් modify කරන එකෙන් වාහනයේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම ආකර්ෂනයටත් හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් modifications නිසා වාහනයේ original price එකට වඩා වැඩි වටිනාකමක් වාහනයට එකතු වෙනවා. හැබැයි වටිනාකම වැඩි වුණත් ඔයාට විකුණන්න යද්දී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද අපි මේ modifications කරන්නේ තමන්ගේ කැමැත්තට නිසා. ඒ නිසා ඒ modifications වලට තව කෙනෙක් කැමති වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

කොයිතරම් දුරට වටිනවද කියලා බලන්න

වාහනය modify කළාට පස්සේ එන පෙනුම කොයිතරම් ලස්සන වුණත් සමහර modifications කාලයක් යද්දී කරදරයක් වෙන්න පුළුවන්. ඒ වගේම කල් ඉකුත් වෙන්න පුළුවන්. එතකොට ඔයාට කාලයත් එක්ක වෙනස් කරන්න හිතෙන්න පුළුවන්. කාලයක් යද්දී වාහනයේ විවිධ ශබ්ද ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම modify කරපු engine වලට මිල අධික fuel අවශ්‍ය වෙනවා. ඒ වගේ මුදලක් ඔයාට දරන්න පුළුවන්ද කියලත් හිතලා බලන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම වාහනය modify කරන්න හිතන් ඉන්නවා නම්, වාහනයේ හැම කොටසක් ගැනම අවධානය දෙන්න.

Insurance Company එක දැනුවත් කරන්න

ඔයා වාහනය modify කරන්න හිතනවා නම් ඔයාගේ insurance provider ට කල් තියා දැනුම් දෙන්න ඕනේ. ඒකෙන් modifications කරන්න යන වියදම ඔයාට බලපාන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන්. එතකොට ඔයාට තීරණය කරන්න පුළුවන් මේ වගේ ගාණක් මට දරන්න පුළුවන්ද කියලා. ඒ වගේම ඕනෙම වාහනයක පෙනුම සහ performance වෙනස් කරන ඕනෙම modification එකක් insurance provider විසින් තක්සේරු කරන්නත් ඕනෙ. මේකට හේතුව තමයි අනතුරක් වෙන්න පුළුවන් වැඩි අවධානමක් තියෙන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම වාහනේ modify කරන්න කලින් ඔයාගේ insurance Company එක ඒ ගැන දැනුවත් කරන්න.

Warranty එක ගැන බලන්න

Warranty එකක් තියෙන එකෙන් වාහනය මොකක් හරි අනතුරකට ලක් වුණොත් නොමිලේ අලුත්වැඩියාවක් හෝ මුදල් ආපසු ගෙවීමක් කරගන්නත් ඔයාට පුළුවන් වෙනවා. ඒත් ඔයා වාහනය modify කරන එකෙන් ඔයාගේ warranty එක cancel වෙන්න පුළුවන්. Modify කරන්න අදහස් කරන වාහනයක් මිලදී ගන්නකොට, ඒක warranty එකට බලපාන්නේ කොහොමද කියන දේ distributor එක්ක කතා කරගන්නත් මතක තියාගන්න.

Modify කරපු වාහනයක් ගන්නවා නම් check කරන්න

Modify කරපු වාහනයක් ගන්නවා නම් seller එක්ක වාහනය check කරන්න මතක තියාගන්න. වාහනයට කරලා තියෙන modifications මොනවද කියලා හැමදේම ගැනත් ඔයා දැනගන්න ඕනේ. ඒ වගේම ඒ දේවල් එකින් එක හරියට වැඩ කරනවද කියලා check කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අවශ්‍ය ලියකියවිලි හැමදේම ගැනත්, වාහනය වෙනස් කිරීමේදී insurance provider ව දැනුවත් කළාද කියන දේවල් ගැනත් අහන්න ඕනේ.

මෙන්න මේ නිසා තමයි ඔයා වාහනයක් modify කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. ඉතින් දැන් ඔයාට පුළුවන් වාහනයක් modify කරන්න කලින් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 1800cc RS3 S-Line 2016 for Sale

Audi A3 1800cc RS3 S-Line 2016

36,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,790,000
6 days ago
Mitsubishi Montero 2004 for Sale

Mitsubishi Montero 2004

142,000 km, Colombo
MEMBER
Rs 13,650,000
4 minutes ago
Nissan Patrol Y61 2015 for Sale

Nissan Patrol Y61 2015

135,000 km, Colombo
MEMBER
Rs 33,500,000
1 month ago
BMW 730Ld 2011 for Sale

BMW 730Ld 2011

88,000 km, Colombo
verified MEMBER
Rs 28,000,000
8 minutes ago
Honda Fit Shuttle 2012 for Sale

Honda Fit Shuttle 2012

215,000 km, Gampaha
MEMBER
Rs 8,500,000
9 minutes ago
Auto Parts for saleikman logo
Moter Bike Side Carry Box for Sale

Moter Bike Side Carry Box

MEMBER
Rs 30,000
5 days ago
Hero Dash Body Kit for Sale

Hero Dash Body Kit

MEMBER
Rs 15,000
45 minutes ago
car interio wrapping for Sale

car interio wrapping

verified MEMBER
Rs 0
51 minutes ago
Toyota Dolphin Van Back Door for Sale

Toyota Dolphin Van Back Door

MEMBER
Rs 20,000
1 hour ago
+ Post an ad on ikman