Electric වාහනයක් petrol වලට convert කරන්න පුලුවන්ද?

28 Jun, 2023   
Electric වාහනයක් petrol වලට convert කරන්න පුලුවන්ද?

ඔබට තියෙන්නෙ Electric වාහනයක්ද? එහෙනම් ඉතින් බැටරිය full charge කළහම ඔබට ගමනක් ගිහිං එන්න පුළුවන්. හැබැයි මේ තියෙන ආර්ථික තත්වය ගැන හිතලා ඔබේ Electric වාහනේ පෙට්‍රල් වලට මාරු කර ගන්න පුළුවන්ද? එහෙම කළොත් අනික් පැත්තට ඒක වාහනේට මොනවා හරි බලපෑමක් කරයිද? ඔව්, අද අපි CarsGuide තුළින් කතා කරන්නෙ, Electric වාහනයක් petrol වලට convert කරන්න පුළුවන්ද? ඒකෙන් වාහනේට බලපෑමක් වෙයිද කියන දේ ගැන.

Electric වාහන කියන්නෙ මොනවටද?

අද වෙනකොට Electric වාහන වලට, car, සියලු ප්‍රමාණයේ ට්‍රක් රථ සහ අවම වශයෙන් අර්ධ ලෙස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන විශාල ට්‍රැක්ටර් ට්‍රේලර් පවා ඇතුළත් වෙනවා. අනිත් එක තමයි, Electric වාහන charge කරන්න පුළුවන්. ප්‍රධානම ඒකකය තමයි, බැටරිය.

Electric වාහන ප්‍රධාන කාණ්ඩ තුනකට වර්ග වෙනවා:

1) All-electric vehicle (AEV)
2) Plug-in hybrid electric vehicle (PHEV)
3) Gasoline-powered new car

Electric වාහනයක් petrol වලට convert කරන්නෙ කොහොමද?

ඇත්තටම Electric වාහනයක් petrol වලට convert කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු ඒක කරන්නෙ කොහොමද කියලා.
Electric වානහයක ප්‍රධානම ඒකකය වෙන්නෙ බැටරිය කියලා අපි ඔබට කිව්වා. මේ EV බැටරියේ විශාල බරක් තියෙනවා. ඉතින් වාහනයේ බරත් manage කරනකොට, බැටරියට ලොකු බරක් හම්බෙනවා. ඒ නිසා තමයි floor board එකේ බැටරිය සවි කරලා තියෙන්නෙ. ඔබේ අවශ්‍යතාවය මත මේ බැටරිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා, power train එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා petrol engine එකක කොටසක් තියන්න පුළුවන්.

Petrol වලට convert කිරීමෙන් වාහනයට මොකද වෙන්නෙ?

අපි Electric වාහනයක් පෙට්‍රල් වලට convert කළහම වාහනයේ calculation සේරම වෙනස් වෙනවා. වාහනේ drive කරන්න පුළුවන්, හැබැයි අඩු වේගයකින්. ඊට කළිං නම්, වාහනේ බරත් manage කළෙත් බැටරියනෙ. ඒත් බැටරිය ඉවත් කරපු නිසා බර manage වෙන්නෑ. මේ හේතුව නිසා තවත් බොහෝ අතුරු ප්‍රතිඵල ඇති කරනවා. ඉහළ ධාවන වේගයකදි හෝ යම් ඕනෙම වේගයකදි වාහනය grip වීම, tractioning වලට බලපෑමක් ඇති වීම වගේ දේවල් තමයි මේකෙදි සිද්ධ වෙන අතුරු ප්‍රතිඵල. tractioning වලට බලපෑමක් ඇති වෙනවා කියන්නෙ steady නැතුව යන්න පුළුවන්. යම් වේග තත්ත්ව වලදි ඒක ආරක්ෂාවට ඉතා තදින් බලපාන දෙයක්.

ඉංජිනේරුවන් විසින් අනුමත කරපු ක්‍රමයක්ද?

ඉන්ධන ප්‍රශ්න නිසා, බැටරි වල ප්‍රශ්න නිසා, ඔබ මේ වගේ electric වාහනයක් petrol වලට convert කිරීම වගේ option එකකට ගියාට, ඒක කිසිම විටෙක ඉංජිනේරුවන් විසින් අනුමත කරන ක්‍රමවේදයක් නෙවෙයි. හේතුව තමයි වාහනයක් කිව්වම, වාහනේ ඇතුළෙ ඉන්න අයගෙ වගේම පාරෙ යන එන අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන්න ඕනෙ. Accident එකකදි protection වෙන්න ඕනෙ ක්‍රම තියෙනවා. ඒ විදියට engineering plan එකකට තමයි, science එකකට තමයි වාහනේ හදලා තියෙන්නෙ. ඒක මේ modification එකේදි සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

අපි අද කියපු හැම දේකින්ම කියන්න පුළුවන්, Electric වාහනයක් petrol වලට convert කිරීම, ඉන්ධන භාවිතයට තාවකාලික විසඳුමක් දුන්නත්, ඒක ඉතා සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා. ඒ නිසා සදාකාලිකත් නැති තාවකාලික විසඳුමක් ලබා ගන්න, වාහනේ විකෘති නොකරන්න ඔබම වග බලාගන්න ඕනෙ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 318i M Sport 2016 for Sale

BMW 318i M Sport 2016

102,000 km, Colombo
MEMBER
Rs 20,900,000
1 day ago
BMW 318i Luxury Line 2018 for Sale

BMW 318i Luxury Line 2018

58,000 km, Kalutara
MEMBER
Rs 24,500,000
1 hour ago
Toyota Raize 1.2L Hybrid ( EV) 2025 for Sale

Toyota Raize 1.2L Hybrid ( EV) 2025

verified MEMBER
Rs 14,150,000
1 hour ago
Toyota Yaris 2008 for Sale

Toyota Yaris 2008

135,000 km, Colombo
verified MEMBER
Rs 6,850,000
1 hour ago
Kia Sorento 1 to 24 Facelift 2017 for Sale

Kia Sorento 1 to 24 Facelift 2017

155,000 km, Colombo
verified MEMBER
Rs 24,500,000
6 days ago
Auto Parts for saleikman logo
Land Rover Oil filter for Sale

Land Rover Oil filter

verified MEMBER
verified
Rs 3,200
2 hours ago
Land Rover Fuel Filter for Sale

Land Rover Fuel Filter

verified MEMBER
verified
Rs 4,750
2 hours ago
Toyota Kdh Front Wheel Hub (NS K) for Sale

Toyota Kdh Front Wheel Hub (NS K)

verified MEMBER
Rs 24,500
4 hours ago
+ Post an ad on ikman