වාහනයේ සයිලන්සරය modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්

28 Jul, 2023   
වාහනයේ සයිලන්සරය modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්

ඔබ ළඟ තියෙන වාහනය, පාරෙ යන එන වාහන මේ හැම වාහනයක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ, Exhaust System එකක් සහිතව. බොහෝ වෙලාවට ඔබ මේ Exhaust System එහෙමත් නැත්නම්, silencer එක modify කරනවා. නමුත් මේ silencer එක modify කිරීමෙන් වාහනයට විශාල හානියක් ඇති කරන බව ඔබ දන්නවාද? නොදැනුවත්වම ඔබ, වාහනයට ලොකු හානියක් කරනවා. ඒ නිසා CarsGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ, වාහනයේ silencer එක modify කරන්න කලින් හිතන්නම ඕන දේවල් ගැන.

මොකක්ද මේ Silencer කියන්නේ?

ඕනම වාහනයක භාවිතා වන ඉන්ධන වර්ගය කුමක් වුණත් අනිවාර්යයෙන්ම exhaust system එකක් නැත්නම්, silencer එකක් තියෙනවා. ඉන්ධන දහනය වුණාට පස්සේ, විෂ වායූන් වගේම විෂ නොවන වායූන්ද engine එක තුළ අඩංගු වෙනවා. Silencer එක මඟින් සිදු කරන්නේ, මෙම වායූන් පරිසරයට මුදා හැරීමයි. මෙතනදි engine එක ක්‍රියාත්මක වන විට, විශාල ශබ්දයක් නිකුත් වෙනවා. ඒ නිකුත් වන ශබ්දය පරිසරයට හානියක් නොවන ලෙස අඩු කිරීම සඳහා තමයි, silencer එක තියෙන්නේ.

Repair කරන්න එපා

Silencer එකේ කොටසක් හෝ දිරාපත් වෙලා තියෙනවා නම්, repair කරන්නේ නැහැ. ඒ වර්ගයේම කොටසක් නැවත සම්බන්ධ කිරීම තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. නමුත් සමහර වෙලාවට, ඒ වාහනයේ වර්ගයේම silencer එකක් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක, නිවැරදි technical knowledge එකක් ඇති පුද්ගලයෙකු විසින් තීරණය කරන්න ඕනේ, මොකක්ද කරන modify එක කියලා. එහෙම නැතුව, ඔබ හිතුමතේට silencer එක modify කළොත් වාහනයට හානියක් වෙන්න පුළුවන්.

Maintain කරන්න ඕනේ නැද්ද?

සාමාන්‍යයෙන් බොහෝ දෙනා වාහනයක් maintain කරන විට, මොන දේවල් service කළත්, silencer එක ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. හැබැයි silencer එක හදලා තියෙන්නේ, යම්කිසි technology එකකට. ඒ නිසා මේ exhaust system එක maintain කරන්න ඕනේ. එහෙම නැත්නම්, පරිසරයට, වාහනයට හානිදායක වෙන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන අපතේ යාමක්ද සිදු වෙන්න ඉඩ තියෙනවා.

Maintain කළ යුතු බව දැන ගන්නා ආකාරය

Engine එකෙන් නිකුත් වන ශබ්දය

වෙනදාටත් වඩා engine එකෙන් වැඩි ශබ්දයක් නිකුත් වෙනවා නම්, අනිවාර්යයෙන්ම silencer එකට යම් හානියක් සිදු වෙලා තියෙනවා.

Fuel efficiency එක අඩු වීම

වාහනය පෙරටත් වඩා fuel use කරනවා නම්, ඒක වාහනයේ exhaust system එකේ නැත්නම්, silencer එකේ leak වීමක් පෙන්නුම් කරනවා. මේ මඟින් වාහනයේ fuel efficiency අඩු කරනවා. අනිත් දේ තමයි, silencer එකේ leak වීම වාහනයේ තවත් ගැටලු රාශියකට හේතු වෙන්න පුළුවන්.
මේ දේවල් ඔබේ වාහනයෙත් සිදු වෙනවා කියන්නේ, අනිවාර්යයෙන්ම silencer එක maintain කරන්න ඕනේ.

Silencer එක maintain කිරීමේ වාසි මොනවාද?

Engine එකේ performance වැඩි වීම

Engine performance සඳහා silencer එක ඔබේ වාහනයේ engine එකට අත්‍යාවශ්‍ය system එකක්. Silencer එක maintain කිරීම නිසා, එහි ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඒ වගේම engine එකට වඩා හොඳින් ක්‍රියා කිරීමටත් ඉඩ ලබා දෙනවා.

ඉන්ධන ඉතිරි කිරීම

Silencer එකට යම් හානියක් සිදු වෙලා නම්, විශේෂයෙන්ම ඉහත සඳහන් කළ පරිදි leak එකක් තියෙනවා නම්, engine එක වෙනදාට වඩා fuel use කරනවා. ඒ නිසා අලුත් silencer එකක් දැමීම, ඉන්ධන ඉතිරි කර ගැනීමට උදව් වෙනවා. අනිත් දේ තමයි, අලුත් exhaust system එක මඟින් පිටුපස පීඩනය වැඩි කළ හැකි අතර එමඟින් engine එක දැඩි ලෙස ක්‍රියා කරනවා. ඒ නිසා fuel efficiency එක වැඩි වෙනවා. ඒ වගේම අලුත් exhaust system එක මඟින් mileage එකත් වැඩි කරනවා.

Silencer එක modify කිරීමේ අවාසි මොනවද?

බොහෝ දෙනා, silencer එක modify කරනවා කියලා කරන්නේම, silencer එකේ ශබ්දය වැඩි කිරීම වගේ දේවල්. විනෝදය සඳහා මෙවැනි modification සිදු කළත්, ඒ දේවල් වලින් silencer එකට විශාල හානියක් සිදු වෙනවා.

ශබ්දය වැඩි කරන modifications වලදි අපිට silencer එකෙන් ඇහෙන්නේ, airborne noise එකක්. එනම්, වායුව කම්පනය වෙලා නිර්මාණය වෙන ශබ්දයක්. මේ airborne noise එක exhaust එකේ තියෙන silencer එකෙන් ඉවතට එන විට, structure borne noise එක බවට convert වෙනවා. මේ හේතුවෙන් සමස්ත silencer එකම කම්පනය වෙන්න පටන් ගන්නවා. ඒ ඇති වන කම්පනය දැනෙන්නේ, engine එකට. මේ හරහා engine එකේ ඉන්ධන දහනය, performance සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.

තවත් modification එකක් තමයි, Silencer එකට කොටස් සම්බන්ධ කිරීම. මේකෙදී සිදු කරන්නේ, silencer එකේ කොටසක් ඉවත් කර ඇත්නම් හෝ දිරා ගොස් ඇත්නම්, එම කොටස ඉවත් කර ඒ වෙනුවට වෙනත් කොටසක් සම්බන්ධ කරන එක. මෙහිදී silencer එක tube එකක් ලෙස පහසු ආකාරයට නැවීමක් සිදු කරනවා.
එමඟින් exhaust gas එකේ flow එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. මේ විදිහට silencer එකේ හැඩය වෙනස් කිරීම, diameter එක වෙනස් කිරීම වගේ දේවල් engine එකට බලපානවා. මොකද engine එකේම ශක්තිය භාවිතා කරමින් තමයි, මේ exhaust gas එක පිට වෙන්නේ.

සමහර වෙලාවට, බලාපොරොත්තු නොවන විදිහට exhaust gas එක silencer එකේ load වුණොත්, engine එකට සම්පූර්ණ exhaust gas එක පිට කිරීමට හැකියාවක් නැහැ. මේ විදිහට දැනටමත් engine එක තුළ exhaust gas ඇති නිසා, ලබා ගන්නා වායු ප්‍රමාණය අඩු වෙලා දහනය අසාර්ථක වෙනවා.

දැන් ඔබ දන්නවා නේද, එච්චර හිතන්නේ නැතුව, silencer එකේ සිදු කරන modifications වලින් කොතරම් හානියක් වෙනවද කියලා. ඒ නිසා silencer එක modify කරනවා කියන එක ගැන තව හිතන්න. නමුත් silencer එක maintain කරන එක නොසළකා හරින්න එපා. මොකද ඒක, වාහනයට හානියක් කරන්නේ නැති නිසා. එහෙනම් මතක ඇතුව අපි අද කියපු දේවල්, silencer එක modify කරන්න කලින් අනිවාර්යයෙන් හිතන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Civic TechPack RS Sensin 2020 for Sale

Honda Civic TechPack RS Sensin 2020

77,000 km, Gampaha
MEMBER
Rs 14,990,000
1 week ago
Honda Vezel Z Grade Brand New 2025 for Sale

Honda Vezel Z Grade Brand New 2025

0 km, Colombo
verified MEMBER
Rs 20,990,000
1 week ago
Honda Vezel Z UNREGISTERED 2025 for Sale

Honda Vezel Z UNREGISTERED 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 22,550,000
13 minutes ago
Ford Raptor Ranger Brand new 2025 for Sale

Ford Raptor Ranger Brand new 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 36,500,000
13 minutes ago
Toyota Premio G Superior 2015 for Sale

Toyota Premio G Superior 2015

137,000 km, Gampaha
MEMBER
Rs 14,950,000
17 minutes ago
Auto Parts for saleikman logo
Nissan Caravan E24 Brake Booster for Sale

Nissan Caravan E24 Brake Booster

verified MEMBER
Rs 45,000
1 week ago
KDH Break Light for Sale

KDH Break Light

MEMBER
Rs 22,000
11 minutes ago
Toyota Vitz 3L Motor Oil Filter Package for Sale

Toyota Vitz 3L Motor Oil Filter Package

verified MEMBER
Rs 16,250
1 month ago
Toyota ATF-WS Oil 4l for Sale

Toyota ATF-WS Oil 4l

verified MEMBER
Rs 21,550
3 weeks ago
Bridgestone Fied 15 Inches Alloy Wheel for Sale

Bridgestone Fied 15 Inches Alloy Wheel

MEMBER
Rs 10,500
3 hours ago
+ Post an ad on ikman