ලයිසන් එක ගන්න කලින් හිතන්නම ඕනේ දේවල්

13 Nov, 2023   
ලයිසන් එක ගන්න කලින් හිතන්නම ඕනේ දේවල්

අපි හැමෝම අද වෙනකොට ගොඩක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මේ කාර්යබහුලකමත් එක්ක අපි අපේ වැඩ තනියම කරගන්න ලේසි විදි හොයනවා. මේ විදිහට අපේ වැඩ ලේසි කරගන්න පුලුවන් විදිහක් තමයි වාහනයක් කියන්නේ. ඉතින් වාහනයක් පාරට දාන්න නම් අපිට ලියකියවිලි කිහිපයක්ම අවශ්‍ය වෙනවා. මේ අතරින් නිත්‍යානුකූල විදියට රිය පැදවීම සඳහා අත්‍යවශ්‍ය දෙයක් තමයි වලංගු රියදුරු බලපත්‍රය කියන්නේ. ඒ නිසාම CarsGuide අපි අද ඔබට කියන්නේ ලයිසන් එක ගන්න කලින් හිතන්නම ඕනේ දේවල් මොනවද කියලා.

වයස ගැන හිතන්න

ලංකාවේ නීතියට අනුව ලයිසන් එක ගන්න වයස 18ට සම්පූර්ණ වෙලා තියෙන්නම ඕනේ. ඉතින් ඔයාට තාම වයස 18 සම්පූර්ණ වෙලා නැත්නම් ලයිසන් එක අතට ගන්න ටිකක් බලන් ඉන්න වෙනවා. හැබැයි ඔයාට පුලුවන් අවුරුදු 17 වෙනකොට රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කරන්න.

ලයිසන් එක නිකුත් කරන්නේ මෙහෙමයි

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනුව දැන් ක්‍රම දෙකකට අපිට ලයිසන් එක ලබා ගන්න පුලුවන්.
ඒ online සහ offline ක්‍රමයටයි.
වෙහෙරහැර ප්‍රධාන කාර්යාලයෙන් සහ කුරුණෑගල, හම්බන්තොට, ගම්පහ, අනුරාධපුර, කළුතර, මොනරාගල, යාපනය කියන දිස්ත්‍රික් කාර්යාල වලින් online ක්‍රමයට ලයිසන් එක ලබා ගන්න පුලුවන්.
ඒ වගේම අනෙකුත් ඕනෑම දිස්ත්‍රික් කාර්යාලයකින් Offline ක්‍රමයට ලයිසන් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

මොනවද අවශ්‍ය

ID එක හෝ Passport එක

ලයිසන් එක ගන්න නම්, ඔබේ Original ID එක අනිවාර්යයෙන්ම ඕනේ. එහෙම නැත්නම් ඔබට Passport එක use කරන්නත් පුළුවන්. මේ දෙකම නැත්නම්, ඒ ගැන පොලීසියට complain කරලා, complain copy එකක් අරගෙන ලයිසන් එක ලබා ගන්න බැහැ. අනිවාර්යයෙන් Original ID එක හෝ Passport එක ඔබ සතුව තියෙන්න ඕනේ.

Original birth certificate එක

ඔබ ළඟ තියෙන Original birth certificate එකේ, වම් පැත්තේ ඉහළ කෙළවරේ ‘නොමිලයේ නිකුත් කරන ලදි’ කියලා තියෙනවා නම්, ඒක driving ලයිසන් එක ලබා ගන්න වලංගු වෙන්නේ නැහැ. එතනදි ඔබේ ප්‍රදේශයේ AG office (ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය) එකට යම් මුදලක් ගෙවලා, දම් පාට seal එකක් සහිත ඔබේ Original birth certificate එක ලබා ගන්න පුළුවන්. මේක තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් භාර ගන්නේ.

Medical report එක

ලයිසන් එක ලබා ගන්න අවශ්‍ය කරන තව දෙයක් තමයි, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් නිකුත් කරන medical report එක. මේක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුළුවන්.

ග්‍රාම සේවක සහතිකය

ඔබ ලයිසන් එකට apply කරනකොට, ID එකේ තියෙන address එක නැතුව වෙනත් address එකක් driving ලයිසන් එකට add කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඒ address එකේ ඔබ පදිංචි බව සනාථ කරලා ග්‍රාම සේවක සහතිකයක් ඉදිරිපත් කරන්න ඕනේ.

සැහැල්ලු වාහන සඳහා

අපි දැන් බලමු සැහැල්ලු වාහන කාණ්ඩය යටතේ ලයිසන් එක ගන්න ඉන්න ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ දේවල් කියලා.
– සැහැල්ලු වාහන සඳහා වයස අවුරුදු 17 සම්පූර්ණ වූ විට අයදුම් කරන්න පුලුවන්.
– මාස 6ක් ඇතුළත ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකයකුත් අවශ්‍ය වෙනවා.
– විභාගය සමත් වූ පසු ලැබෙන Learner’s Permit එකෙන් වාහන පදින්න පුරුදුවෙන්න අවසරය ලැබෙනවා. හැබැයි ඒක වාහන පදින්න ඔබට ලැබෙන ලයිසන් එකක් නම් නෙමෙයි. පුරුදුවීම සඳහා අවසරයක් පමණයි.
– වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු හා වාහන පැදීම පුරුදුවීම සඳහා අවසරපත ලැබී අවම වශයෙන් මාස 3කට පසුව වාහන වාහන පැදවීමේ පරීක්ෂණයට මුහුණ දෙන්න පුළුවන්.

බර වාහන සඳහා

බර වාහන රියදුරු බලපත්‍රය අයදුම් කිරීම සඳහා ඔබට සැහැල්ලු වාහන සඳහා ලයිසන් එකක් තිබීම අනිවාර්යයි. ඒ වගේම එම ලයිසන් එක අවම වශයෙන් වසර 2ක් පැරණි වෙන්නත් ඕනේ. ඊට අමතරව තව සුදුසුකම් කිහිපයක් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා.
– සැහැල්ලු බස් හා ලොරි සඳහා ඔබේ උස අඩි 4යි අඟල් 10ට නොඅඩු වියයුතු අතර බස් හා ලොරි සඳහා අඩි 5ට නොඅඩු විය යුතුයි.
– ලියන විභාගයට මුහුණදීම සඳහා වයස 20ස සම්පූර්ණ කරන්න ඕනේ.
– බර වාහන ලයිසන් එක ගැනීමට ඔබට වයස 21ක සම්පූර්ණ වී තිබීම අනිවාර්යයි.
– බර වාහන ලයිසන් ලැබීමට නම් ඔබ ක්‍රියාකාරී විභාගය සමත් වෙන්නම ඕනේ.

හැබැයි බර වාහන ලයිසන් එක ගන්න එක, සැහැල්ලු වාහන ලයිසන් එක ගන්න තරම් නම් ලේසි නැහැ. සමහර බර වාහන එළවන්න ඔබට තවත් විශේෂ විභාගයකට මුහුණදෙන්න වෙනවා. උදාහරණයක් වශයෙන් කන්ටේනර් රථ එළවීම සඳහා ඔබට බර වාහන ලයිසන් එකට අමතරව තව විශේෂ අවසර පතක් ලබාගන්න වෙනවා.

ඉතින් මේ දේවල් තමයි ලයිසන් එකක් ගන්න ඉන්න ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු. ඉතින් වයස සම්පූර්ණ වුණාට විතරක් මදි, අනතුරු අවම කරගෙන ආරක්ෂිතව රිය පදවන්න නම් අනිවාර්යයෙන්ම හොඳ පුහුණුවකුත් තියෙන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Vitz Safety Edition 2 2018 for Sale

Toyota Vitz Safety Edition 2 2018

94,000 km, Colombo
MEMBER
Rs 8,500,000
2 days ago
Toyota Axio G grade 2015 for Sale

Toyota Axio G grade 2015

128,500 km, Colombo
MEMBER
Rs 11,090,000
1 minute ago
Renault KWID Renult RXTO 2016 for Sale

Renault KWID Renult RXTO 2016

116,511 km, Gampaha
MEMBER
Rs 3,695,000
2 minutes ago
Suzuki Alto k10 2011 for Sale

Suzuki Alto k10 2011

128,000 km, Colombo
MEMBER
Rs 3,490,000
2 minutes ago
Suzuki Maruti 800 2002 for Sale

Suzuki Maruti 800 2002

75,000 km, Kandy
MEMBER
Rs 1,675,000
4 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
6 minutes ago
Honda Fit Shuttle GP2 Bonnet for Sale

Honda Fit Shuttle GP2 Bonnet

verified MEMBER
Rs 40,000
6 minutes ago
Nissan Leaf AZEO-Bonnet for Sale

Nissan Leaf AZEO-Bonnet

verified MEMBER
Rs 45,000
6 minutes ago
Vezel RS Bonnet for Sale

Vezel RS Bonnet

verified MEMBER
Rs 75,000
6 minutes ago
+ Post an ad on ikman