ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදය

24 Apr, 2024   
ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදය

වාහනයක් drive කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ නිසාම තමයි රියදුරු බලපත්‍රය ලබා දෙන්න කලින් ලිඛිත පරීක්ෂණයක්, ප්‍රායෝගික පරීක්ෂණයක් වගේම ශාරීරික පරීක්ෂණයක් සිදු කරන්නේ. ඉතින් මේ ශාරීරික පරීක්ෂණය හරහා ආබාධ සහිත පුද්ගලයින් හඳුනාගැනීම සිදු වෙනවා. යම් කාල සීමාවකට පෙර නම් අබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ වන විට ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකස් කරමින් පවතිනවා. අද CarsGuide අපි ඔබට කියන්නේ ඒ ගැන.

කොහොමද රියදුරු බලපත්‍රය ගන්නේ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසන්නේ ආබාධිත පුද්ගලයින්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කර තිබෙන බවයි. ඉතින් මෙතනදී ආබාධිත පුද්ගලයකුට පවතින ආබාධිත තත්ත්වය මත, තමන් ඉල්ලුම් කළ වාහනය ධාවනය කිරීම සඳහා නිසි ශාරීරික යෝග්‍යතාවක් තිබෙනවාද යන්න මූලික පරීක්ෂාවක් කමිටුවක් හරහා සිදු වෙනවා.
මෙතනදී ප්‍රායෝගිකව පරීක්ෂා කරන්නේ අදාළ වාහනයේ අංගෝපාංග භාවිතය වෙනුවෙන් පවතින ආබාධිත තත්ත්වය බාධාවක් ද යන්න පිළිබඳවයි.

ඉතින් අදාළ පුද්ගලයාට තියෙන අබාධිත තත්වය වාහනය drive කිරීමට බාධවක් නොවන බව කමිටුව නිර්දේශ කරන්නේ නම් සාමාන්‍ය ක්‍රමවේදය යට‍තේ රියදුරු බලපත්‍ර ලබා ගන්න පුළුවන්.

වැඩි විස්තර මොනවද?

මේ විදිහට මූලික පරීක්ෂණය සමත් වුණාට පස්සෙ ලිඛිත සහ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටිමට අදාළ පුද්ගලයාට පුළුවන්. මේ වෙනකොට ඒ සඳහා විශේෂ කමිටුවක් පවා පත් කරලා තියෙනවා.

එම කමිටුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයෙක්, ප්‍රධාන මෝටර් ප්‍රවාහන පරීක්ෂකවරයෙක් සහ වෛද්‍යවරයකුගෙන් සමන්විත වෙනවා.

ආබාධ තත්වය මොකක්ද?

ආබාධිත තත්ත්වයන් යටතේ වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව බොහෝ පිරිසකට තිබෙන බවත් ඔවුන්ට වාණිජ නොවන කාණ්ඩය යටතේ රියැදුරු බලපත්‍රයක් ලබා දීම කෙරෙහි අවධානය යොමුව තිබෙන බවයි මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන්නේ.
ඉතින් මේ අනුව අස්ථි, මස්පිඬු සහ ස්නායු ආබාධ පවතින ඕනෑම ආබාධිතයෙකුට වාහනයක් පැදවිය හැකි නම් එම දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත සාමාන්‍ය රියදුරු බලපත්‍රය නිකුත් කිරීම සිදු කරනවා.

ආබාධිතයන් සඳහා මීට පෙර රියදුරු බලපත්‍ර නිකුත් කෙරුණේ ඔවුන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු වාහන සඳහා පමණයි.

පොදු අවශ්‍යතා

රියදුරු බලපත්‍රයක් සම්බන්ධයෙන් සිදුකරන ඕනෑම කටයුත්තකදී පහත අවශ්‍යතා සම්පුර්ණ වීම අනිවාර්යයි.

– අයදුම්කරු පෞද්ගලිකවම පැමිණිය යුතුයි.

– ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආ යුතුයි.

– මාර්ග ගත ක්‍රමය භාවිතා වන කාර්යාල වලින් සේවය ලබාගැනීමේදී ඡායාරූප රැගෙන ඒම අවශ්‍ය නොවන අතර පරිගණක ක්‍රියාවලියේදී අදාළ ඡායාරූප ලබා ගැනීම සිදු වෙනවා.

– මාර්ග අපගත ක්‍රමය භාවිතා වන කාර්යාල සඳහා පාස්පෝට් ප්‍රමාණයේ ලා පැහැති පසුබිම සහිත කළු සුදු ඡායාරූප 02 ක් අවශ්‍යයි.

නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම

– වයස අවුරුදු 17 සම්පුර්ණ වී ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකියි.

– ලිඛිත පරීක්ෂණයෙන් සමත් වුවහොත් උපරිම මාස 18 දක්වා පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) නිකුත් කිරීම සිදු වෙනවා.

– එම අවසර පත්‍රය දරන්නෙකුට රිය පැදවීමට පුහුණු විය හැකයි.

– ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට වයස අවුරුදු 18 සම්පුර්ණ විය යුතු අතර පුහුණුවන්නන්ගේ අවසර පත්‍රය ලබා අවම වශයෙන් මාස 03 ක් සම්පුර්ණ වී තිබිය යුතුයි.

– ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් වී ඉන් සමත් විය යුතුයි.

– පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03 හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ද හිමිවෙනවා.

– එම කාලය තුළ සමත් වුයේ නොහැකි නම් අයදුම්පත අවලංගු වීම සිදු වෙනවා.

අවශ්‍ය ලියකිවිලි

– ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය.

– උප්පැන්න සහතිකයේ මුල් පිටපත.
මෙහිදී අදාල රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුයි. එහි ඡායා පිටපතක් හෝ වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත හෝ නොමිලේ නිකුත් කරන ලද පිටපත හෝ ඉංශ්‍රිසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.

– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.

– විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම්කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

ඉතින් මේ විදිහට තමයි ආබාධිත අයට රියදුරු බලපත්‍රය ලබා ගන්න පුළුවන්. ඔබත් යම් සුළු ආබාධයක් නිසා මේ වෙන තෙක් රියදුරු බලපත්‍රය ලබා නොගෙන සිටිය අයෙක් නම් මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වී ඔබගේ රියදුරු බලපත්‍රය ලබා ගන්න.

Similar Advices



2 comments

  1. මගෙ එක ඇහැක් පෙන්නැ මට ලයිසන් එක ගන්න පුවන්ද බයික් එකට විතරක් තිබ්බත් කමක් නැහැ

  2. මගෙ අතෙ ස්නායු අබාධයක් ඇත

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Play 2023 for Sale

Honda Vezel Z Play 2023

7,000 km, Puttalam
MEMBER
Rs 22,100,000
1 week ago
Toyota Yaris Cross Z Premium 2025 for Sale

Toyota Yaris Cross Z Premium 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 21,850,000
4 days ago
Suzuki Maruti 2006 for Sale

Suzuki Maruti 2006

72,000 km, Gampaha
MEMBER
Rs 2,350,000
7 minutes ago
Toyota Hilux Rocco Brand New 2025 for Sale

Toyota Hilux Rocco Brand New 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,950,000
1 week ago
Micro Panda 2015 for Sale

Micro Panda 2015

63,528 km, Colombo
verified MEMBER
verified
Rs 3,250,000
20 minutes ago
Auto Parts for saleikman logo
Aqua Android Player 1+32GB With Frame for Sale

Aqua Android Player 1+32GB With Frame

verified MEMBER
Rs 18,500
3 minutes ago
Alto Steering Cover Stitching for Sale

Alto Steering Cover Stitching

verified MEMBER
Rs 3,000
5 minutes ago
Adjustable Number Plate Bracket for Sale

Adjustable Number Plate Bracket

verified MEMBER
Rs 1,200
11 minutes ago
+ Post an ad on ikman