Open papers වාහනයක් ගන්නද ඉන්නේ?

08 Dec, 2023   
Open papers වාහනයක් ගන්නද ඉන්නේ?

ඔබේ හිතෙත් කොනක හරි open papers වාහනයක් ගන්න idea එකක් තියෙනවද? සමහර අය නම්, tax වලින් බේරෙන්න, කෙටි කාලයක් පාවිච්චි කරන්න නැත්නම්, resale කරන්න හිතාගෙන open papers වලට වාහන තියාගෙන ඉන්නවා. හැබැයි වැරදිලා හරි එච්චර හොයන්නේ බලන්නේ නැතුව ඔබත් open papers වාහනයක් ගත්තොත්, හිතපු නැති ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා, open papers වාහනයක් ගන්න ඉන්නවා නම්, තව දෙතුන් පාරක් ඒ ගැන හිතන්න. CarsGuide අපි අද ඔබට කියන්නම්, open papers වාහනයක් ගන්නකොට හිතන්න ඕන දේවල් මොනවද කියලා.

Open papers වාහන කියන්නේ මොන වාහනද?

විවෘත ලියකියවිලි මත තියාගෙන ඉන්න වාහන වලට තමයි, open papers වාහන කියන්නේ. ඒ කියන්නේ, පොත තියෙන්නේ වර්තමාන අයිතිකරුගේ නමට නෙවෙයි. පොතේ තියෙන්නේ එක නමක්. හැබැයි වාහනය තියෙන්නේ, තවත් කෙනෙක් ළඟ. මෙහෙම වෙන්නේ, වාහනය drive කරන කෙනා තමන්ගේ නමට වාහනය පවරා නොගත්තාම. කලින් අයිතිකරුගේ නමටම තමයි වාහනය තියාගෙන ඉන්නේ.

Open papers වාහන ගැන දැනුවත්ද?

Open papers වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම්, ඒ ගැන හොඳින්ම දැනුවත් වෙලා ඉන්න ඕනේ. දැන් අපි ඔබට කියන්නේ, Open papers වාහන ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල්.

Date එක බලන්න

මුලින්ම open papers වල සඳහන් කරලා තියෙන දිනය බලන්න. ඒ දිනය ගොඩක් ඈත දිනයක් නම්, ඒ දවස් ගාණට ඔබට දඩ මුදලක් ගෙවන්න වෙනවා. සමහර විට, ඒ දිනය ව්‍යාජ විදිහට දැන් තියාගෙන ඉන්න අයිතිකරු වෙනස් කරලා වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

සැබෑ අයිතිකරුගේ අත්සන බලන්න

Open papers වල සැබෑ අයිතිකරුගේ අත්සන යටතේ තියෙන අත්සන හොඳින් බලන්න. මේ අත්සන බොරු අත්සනක් වෙන්නත් පුළුවන්. මොකද අදාළ අයිතිකරු අත්සන් කරලා තියෙන්නේ, ඔබ ඉදිරියේ නෙවෙයි. වාහනයේ නියම අයිතිකරු MT 6 form එකේ දිනය දාලා අත්සන් කරලා දුන්නු paper එක, වර්තමාන අයිතිකරු අයින් කරලා, වෙනත් paper එකක් fill කරලා, ව්‍යාජ අත්සනක් දාලා දෙන්න පුළුවන්.

මුල් අයිතිකරු නියමිත form fill කරලා, RMV එකට යවලද?

වාහනයේ නියම අයිතිකරු MT 6 form එක fill කරලා, RMV එකට යවලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කෙනා යවලා තියෙන්නේ, වාහනය දැන් තියාගෙන ඉන්න කෙනාගේ නම. එතකොට වාහනය ඔබේ නමට හරවන්න, RMV එකට ගියාම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ ගන්න යන වාහනයට අදාළව යම් ලියකියවිල්ලක් අඩු වුණොත්, වාහනයේ නියම අයිතිකරු හොයාගෙන යන්න වෙනවා.

මේ ලියකියවිලි ළඟ තියෙනවද?

හදිස්සියේ හරි ඔබ open papers වාහනයක් ගන්න ඉන්නවා නම්, මේ ලියකියවිලි ඔබ ළඟ තියෙනවද බලන්න.

සැබෑ අයිතිකරුගේ ID copy එකක්

වාහනය සමාගමක් නමට register කරලා තියෙනවා නම්, සමාගමේ seal එක සහිත ලියුමක් වගේම සමාගමේ ලියාපදිංචි සහතිකයත් ඉල්ලා ගන්න ඕනේ.
වාහනය විකුණන කෙනා හවුල් ව්‍යාපාරයක් නම්, අනිත් හවුල්කරුවෝ කැමැත්ත ප්‍රකාශ කරපු ලියුමක් ඕනේ. වාහනය register කරලා තියෙන්නේ, තනි පුද්ගල ව්‍යාපාරයක් නමට නම්, ව්‍යාපාර හිමිකරුගෙන් ලියුමක් සහ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය ඕන වෙනවා.

MT පත්‍රිකා වල A පිටපත සහ B පිටපත

අනිත් ලියකියවිලි වර්ගය තමයි, MT පත්‍රිකා වල වල A පිටපත සහ B පිටපත. හැබැයි වාහනය විකුණන කෙනා RMV එකට MT පත්‍රිකා වල A පිටපත කෙළින්ම යවලා තියෙනවා නම් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් දේ තමයි, වාහනය විකුණන කෙනා කාන්තාවක් නම් සහ විවාහයෙන් පසු නම වෙනස් කරලා නම්, විවාහ සහතිකයේ පිටපතක් ඕන වෙනවා.

Open papers වාහනයක වර්ගය හරි colour එක හරි වෙනස් කර ගන්න ඕන නම්, වාහනයේ නියම අයිතිකරු හම්බ වෙන්න ඕනේ. ඊට අදාළ ලියකියවිලි ගන්න යනකොට, නියම අයිතිකරු ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මොකද වාහනය ඒ කෙනාගෙන් ගත්තේ ඔබ නොවන නිසා.

වාහනය ගත්ත කෙනා, ඒ කියන්නේ දැන් open papers මත වාහනය තියාගෙන ඉන්න කෙනා නියම අයිතිකරුට සම්පූර්ණ මුදලම ගෙවලා නොතිබුණොත්, ඒක ඔබට නීතියෙන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබේ කාලය වගේම මුදලුත් ඒ වෙනුවෙන් වියදම් කරන්න වෙනවා.

ඊට අමතරව වාහනයේ පොත, පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ උකසකට බද්දට දීලා තියෙනවා නම්, ඒක අහෝසි කරපු බවට ලියුමකුත් ඕන වෙනවා.

මෙච්චර ප්‍රශ්න ගොඩක් තියෙනකොටත් සමහර අය open papers වලට වාහන තියාගෙන ඉන්නේ, මුලින් කියපු විදිහට විවිධ වාසි ලබා ගන්න. ඒ කොහොම වුණත්, open papers වාහන ගන්නකොට අමාරුවේ වැටෙන්නේ නැතුව වාහනය ගන්න නම්, අපි කියපු ලියකියවිලි හරියටම තියෙනවද කියලා බලලා ඉන්න. ඒ වගේම open papers වල අනිවාර්යයෙන්ම check කරන්න ඕන කරුණු හොඳින් check කරන්න. වැදගත්ම දේ තමයි, නියම අයිතිකරුගේ වාහනයම ගන්න පුළුවන් නම්, ඔබට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න අඩු කර ගන්න පුළුවන්

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger MS-RT/ MSRT 3L 2024 for Sale

Ford Raptor Ranger MS-RT/ MSRT 3L 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,800,000
3 days ago
Mitsubishi Montero 3.2L 2013 for Sale

Mitsubishi Montero 3.2L 2013

184,000 km, Colombo
MEMBER
Rs 24,000,000
5 days ago
Renault KWID kiwd 2016 for Sale

Renault KWID kiwd 2016

83,500 km, Gampaha
MEMBER
Rs 3,730,000
4 days ago
Honda CRV 2018 for Sale

Honda CRV 2018

215,000 km, Kalutara
MEMBER
Rs 17,995,000
1 month ago
Honda N-WGN G 2025 for Sale

Honda N-WGN G 2025

1,000 km, Colombo
verified MEMBER
Rs 9,500,000
3 minutes ago
Auto Parts for saleikman logo
Prado 150 Wheel Cup for Sale

Prado 150 Wheel Cup

verified MEMBER
Rs 2,500
13 minutes ago
Vigo 2008 Tail Lamp for Sale

Vigo 2008 Tail Lamp

verified MEMBER
Rs 7,000
29 minutes ago
15 size sport Alloy wheel set for Sale

15 size sport Alloy wheel set

verified MEMBER
verified
Rs 93,000
29 minutes ago
Land Curiser Garnish LAMP 2018 for Sale

Land Curiser Garnish LAMP 2018

verified MEMBER
Rs 75,000
44 minutes ago
+ Post an ad on ikman