වාහනයේ interior එකට සිදු කළ හැකි modifications

08 Nov, 2023   
වාහනයේ interior එකට සිදු කළ හැකි modifications

මේ ලෝකේ ඉන්න මිනිස්සු රූපයෙන් වගේම සිතුවිලි වලිනුත් එකිනෙකාට වෙනස්. ඒ නිසාම කෙනෙක් කැමති දෙයකට අනෙක් කෙනා අකමැති වෙන්න පුලුවන්. ඒ හේතුව නිසාම වෙළඳපොළේ තියෙන එක භාණ්ඩය වුණත් විවිධ පාටින්, විවිධ වෙනස්කම් වලින් අපිට දැකගන්න පුලුවන්. ඉතින් මේක වාහන වලටත් අදාළයි. හැබැයි මොන තරම් වාහන මිලට ගන්න තිබ්බත් සමහර අය කැමති විදිහේ වාහනයක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්. ඒ නිසාම සමහර වාහන companies වලින් තමන්ගේ වාහනය customize කරන්න අවස්ථාව දීලා තියෙනවා. නමුත් ඒක ටිකක් මිල අධික වැඩක්. ඒ නිසාම ගොඩක් දෙනා තමන්ගේ vehicle එක තමන්ට කැමති විදිහට modify කරන්න පෙළඹෙනවා. ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ වාහනයේ interior එකට සිදු කළ හැකි modifications කිහිපයක් ගැන.

1. Sound system එක

අද කාලයේ මෝටර් රථ වල ඉතා උසස් තත්ත්වයේ Sound systems තමයි සවි කරලා තියෙන්නේ. නමුත් ඔබ තවමත් එම Sound systems වලින් සෑහීමකට පත් වෙන්නේ නැත්නම් JBL හෝ Bose වගේ sound system එකක් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම subwoofer එකක් සවි කිරීම මඟින් කුඩා ඉඩක් භාවිතා කරලා වැඩි ශබ්දයක් ලබා ගන්නත් පුලුවන්. ඉතින් ඔබත් යාලුවොත් එක්ක නිතරම ඇවිදින්න යන්න, enjoy කරන්න කැමති කෙනෙක් නම් මේ modification එක ගොඩක් match වෙනවා.

2. Passenger video screens

ඔබේ වාහනයේ ගමන් කරන passengersලට විශේෂයෙන්ම පිටුපස seat එකේ ගමන් කරන passengersලගේ විනෝදාස්වාදය වෙනුවෙන් video screens සවි කරන්න පුලුවන්. ඇත්තටම මේ option එකෙන් ඔබේ වාහනයට අඩු මුදලකින් luxury feeling එකක් ගන්න පුලුවන්. ඔබට හිතෙනවා නම් videos වලින් driverගේ අවධානයට බාධා වෙනවා කියලා, එහෙනම් මගීන් වෙනුවෙන් headphone එකක් ලබා දෙන්න පුලුවන්.

3. Phone USB point

අද කාලේ mobile phone එකක් නැති කෙනෙක් හොයාගන්න නැති තරම්. ඒ නිසාම වර්තමානයේ වාහන වල dashboard smartphone holder සහ extra USB charge sockets අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් ඔබේ vehicle එකේ මේ වෙනකොට අමතර USB points නැත්නම් තනිවම හෝ ගරාජයකට ගොස් ඔබේ කාර්යය ඉටු කරගන්න පුලුවන්.

4. Ambient lighting

ඔබේ වාහනයට luxury වගේම අලංකාර පෙනුමක් දෙන්න පුලුවන් modification එකක් තමයි Ambient lighting කියන්නේ. ඒ විතරක් නෙමෙයි මේ සඳහා LED lights යොදාගැනීම නිසා ඉතා අඩු වියදමින් Ambient lighting system එකක් ඔබේ වාහනයට සවි කරගන්න පුලුවන්.

5. Seat covers මාරු කරන්න

අලුත් seat covers වලට පුලුවන් ඔබේ මෝටර් රථයේ interior look එකට සහ feel එකට ලොකු වෙනසක් කරන්න. අපිට ගොඩක් vehicle වල seats බලාගන්න ලැබෙන්නේ තරමක් අඳුරු පැහැයෙන්. එහෙමත් නැත්නම් කළු, අලු හෝ නිල් පැහැයෙන්. හැබැයි ඔබට පුලුවන් ඔබේ කැමතිම පාටින් seat covers update කරගන්න.

6. Window tint කරමු

ගොඩක් ප්‍රසිද්ධ common interior car modification එකක් තමයි dark window tint කියන්නේ. Tint කරන එකෙන් වාහනයට ලස්සන පෙනුමක් එනවා වගේම වාහනය රත් වෙන එකත් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ පෞද්ගලිකත්වයටත් tint කරන එකෙන් ලොකු වාසියක් ලැබෙනවා. හැබැයි වාහනයේ විදුරු tint කිරීම සම්බන්ධයෙන් නීති කිහිපයක් තියෙනවා. ඒ නිසා නීති වලට අනුව වාහනය tint කරන්න අමතක කරන්න එපා.

7. Racing pedals ගැන හිතන්න

ඔබට පුලුවන් නම් brushed-metal finish pedals ඔබේ වාහනයට සවි කරන්න එමඟින් වාහනයේ පෙනුම ගොඩක් ලස්සන කරගන්න පුලුවන්. ඒ වගේම racing pedals වෙනස් කරන එක ඒතරම් අමාරු දෙයකුත් නෙමෙයි. මොකද ඔබට කරන්න තියෙන්නේ දැනට පවතින rubber pedal cover එක ඉවත් කරලා අලුත් pedals replace කරන එක විතරයි.

8. Floor mats

Floor mats සහ carpets වලට පුලුවන් ඔබේ වාහනයේ interior එකට ගොඩක් ඉක්මනින් ලොකු වෙනසක් කරන්න. සම්ප්‍රදායෙන් මිදිලා අලුත්ම විදිහේ Floor mats වලට වුණත් යන්න පුලුවන්. මොකද එතකොට ඔබේ වාහනයට unique look එකක් එකතු කරගන්න පුලුවන්.

9. Steering wheel cover

අලුත් Steering wheel cover එකක් කියන්නේත් හොඳ interior modification එකක්. Cover එක මාරු කිරීම මඟින් ඔබේ steering wheel එකට වෙනස්ම පෙනුමක් එකතු කරගන්න පුලුවන්.

ඉතින් මේ දේවල් වැඩි වියදමක් නැතුව ලේසියෙන්ම වාහනයේ interior එකට සිදු කළ හැකි modifications. ඔබත් වාහනයේ වෙනසක් බලාපොරොත්තු වෙනවා නම් අද අපි කිව්ව දේවල් try කරලා බලන්නකෝ.

Similar Advices



3 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R FZ 2015 for Sale

Suzuki Wagon R FZ 2015

93,000 km, Galle
MEMBER
Rs 5,820,000
1 week ago
Toyota Aqua S Limited 2013 for Sale

Toyota Aqua S Limited 2013

167,000 km, Colombo
MEMBER
Rs 7,550,000
5 seconds ago
Kia Stonic Turbo 2000 for Sale

Kia Stonic Turbo 2000

48,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,750,000
1 minute ago
Jeep Compass Limited 2019 for Sale

Jeep Compass Limited 2019

24,500 km, Colombo
verified MEMBER
Rs 16,500,000
3 weeks ago
BMW 318i Shadow Edition 2018 for Sale

BMW 318i Shadow Edition 2018

103,000 km, Colombo
MEMBER
Rs 22,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota 0w20 engine oil 4l for Sale

Toyota 0w20 engine oil 4l

verified MEMBER
verified
Rs 13,900
1 week ago
Kia Sorento 2014 Gas Shock Absorber (Front) for Sale

Kia Sorento 2014 Gas Shock Absorber (Front)

verified MEMBER
Rs 15,985
4 seconds ago
Zotye Z100 Gas Shock Absorber ( Front ) for Sale

Zotye Z100 Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 8,985
32 seconds ago
Brownd Sifang 15HP 2024 for Sale

Brownd Sifang 15HP 2024

MEMBER
Rs 349,000
1 day ago
+ Post an ad on ikman