නැති වුණු license එක නැවත ලබා ගන්නා විදිය

30 Jun, 2023   
නැති වුණු license එක නැවත ලබා ගන්නා විදිය

Driving license එක කියන්නේ නිත්‍යානුකූලව වාහනයක් drive කිරීමට අත්‍යාවශ්‍ය වෙන ලියවිල්ලක්. ඉතින් driving license එක නැති වෙනවා කියන්නේ නිතරම වාහනයක් drive කරන කෙනෙක්ට නම් ලොකු පාඩුවක්. අපේ නොසැලකිලිමත් බව වගේම නොදැනුවත් බව නිසා driving license එක නැති වෙන්න පුලුවන්. ඉතින් අද CarsGuide අපි ඔයාට කියන්න හදන්නේ කරදරයක් නැතුව ලේසියෙන්ම නැති වුණ driving license එක හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියවිලි

  • වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  •  Driving license එක නැති වුණු ප්‍රදේශයේ පොලීසිය විසින් ලබා ගත් පොලිස් සහතිකය
  • නැති වුණු driving license එක 2009ට පෙර ලබා ගත එකක් නම් ජාතික ප්‍රවාහන වෛද්‍ය
  • ආයතනයෙන් නිකුත් කල වෛද්‍ය සහතිකය

RMV එකෙන් දිනයක් වෙන් කරගමු

අවශ්‍ය ලියකියවිලි සියල්ල සූදානම් කර ගත්තට පස්සේ RMV එකේ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න ඕනේ. ඔයාට මේ සඳහා ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය තෝරාගන්න පුලුවන්. ඒ සඳහා ඔයාට ළඟම දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකය භාවිතා කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් https://dmtappointments.dmt.gov.lk/ කියන link එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුළුවන්.

Driving license එක අලුත් කරගමු

දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය හරහා දිනයක් සහ වෙලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අදාළ ලියකියවිලි එක්ක කාර්යාලයට යන එක. ඇතුළට යන්න කලින් ප්‍රධාන ගේට්ටුවෙන් booking එකට අදාළ SMS එක check කරලා booking number එක තහවුරු කරගන්නවා. ඊට පස්සේ අපි H හෝල් එකට තමයි යන්න ඕනේ.
එතනදී නැතිවුණු driving license එක ලබා ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට ඔයා යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ ජාතික හැඳුනුම්පත සහ පොලිස් සහතිකය ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. අවශ්‍ය ලියකියවිලි සියල්ල ඉදිරිපත් කළාට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ එතනින් ඔයාගේ photo එක සහිත printed application form එකක් ඔයාට ලබා දෙනවා.
ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයාව account section එකට යන්න ඕනේ. මෙතනට තමයි නැතිවුණු driving license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

මේ විදියට තමයි ලේසියෙන්ම නැතිවුණු driving license එක නැවත ලබා ගැනීම සිදු කරන්නේ. ඉතින් CarsGuide අපි කිව්වා විදියට වැඩ කටයුතු කළොත් ඔයාට පුලුවන් අනවශ්‍ය විදියට රස්තියාදු වෙන්නේ නැතුව, මුදල් නාස්ති කරගන්නේ නැතුව ඉක්මනින්ම නැතිවුණු driving license එක වෙනුවෙට අලුත් driving license එකක් ලබා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Defender 110 2.4L puma 2010 for Sale

Land Rover Defender 110 2.4L puma 2010

175,000 km, Gampaha
MEMBER
Rs 29,000,000
3 days ago
Volkswagen Polo R-Line 2023 for Sale

Volkswagen Polo R-Line 2023

21,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,750,000
2 days ago
Toyota Corolla 1992 for Sale

Toyota Corolla 1992

277,200 km, Colombo
verified MEMBER
verified
Rs 2,695,000
2 minutes ago
Toyota Pixis 2017 for Sale

Toyota Pixis 2017

40,000 km, Kandy
MEMBER
Rs 5,475,000
2 minutes ago
Hyundai Santa Fe 2009 for Sale

Hyundai Santa Fe 2009

118,000 km, Gampaha
MEMBER
Rs 7,750,000
1 week ago
Auto Parts for saleikman logo
Prius 3rd Tow hook cover for Sale

Prius 3rd Tow hook cover

verified MEMBER
Rs 3,500
12 minutes ago
13 Wheel Cup Genuine for Sale

13 Wheel Cup Genuine

MEMBER
Rs 3,500
38 minutes ago
PCX MODIFICATION ACCESSORIES for Sale

PCX MODIFICATION ACCESSORIES

verified MEMBER
Rs 7,500
1 hour ago
Camel Back Seat for Sale

Camel Back Seat

verified MEMBER
Rs 28,000
1 hour ago
+ Post an ad on ikman