ගෙදර ඉඳලා වාහනයේ විස්තර පරීක්ෂා කරලා බලමු

06 Dec, 2023   
ගෙදර ඉඳලා වාහනයේ විස්තර පරීක්ෂා කරලා බලමු

අලුතෙන් වාහනයක් ගන්නවා කියන්නේ, එසේ මෙසේ දෙයක් නෙවෙයි. මොන වාහනයක් ගත්තත් ඒකෙ වගතුග ගැන හොයන එක අනිවාර්යයෙන් කරන්න ඕන දෙයක්. ‘වාහනයක් ගන්නවා වගේද ඒකට වෙන රස්තියාදුව’ ඔබට එහෙම හිතෙයි. හැබැයි ඉතින් අලුතෙන් වාහනයක් ගන්න නම් පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න වෙනවා. ඒත් ඒ හැමදේටම වඩා time එක යන්නේ, වාහනය ගැන හොයලා බලන්න. කොහොමද ගෙදර ඉඳලම වාහනයේ හැම විස්තරයක්ම දැන ගන්න තියෙනවා නම්. අන්න ඒ නිසා, CarsGuide අපි අද ඔබට කියන්නේ, ගෙදර ඉඳලා වාහනයේ විස්තර හොයා ගන්නේ කොහොමද කියලා.

App එකකින් වාහනයේ විස්තර check කරමුද?

ඔබට පුළුවන් App එකක් හරහා වාහනයේ විස්තර දැන ගන්න. මේ App එක ලබා දීලා තියෙන්නේ, Android technology එකට විතරයි. IOS technology එකට ලබා දීලා නැහැ. App එකේ නම DMT. Android phone එකකින් play store හරහා App එක download කර ගත්තට පස්සේ, App එකට log වුණාම, categories තුනක් පෙන්නනවා. ඒ තමයි, Ongoing number, Vehicle details සහ Revenue license status. මේ categories තුන හරහා ඔබට වාහනයේ විස්තර ඉන්න තැනක ඉඳන් check කර ගන්න පුළුවන්.

Ongoing number

Ongoing number එකට ගියාට පස්සේ, ලංකාවෙ තියෙන register කරපු වාහන වල categories ඔක්කොම මෙතන පෙන්වනවා. හැබැයි මේකට ATV model එක ඇතුළත් වෙලා නැහැ.

Vehicle details

DMT App එකේ තියෙන categories තුන අතරෙන් Vehicle details කියන category එකට ගියාම, search bar එකක් එනවා. ඒ search bar එකේ මිලදී ගන්න යන වාහනයේ number එක type කරලා search කරන්න. මෙතනදි අදාළ වාහනයේ engine number එක class එක, make එක, model එක සහ manufacture කරපු year එක වගේ අඩු details ප්‍රමාණයක් තමයි බලා ගන්න ලැබෙන්නේ. මීට අමතරව තවත් details බලා ගන්න නම්, website එකට යන්න වෙනවා.

Revenue license status

Revenue license status category එකට ගියාම, Vehicle details category එකේ වගේම search bar එකක් එනවා. මෙතනදිත් ඔබ search කරන්න ඕනේ, අදාළ වාහනයේ vehicle number එක. එතකොට ඔබට issued date එක, expiry date එක සහ license number එක වගේ දේවල් display වෙනවා. මේ ගැන වැඩි විස්තර දැන ගන්න ඕන නම්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ website එකට යන්න.

Website එකෙන් වාහනයේ විස්තර බලන්නේ කොහොමද?

DMT App එකෙන් ඔබට ඕන වාහනයේ විස්තර දැන ගන්න පුළුවන් වුණාට, හැම විස්තරයක්ම ඒකෙන් ලැබෙන්නේ නැහැ. ඒ විදිහට ඔබට වාහනය ගැන වැඩි විස්තර දැන ගන්න ඕනේ නම්, කලින් කියපු විදිහට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ඒ ගැන දැන ගන්න පුළුවන්.

මුලින්ම motortrafficgov.lk site එකට log වෙන්න. ඒ website එකට ගියාම, display වෙන interface එකේදි සිංහල, English සහ දෙමළ කියන languages අතරින් කැමති language එකක් තෝරාගන්න පුළුවන්. එතනින් ඉස්සරහට ගියාම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ විස්තර ඇතුළත් කරලා තියෙනවා. ඒකෙ ඊ සේවාවන් යටතේ තියෙන ‘ලියාපදිංචි කරන ලද වාහනයක තොරතුරු ලබා ගැනීම’ කියන කොටසට ඇතුළත් වෙන්න. එතනට ගියාම ‘Getting details of a registered vehicle’ කියලා බලා ගන්න පුළුවන්.

එතනින් එහාට ගියාම, ඔබට දකින්න ලැබෙනවා, වාහන වල full information සහ limit කරපු information. මේ limit කරපු information තමයි DMT App එක මඟින් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි full information එකෙන් වාහන වල ඔබට දැන ගන්න ඕන කරන හැම information එකක්ම ලබා ගන්න පුළුවන්.

Website එකෙන් ලැබෙන full information මොනවද?

– වාහනයේ වර්තමාන අයිතිකරු
– වර්තමාන අයිතිකරුගේ address එක
– නිරපේක්ෂ අයිතිය
– Engine number එක
– Vehicle class එක
– කොන්දේසි හා සටහන්
– Make එක
– Model එක
– Manufacture කළ year එක
– Register කළ දිනය
– Engine capacity එක
– Fuel type එක
– Register වූ විට, තත්වය
– CR type එක
– Body type එක

වාහනයේ පොතෙන් ලබා ගන්න පුළුවන් හැම විස්තරයක්ම මේ website එකෙන් ලබා ගන්න බැහැ. මේකට හේතුව තමයි, සමහර විස්තර ඒ තරම් වැදගත් නොවීම. ඒ අතරින් චැසි අංකය ගැන කතා කරනකොට, website එකේ වාහනයේ චැසි අංකය සඳහන් කරලා නැහැ. ඒකට හේතුව, චැසි අංකය කියන්නේ ප්‍රසිද්ධියට පත් කරන දෙයක් නෙවෙයි. මොකද චැසි අංකය ප්‍රසිද්ධියට පත් කරනකොට, නීතිමය ගැටළු ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා, වාහනයේ චැසි අංකය website එකේ සඳහන් කරලා නැහැ.

වාහනයේ විස්තර free බලන්න පුළුවන්ද?

විස්තර පොඩි ප්‍රමාණයක් ලැබුණත්, DMT App එකෙන් ඒ විස්තර free ලබා ගන්න පුළුවන්. හැබැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ website එකෙන් නම්, වාහනයේ full information ලබා ගන්න, යම් මුදලක් අය කරනවා. ඒ මුදල අය කරන්නේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින්. හැබැයි මෙතනදි අය කරන්නේ, පොඩි මුදලක් විතරයි. ඒ කියන්නේ, online payment එකක් කරලා තමයි, full vehicle information request එකක් කරන්න පුළුවන් වෙන්නේ.

දැන් ඉතින් ඔබ අලුතෙන් වාහනයක් ගන්න ඉන්නවා නම්, ඒ වාහනය ගැන දැන ගන්න, ගිහින් බලන්නවත්, අරයාගෙන් මෙයාගෙන් අහන්නවත් ඕනේ නැහැ. ඕනම වාහනයක් ගැන විස්තර අකුරක් නෑරම දැන ගන්න, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ website එකට හරි DMT App එකට හරි log වෙන්න. එතකොට ඔබට පුළුවන් රස්තියාදු නොවී ගෙදර ඉඳලම වාහනයේ හැම විස්තරයක්ම හරියටම දැන ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz EQB 300 2023 for Sale

Mercedes Benz EQB 300 2023

27,000 km, Colombo
MEMBER
Rs 35,000,000
1 week ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

200 km, Colombo
verified MEMBER
Rs 19,500,000
47 seconds ago
Nissan X-Trail 2016 for Sale

Nissan X-Trail 2016

59,000 km, Gampaha
MEMBER
Rs 11,000,000
2 weeks ago
Kia Stonic EX 2020 for Sale

Kia Stonic EX 2020

47,000 km, Colombo
MEMBER
Rs 11,400,000
3 weeks ago
Nissan Sunny B310 1980 for Sale

Nissan Sunny B310 1980

156,200 km, Gampaha
MEMBER
Rs 850,000
2 days ago
Auto Parts for saleikman logo
Nissan Qashqai Panaromic Glass Roof for Sale

Nissan Qashqai Panaromic Glass Roof

verified MEMBER
verified
Rs 85,000
2 days ago
265/70/16 Kumho Tyres for Sale

265/70/16 Kumho Tyres

verified MEMBER
Rs 56,000
1 minute ago
Brand New KYB Japan Shock Absorbers (PREMIO) for Sale

Brand New KYB Japan Shock Absorbers (PREMIO)

verified MEMBER
verified
Rs 25,900
8 minutes ago
Brand New KYB Japan Shock Absorbers (ALLION) for Sale

Brand New KYB Japan Shock Absorbers (ALLION)

verified MEMBER
verified
Rs 25,900
21 minutes ago
Toyota Prado 120 Shell for Sale

Toyota Prado 120 Shell

verified MEMBER
verified
Rs 24,000
22 minutes ago
+ Post an ad on ikman