වාහනයේ පොතේ නමයි ලිපිනයයි නිවැරදි කරගමු

28 Jun, 2023   
වාහනයේ පොතේ නමයි ලිපිනයයි නිවැරදි කරගමු

වාහනයේ ලියාපදිංචි සහතිකය, එහෙමත් නැත්නම් වාහනයේ පොත කියල කියන්නේ අපේ වාහනය ගැන සියලුම තොරතුරු සටහන් වෙලා තියෙන ලියවිල්ල. වාහනය විකුණනකොට, ලීසිං එකක් ගන්නකොට එහෙමත් නැත්නම් වාහනය ඇපයට තියලා මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අනිවාර්යෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය අවශ්‍ය වෙනවා. මේ වගේ අවස්ථා වලදී ලියාපදිංචි සහතිකයේ තොරතුරු නිවැරදිද කියලා බලනවා.

ඔබ ළඟදී පදිංචිය වෙනස් කරපු කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පොතේ සඳහන් නම වැරදි නම් මෙතනදී ඔයාට ගැටළුවක් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා CarsGuide අපි හිතුවා වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්න විදිය ඔබට කියලා දෙන්න.

මොනවද අවශ්‍ය ලියකියවිලි?

වාහනයේ ලියාපදිංචි සහතිකයේ සඳහන් විස්තර වල වෙනස්කමක් කරන්න ඕනේ නම් ඔබට ලියකියවිලි කීපයක් අවශ්‍ය වෙනවා:

  • සංශෝධනය කරන්න අවශ්‍ය ලියාපදිංචි සහතිකය (ලීසිං තියෙන වාහනයක් නම් ලීසිං සමාගමෙන් සහතික කළ ලියාපදිංචි සහතිකයේ පිටපතක්)
  • ජාතික හැඳුනුම්පත සහ එහි පිටපතක්
  • ලිපිනය වෙනස් නම් පදිංචිය සහතික කළ ලිපියක්
  • නම වෙනස් කිරීමක් නම් ඒ බව සනාථ කළ දිවුරුම් පෙත්සමක්
  • උප්පැන්න සහතකය
  • Tax ගෙවනවා නම් එහි රිසිට්පත්

මේ දේවල් තමයි වාහනයේ පොතේ නම හෝ ලිපිනය නිවැරදි කරගන්න අවශ්‍ය වෙන්නේ.

කොහෙටද යන්න ඕනේ?

ඉහත සඳහන් සියලුම ලියකියවිලි සූදානම් කරගත්තට පස්සේ ඔබ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ දෙපාර්තමේන්තුවට තමයි යන්න ඕනේ. එම ආයතනයට ගියාට පස්සේ ඔබට CMT 72 යනුවෙන් සඳහන් අයදුම්පත්‍රයක් ලැබෙනවා. ඊට පස්සේ එම අයදුම්පත්‍රය නිවැරදිව පිරවීම සිදු කරන්න ඕනේ.

ඊට පස්සේ කරන්න තියෙන්නේ නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය සහ ඔබ ගෙන ආ ලේඛණ කවුන්ටරයට භාර දෙන එක.

දැන් එතනින් දෙන රිසිට් එක අරගෙන දෙපාර්තමේන්තුවේම තියෙන බැංකුවට ගිහින් මුදල් භාර දෙන්න. ඊට පස්සේ අමතක කරන්නේ නැතුව බැංකු රිසිට් එකත් ඔබ කලින් ලියකියවිලි බාර දුන්න කවුන්ටර් එකටම බාර දෙන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි වාහනයේ පොතේ නමයි, ලිපිනයයි නිවැරදි කරගන්නේ. CarsGuide අපි කිව්වා විදියටම හරියටම ලියකියවිලි භාර දුන්න නම් වැඩි වෙලාවක් යන්නේ නැතුව ඉක්මනින්ම සංශෝධනය කරපු වාහනයේ පොතේ පිටපතක් ඔබට ලබා ගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

73,000 km, Colombo
MEMBER
Rs 7,400,000
5 days ago
Toyota Vitz Safety 2nd Edition 2018 for Sale

Toyota Vitz Safety 2nd Edition 2018

103,000 km, Gampaha
MEMBER
Rs 8,750,000
5 days ago
BMW X1 20i MHT M Sport 2025 for Sale

BMW X1 20i MHT M Sport 2025

0 km, Colombo
verified MEMBER
Rs 39,500,000
3 minutes ago
Toyota Land Cruiser Prado DIESEL 1st EDITION 2024 for Sale

Toyota Land Cruiser Prado DIESEL 1st EDITION 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 82,500,000
2 weeks ago
BMW X7 M-SPORT PETROL 2024 for Sale

BMW X7 M-SPORT PETROL 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 137,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
Toyota Prius 30 Brand New Hybrid Battery for Sale

Toyota Prius 30 Brand New Hybrid Battery

verified MEMBER
verified
Rs 465,000
38 seconds ago
155/65/13 Used Tyre Set for Sale

155/65/13 Used Tyre Set

verified MEMBER
Rs 6,500
20 minutes ago
155/65/14 Used Tyre Set for Sale

155/65/14 Used Tyre Set

verified MEMBER
Rs 25,000
20 minutes ago
+ Post an ad on ikman