ආදායම් බලපත්‍රය ගන්නේ කොහොමද?

24 Aug, 2023   
ආදායම් බලපත්‍රය ගන්නේ කොහොමද?

වාහනයක් භාවිතා කිරීමේදී අවුරුද්දක් පාසා ලියවිලි කිහිපයක් අනිවාර්යයෙන්ම අලුත් කරගන්න ඕනේ. ඒ අතරින් ප්‍රධාන ලියවිල්ලක් තමයි ආදායම් බලපත්‍රය.

ඉතින් වාහනයක් ඔබ මිලට ගත්ත දිනයේ, එහෙමත් නැත්නම් ඔබ සතු වූ මුල් දිනයේ ඉඳලම වලංගු ආදායම් බලපත්‍රයක් ලබා ගෙන තිබීම අනිවාර්යය වෙනවා. ඒ නිසා අද CarsGuide අපි ඔබට කියන්නේ හරියටම වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගන්නේ කොහොමද කියලා.

ආදායම් බලපත්‍රය කියන්නේ මොකක්ද?

බලපත්‍රය නිකුත් කිරීමේදී ලියාපදිංචි දිනයේ සිට ඉදිරි වසරක කාලයට බලපත්‍රය නිකුත් කිරීම සිදු කරනවා. වාහනයක ආදායම් බලපත්‍රයේ ආරම්භක දිනය වෙන්නේ වාහනයක් ලියාපදිංචි කිරීමේදී එය පළමු වර නිකුත් කළ දිනයයි.

තවත් විශේෂ දෙයක් තමයි ආදායම් බලපත්‍රයේ සටහන්ව තියෙන කොන්දේසි වලට යටත් වීම. කිසිම අවස්ථාවක ඔබට නිකුත් කරලා තියෙන ආදායම් බලපත්‍රයේ කොන්දේසි වලින් බැහැරව අනිසි අයුරින් වාහනය භාවිතා කිරීමෙන් වළකින්න ඕනේ.

ඒ වගේම ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ පළාත තුළ පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයක් හරහා ආදායම් බලපත්‍රය අලුත් කරගන්නත් පුලුවන්.

ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි

– පෙර වර්ෂයේ ලබා ගත් ආදායම් බලපත්‍රය
– වාහනයට අයත් වලංගු රක්ෂණ සහතික
– වාහනය ලියාපදිංචි ලේඛනය / මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් විසින් නිකුත් කරනු ලබන වලංගු පිටපතක් / මූල්‍ය ආයතනයක් මඟින් සහතික කරන ලද ලියාපදිංචි ලේඛනයේ පිටපත
– නිකුත් කළ දින සිට දින 60ක් නොඉක්මවූ දුම් සහතිකය
– එක් පළාතක සිට තවත් පළාතකට මාරු වී ඇති වාහනයක් නම් එම පළාතෙන් නිකුත් කර ඇති නොබැඳි පිටපත

– මඟී ප්‍රවාහන මාර්ග බලපත්‍ර හිමි වාහනයක් නම් අදාළ ආයතනය විසින් නිකුත් කරන ලද වලංගු මාර්ග බලපත්‍රය
– වෙන්දේසියකින් මිලදී ගත් රජයේ වාහනයක් නම් වාහනය මිලදී ගත් ලියකියවිලි, මුදල් ගෙවූ රිසිට් පත් සහ පවරනු ලැබූ ලියකියවිලි

කොහොමද ගන්නේ?

ඔබේ වාහනයත් ලියාපදිංචි නොකළ අලුත් වාහනයක් නම් එය ලියාපදිංචිය සඳහා ඔබ කුමන පළාතක ජීවත් වුණත් අනිවාර්යයෙන්ම කොළඹ මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන්න ඕනේ.
හැබැයි යතුරුපැදි ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ දිස්ත්‍රික් කාර්යාල වලින්ද සිදු කරගන්න පුලුවන්.
ඕනම වාහනයක් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වාහනයේ ලියාපදිංචි සහතිකයේ ලිපිනයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ආදායම් බලපත්‍රය ලබා ගන්න පුලුවන්. ඒ වගේම ජාල ගත කර ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මේ කටයුත්ත ඉටු කරගන්න පුලුවන්.

දඩ මුදල් අය කරන ආකාරය

– පළමු වර ලියාපදිංචි කරන වාහනයක් නම් වාහනය ලියාපදිංචි දින සිට දින 07ක් ඇතුළත බලපත්‍රය ලබා ගත යුතු අතර එම නියමිත දිනය ඉක්මවන්නේ නම් ගාස්තුවෙන් 10%ක් අය කිරීම සිදු කරයි.

– බලපත්‍ර ගාස්තු ගෙවීමට නියමිත දිනය මාස 6 ඉක්මවා ඇතත් මාස 12ක් නොඉක්මවා ඇති විටදී වාර්ෂික ගාස්තුවෙන් 20%ක් අය කිරීම සිදු කරයි.

– බලපත්‍ර ගාස්තු ගෙවීමට නියමිත දිනය පසු වී මාස 12ක් ඉක්මවා ඇති විටකදී වාර්ෂික ගාස්තුවෙන් 30%ක් අය කිරීම සිදු කරයි.

ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම ඔබගේ වාහනයට ආදායම් බලපත්‍රයක් ලබා ගන්නේ. CarsGuide අපි අද කිව්ව විදිහට documents සියල්ලම නිවැරදිව රැගෙන ගියොත් කිසිම රස්තියාදු වීමකින් තොරව ඔබට, ඔබගේ කටයුතු සියල්ලම කරගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger MSRT 3L V6 2024 for Sale

Ford Raptor Ranger MSRT 3L V6 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 33,800,000
1 week ago
Suzuki Swift RS Turbo 1000cc 2019 for Sale

Suzuki Swift RS Turbo 1000cc 2019

63,000 km, Colombo
MEMBER
Rs 9,650,000
1 week ago
Honda Vezel 2025 for Sale

Honda Vezel 2025

0 km, Gampaha
verified MEMBER
Rs 20,000,000
5 days ago
Toyota Vitz Safety Edition 3 2019 for Sale

Toyota Vitz Safety Edition 3 2019

79,000 km, Gampaha
MEMBER
Rs 8,900,000
3 minutes ago
Nissan Cefiro 1999 for Sale

Nissan Cefiro 1999

120,000 km, Puttalam
MEMBER
Rs 3,900,000
5 minutes ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
Honda CR-V Petrol Pump for Sale

Honda CR-V Petrol Pump

MEMBER
Rs 90,000
36 minutes ago
NISSAN MAGNITE CANBUS & FRAME for Sale

NISSAN MAGNITE CANBUS & FRAME

verified MEMBER
Rs 12,500
4 days ago
+ Post an ad on ikman