අලුතින් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද?

25 Jul, 2023   
අලුතින් රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ කෙසේද?

වාහනයක් drive කරනවා කියන එක අපි හැමෝගෙම හීනයක්. හැබැයි නීත්‍යානුකූලව වාහනයක් drive කරන්න නම් license එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රය එහෙමත් නැත්නම් driving license එක ගන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි learners එකක් හරහා driving license එක ලබා ගැනීම. අනෙක් ක්‍රමය තමයි රථ වාහන දෙපාර්තමේන්තුව හරහා තනිවම අයදුම් කිරීම.

ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ කොහොමද driving license එකක් ලබා ගන්නේ කියලා.

කාටද පුලුවන්?

හිතුමතේට ඕනම කෙනෙක්ට ගිහින් driving license එක ලබා ගන්න නම් බැහැ. ඒකට වයස් සීමාවක් තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතියට අනුව අවුරුදු 17 සම්පූර්ණ වී ඇති ඕනෑම පුද්ගලයෙක්ට driving license එක සඳහා අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඉන්පසුව ඔබට ලිඛිත පරීක්ෂණය සඳහා ඉදිරිපත් වෙන්න පුලුවන්. නමුත් ලිඛිත පරීක්ෂණය සමත් වුවත් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුලුවන් අවුරුදු 18 සම්පූර්ණ වූ පසුවයි. ඒවගේම තමයි ලිඛිත පරීක්ෂණය සමත් වී අවුරුදු එකහමාරක් යෑමට පෙර ඔබ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වෙන්න ඕනේ.

අවශ්‍ය ලියකියවිලි

  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    මෙහිදී අදාළ රෙජිස්ට්‍රාර් කොට්ඨාශයේ ලියාපදිංචි කරන ලද උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය. එහි ඡායා පිටපතක්, වෛද්‍ය රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද පිටපත, නොමිලේ නිකුත් කරන ලද පිටපත, ඉංග්‍රීසි පරිවර්තන හෝ උප්පැන්න සහතිකයේ උපුටා ගත් සටහන ප්‍රමාණවත් නොවේ.
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මාස 06 කට නොවැඩි කාලයක් තුළදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය.
  • Passport ප්‍රමාණයේ photos 5ක්
  • විදේශිකයෙකු නම් විදේශ ගමන් බලපත්‍රය සහ අයදුම් කරන දින සිට ඉදිරියට මාස 06 කට නොඅඩු වීසා බලපත්‍රය.

ලිඛිත පරීක්ෂණය

ඔබ learners එකක් හරහා driving license එක අයදුම් කරනවා නම් ඉහත සඳහන් සියලු ලිපි ලේඛන ඔබ තෝරාගත් leaners එකට භාර දෙන්න ඕනේ. එතකොට ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් වෙන් කරගන්න පුලුවන්. බහුවරණ ප්‍රශ්න 40කින් යුක්ත ප්‍රශ්න පත්‍රයක් සඳහා ඔබට මුහුණ දීමට සිදු වෙනවා. මෙම පරීක්ෂණය සමත් වෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ලකුණු 30ක් ලබා ගන්න ඕනේ. ලිඛිත පරීක්ෂණයෙන් ඔබ සමත් වුණොත් එදිනම පුහුණුවන්නන්ගේ අවසර පත්‍රයක් (Learner’s Permit) ලබා දෙනවා. මෙම අවසර පත්‍රය උපරිම මාස 18ක් දක්වා පමණයි වලංගු වන්නේ.

ප්‍රායෝගික පරීක්ෂණය

Learner’s Permit එක ලැබුණට පස්සේ ඔබට පුලුවන් වාහනය drive කරන්න පුරුදු වෙන්න. ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී සිටීමට නම් වයස අවුරුදු 18 සම්පුර්ණ වෙන්න ඕනේ. ඒ වගේම Learner’s Permit එක ලැබිලා මාස 03 ක් සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔබට පුලුවන් ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න. පරීක්ෂණය සඳහා නොපැමිණි අවස්ථාවන්ද ඇතුළුව ලිඛිත පරීක්ෂණ සඳහා උපරිම අවස්ථා 03ක් හා ප්‍රායෝගික පරීක්ෂණය සඳහා උපරිම අවස්ථා 04 ක් ඔබට ලබා ගන්න පුලුවන්.
නමුත් එම කාලය තුළ සමත් වීමට නොහැකි වුණොත් ඔබගේ අයදුම්පත්‍රය අවලංගු වීම සිදු වෙනවා.

සමත් වුණාට පස්සේ…

ඔබ ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණාට පස්සේ එදිනම තාවකාලික රියදුරු බලපත්‍රයක් ලබා දීම සිදු කරනවා. එම බලපත්‍රය වලංගු වෙන්නේ මාස 6ක කාලයක් විතරයි. නමුත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද උපරිම මාස 2ක වගේ කාලයක් යනකොට ඔබගේ driving license එක තැපෑලෙන් නිවසටම ලබා දීම සිදු වෙනවා.

Learners නොයා license එක ගමු

ඔබට ගෙදර වාහනයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් වාහන drive කරලා පළපුරුද්දක් තියෙනවා නම් Leaners එකක් හරහා නොයා තනියම රථ වාහන දෙපාර්තමේන්තුව හරහා license එක අයදුම් කරන්න පුලුවන්.

හැබැයි එහිදීත් CarsGuide අපි ඉහත සඳහන් කළ සියලුම ලියකියවිලි අවශ්‍ය වෙනවා. ඉතින් මේ ලියකියවිලි අරගෙන රථ වාහන දෙපාර්තමේන්තුවට ගිහින් ඔබට පුලුවන් license එක සඳහා අයදුම් කරන්න. එතැනදී පෙර සඳහන් කළ පරිදිම ලිඛිත පරීක්ෂණය සඳහා දිනයක් දීම සිදු කරනවා. එය සමත් වුවහොත් ප්‍රායෝගික පරීක්ෂණය සඳහා දිනයක් ලබා ගන්න පුලුවන්.

ඉන් පසු ප්‍රායෝගික පරීක්ෂණය සමත් වුණොත් තාවකාලික රියදුරු බලපත්‍රය ලබා දීම සිදු කෙරෙනවා. පසුව මාස 2ක වගේ කාලයක් යනකොට ඔබගේ driving license එක තැපෑලෙන් නිවසටම ලබා දීම සිදු වෙනවා.

ඉතින් මේ විදියට තමයි ශ්‍රී ලංකාවේ නීතියට අනුව වලංගු රියදුරු බලපත්‍රයක් ලබා ගන්නේ. License එක අතට ගත්තට පස්සේ වාහනයක් drive කරනකොට ඔබේ වගේම පාරේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව ගැනත් හිතන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux LN 107 1994 for Sale

Toyota Hilux LN 107 1994

336,000 km, Colombo
MEMBER
Rs 6,650,000
2 weeks ago
Peugeot 5008 GT Line 2019 for Sale

Peugeot 5008 GT Line 2019

110,000 km, Colombo
MEMBER
Rs 19,000,000
3 weeks ago
Toyota CHR NGX50 2017 for Sale

Toyota CHR NGX50 2017

53,000 km, Colombo
MEMBER
Rs 13,000,000
28 seconds ago
Toyota Prius Stouring 2011 for Sale

Toyota Prius Stouring 2011

175,000 km, Vavuniya
MEMBER
Rs 9,600,000
41 seconds ago
Toyota Vitz 2016 for Sale

Toyota Vitz 2016

158,000 km, Gampaha
MEMBER
Rs 7,750,000
3 weeks ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
1 hour ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
1 hour ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
1 hour ago
+ Post an ad on ikman