වාහනයේ පොත නැතිවුණ විට duplicate එකක් ගන්නේ කොහොමද?

24 Aug, 2023   
වාහනයේ පොත නැතිවුණ විට duplicate එකක් ගන්නේ කොහොමද?

වාහනයේ ලියාපදිංචි සහතිකය, එහෙමත් නැත්නම් වාහනයේ පොත කියල කියන්නේ අපේ වාහනය ගැන සියලුම තොරතුරු සටහන් වෙලා තියෙන ලියවිල්ල. වාහනය විකුණනකොට, ලීසිං එකක් ගන්නකොට එහෙමත් නැත්නම් වාහනය ඇපයට තියලා මූල්‍ය පහසුකමක් ලබා ගන්නකොට අනිවාර්යෙන්ම වාහනයේ ලියාපදිංචි සහතිකය එහෙමත් නැත්නම් වාහනයේ පොත අවශ්‍ය වෙනවා. ඉතින් මේ පොත නැති වෙලා තිබ්බොත් ඔයාට කිසිම දෙයක් කරගන්න බැරි වෙනවා.

ඒ නිසාම අද CarsGuide YouTube channel එකෙන් අපි ඔබට කියන්නේ වාහනයේ පොත නැතිවුණ විට duplicate එකක් ගන්නේ කොහොමද කියලා.

අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථා

– ලියාපදිංචි සහතිකය අස්ථාන ගත වී ඇත්නම්
– ලියාපදිංචි සහතිකය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත්නම්
– ලියාපදිංචි සහතිකය පළුදු වී ඇති අවස්ථා වලදී

අනුපිටපත් ලබා ගත හැකි ස්ථාන

අපි දැන් බලමු ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ලබා ගන්න පුලුවන් කාර්යාල මොනවද කියලා.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ඕනෑම වාහනයක අනුපිටපතක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා.
එහෙමත් නැත්නම් සෑම දිස්ත්‍රික්කයකම ඇති දිස්ත්‍රික් කාර්යාල වලින් ඔබේ වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් ලබා ගන්න පුලුවන්. දිස්ත්‍රික් කාර්යාල ලෙස ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, අනුරාධපුරය සහ යාපනය හඳුන්වන්න පුලුවන්. හැබැයි සියලුම වර්ගයේ වාහන වල ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් මේ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මෙසේ දිස්ත්‍රික් කාර්යාල වලින් ලබා ගන්න පුලුවන් යතුරුපැදි වල ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් පමණයි.

අනුපිටපතක් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන

– ඔබේ ලියාපදිංචි සහතිකය අස්ථාන ගත වී හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇත්නම් පොලිස් පැමිණිලි පිටපත
– පොලිස් ස්ථානයෙන් ලබා දෙන රිසිට්පත
– ඔබගේ ජාතික හැඳුනුම්පත
– වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය
– ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ඉල්ලීමේ ලේඛනය ( CMT65 ආකෘති පත්‍රය )
– මෝටර් රථයක බර පිළිබඳ සහතිකය (CMT130 ආකෘති පත්‍රය – මෙය අවශ්‍ය වන්නේ බර වාහන සඳහා පමණි )
– අනන්‍යතා ලේඛනය
– CMT75 පත්‍රය

ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ලබා ගැනීමේ ක්‍රියාවලිය

මුලින්ම ඔබ පොලිස් පැමිණිල්ල, ජාතික හැඳුනුම්පත සහ ආදායම් බලපත්‍රය සමඟ නාරාහේන්පිට කාර්යාලයට පැමිණ අදාළ අංශය වෙත යොමු වෙන්න ඕනේ. එම අංශයට ගොස් ඔබගේ කාරණය ඉදිරිපත් කළාට පස්සේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපතක් ඉල්ලීමේ ලේඛනය හෙවත් CMT65 ආකෘති පත්‍රය ලබා දීම සිදු කරනවා.
ඉන්පසුව අදාළ නිලධාරියා විසින් ඔබට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරනවා.

ඔබගේ වාහනයේ බර කිරීමට අවශ්‍ය නම් අදාළ ආයතනයකින් බර කිරාගෙන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට හෝ අදාළ දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණෙන්න ඕනේ.
එහිදී වාහනය පරීක්ෂා කිරීම සඳහා ඉදිරිපත් කළ යුත්තේ වාහනයේ ලියාපදිංචි අයිතිකරු විසින් පමණයි.
වාහනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව CMT75 පත්‍රය ආකෘති පත්‍රය ලබා දීම සිදු කරනවා.

පසුව ඉහත සඳහන් කළ සියලුම ලිපි ලේඛන රැගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට පැමිණ භාර දෙන්න ඕනේ. එතකොට ඔබට පුලුවන් වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත ලබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනයේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත ලබා ගන්නේ. ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි එක් දින සේවාව ඔස්සේ ලියාපදිංචි සහතිකයේ අනුපිටපත් නිකුත් කිරීම සිදු වන්නේ නැහැ. ඒ නිසා ඔබ ලියකියවිලි භාර දුන් දවසේ සිට මාසයක් පමණ ගත වන විට අනුපිටපත ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට භාර දෙන සියලුම ලිපි ලේඛන වල photocopies ඔබ ළඟ තබා ගන්නත් අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Kia Cerato 2014 for Sale

Kia Cerato 2014

89,000 km, Colombo
MEMBER
Rs 9,800,000
2 days ago
Nissan Patrol 3.0 Turbo Auto 2013 for Sale

Nissan Patrol 3.0 Turbo Auto 2013

150,000 km, Colombo
verified MEMBER
verified
Rs 29,500,000
46 seconds ago
Toyota Fortuner 2013 for Sale

Toyota Fortuner 2013

167,680 km, Anuradhapura
verified MEMBER
Rs 6,000,000
4 minutes ago
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

70,000 km, Colombo
MEMBER
Rs 3,700,000
3 weeks ago
Toyota Aqua 2012 CAC for Sale

Toyota Aqua 2012 CAC

100,000 km, Kalutara
verified MEMBER
verified
Rs 7,350,000
7 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
2 weeks ago
BMW X5 Headlights for Sale

BMW X5 Headlights

MEMBER
Rs 550,000
34 minutes ago
HILUX 2KD Injector Drive control ECU for Sale

HILUX 2KD Injector Drive control ECU

verified MEMBER
Rs 40,000
41 minutes ago
Toyota Hilux ECU Control Unit 2KD for Sale

Toyota Hilux ECU Control Unit 2KD

verified MEMBER
Rs 95,000
41 minutes ago
+ Post an ad on ikman