වාහනයක ownership transfer එකකදී අවශ්‍ය documents මොනවද?

02 Jun, 2023   
වාහනයක ownership transfer එකකදී අවශ්‍ය documents මොනවද?

අපි අලුතෙන් වාහනයක් ගත්තාම මුලින්ම කරන්න ඕනේ දෙයක් තමයි වාහනය තමන්ගේ නමට පැවරුම් කරගන්න එක. මේ පැවරුම එක්දින සේවාවෙන් වගේම සාමාන්‍ය විදියට වුණත් කරගන්න පුලුවන්. හැබැයි මේ මොන විදියට පැවරුම කරන්න ගියත් ඒකට අවශ්‍ය කරන ලියකියවිලි ටික හරියට හදාගෙන ගියේ නැත්නම් වෙන්නේ නිකන් රස්තයාදු වෙන්න. ඒ නිසාම තමයි CarsGuide අපි හිතුවේ වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් වෙන්නේ කොහොමද කියල ඔයාව දැනුවත් කරන්න.

අවශ්‍ය ලියකියවිලි

  •  වාහනයේ පොත එහෙමත් නැත්නම් ලියාපදිංචි සහතිකය
  • වාහනයේ වලංගු ආදායම් බලපත්‍රය සහ එහි photocopy එකක්
  • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය කියලා තියෙන තැන යම් ආයතනයක නමක් තියෙනවා නම් ඒ ආයතනයෙන් වාහනයේ පරම අයිතිය ඉවත් කරගත් බවට දෙන ලිපිය
  • ගැනුම්කරුගේ වර්ණ හෝ කළු සුදු ජයාරූප දෙකක් ( අඟල් 2 * 2.5 ප්‍රමාණයේ )
    එක් ජායාරූපයක් සමාදාන විනිශ්චයකාරයෙක් හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලදාරී හෝ මාණ්ඩලික නිලධාරියෙකු ලවා පසුපිටේ සහතික කරගන්න
  • M.T.A. 6 a ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • M.T.A. 6 b ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • M.T.A. 8 c ආකෘතිය පුරවගෙන අරගෙන යන්න.
  • සුඛෝපභෝගී බදු හෝ ඩීසල් බදු තියෙන වාහනයක් නම් එම බදු ගෙවූ බවට රිසිට් පත් සහ ජායා පිටපත්
  • ජාතික හැඳුනුම්පත සහ ජායා පිටපත්
  • පැවරුම සිදු වන්නේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට නෙමෙයි නම් නව ලිපිනයේ
  • පදිංචිය සහතික කරලා ග්‍රාමසේවා නිලධාරි නිකුත් කළ ලිපියක්
  • පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සඳහන් කරන්නේ නම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක්

පැවරුමක් වෙන්නේ කොහොමද?

මුලින්ම ඔබ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියලුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබා ගන්න ඕනේ. එම ආකෘති පත්‍ර වල M.T.A. 6 අකෘති පිටපත් 6ක් අඩංගු වෙනවා. ඒවා ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර තිබෙනවා. M.T.A. 8 පිටපත් දෙකකින් යුක්තයි. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර තිබෙනවා.

වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු M.T.A. 6 ආකෘති පත්‍රයේ සියලුම පිටපත් සම්පූර්ණ කරන්න ඕනේ.

වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 හි ඒ සහ ඒ 1 පිටපත් තමා ළඟ තබා ගෙන M.T.A. 6 හි බී, බී1 සහ M.T.A. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත භාරදෙන්න ඕනේ.

වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාරදී ඊට අදාළ සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබා ගන්න. M.T.A. 6 ඒ 1 පිටපත තමා ළඟ තබා ගන්න.

නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද M.T.A. 6 හි බී පිටපත, M.T.A. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාළ ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත භාරදී සී.එම්.ටී 52 දරණ කුවිතාන්සියක් ලබාගන්න.

නව අයිතිකරු M.T.A. 6 හි බී 1 පිටපත හා M.T.A. 6 හි සී පිටපත තමා ළඟ තබා ගත යුතුයි.
සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කළයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාළ ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 2.00 දක්වා භාර දෙන්න පුලුවන්.

ඉතින් මේ විදියට තමයි වාහනයක් ගන්නකොට වාහන පැවරුමකට අවශ්‍ය ලියකියවිලි වගේම පැවරුමක් සිදු වෙන්නේ. එහෙනම් ඔයත් වාහනයක් පවරන්න යනවා නම්  CarsGuide කිව්ව ලියකියවිලි අමතක කරන්නේ නැතුව අරගෙන යන්න. එතකොට ඔයාට පුලුවන් ඉක්මනින්ම වගේම හරියටම ඔයාගේ වැඩේ කරගන්න.

Similar Advices



2 comments

  1. වාහනයක් පවරාගැනීමෙන් පසු ලියකියවිලි සම්පූර්න කර ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රමාද ව්‍රවහොත් දඩ මුදල් ගෙවීමට සිදුවේද ? කොපමන ප්‍රමානයක්ද?

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux 2019 for Sale

Toyota Hilux 2019

47,000 km, Colombo
MEMBER
Rs 22,000,000
1 week ago
Audi A4 B8.5 TFSI 2L QUATTRO 2012 for Sale

Audi A4 B8.5 TFSI 2L QUATTRO 2012

63,500 km, Colombo
verified MEMBER
Rs 12,990,000
3 weeks ago
Honda Vezel Z Apple car play 2025 for Sale

Honda Vezel Z Apple car play 2025

0 km, Colombo
verified MEMBER
Rs 19,250,000
3 days ago
Toyota Axio 2014 for Sale

Toyota Axio 2014

166,000 km, Colombo
MEMBER
Rs 8,900,000
1 week ago
Peugeot 5008 GT liner 2019 for Sale

Peugeot 5008 GT liner 2019

39,400 km, Ratnapura
MEMBER
Rs 23,000,000
1 month ago
Auto Parts for saleikman logo
Mercedes Benz E Class Windscreen for Sale

Mercedes Benz E Class Windscreen

verified MEMBER
verified
Rs 25,000
1 week ago
6v Battery Bike for Sale

6v Battery Bike

MEMBER
Rs 3,500
25 seconds ago
Threewealer Box Cabin for Sale

Threewealer Box Cabin

MEMBER
Rs 8,500
2 minutes ago
Ford Laser Fender for Sale

Ford Laser Fender

MEMBER
Rs 24,000
46 minutes ago
+ Post an ad on ikman