කල් ඉකුත් වුණු license එක අලුත් කරන ආකාරය

30 Jun, 2023   
කල් ඉකුත් වුණු license එක අලුත් කරන ආකාරය

ඉස්සර නම් license එකක් ගත්තම ජීවිත කාලෙම ඒකෙන් වාහන drive කරන්න පුළුවන්. ඒ කියන්නේ වලංගු කාලය ජීවිතාන්තය වෙනකන් තිබුණා. හැබැයි 2009න් පස්සේ හැම driving license එකම අවුරුදු 8න් 8ට අලුත් කරන්න ඕනේ. මේක ටිකක් කරදර වැඩක් නම් තමයි. හැබැයි එහෙමයි කියලා අපිට license එක නැතුව වාහන drive කරන්න බැහැනේ.
ඒ නිසා අද CarsGuide අපි ඔයාට කියන්නේ රස්තියාදු වෙන්නේ නැතුව කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියවිලි

  • වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
  • කල් ඉකුත් වුණු driving license එක
  • Driving license එක නැති වී ඇත්නම් පොලිස් සහතිකයක්
  • ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කළ වෛද්‍ය සහතිකය

වෛද්‍ය සහතිකය ලබා ගන්නේ මෙහෙමයි

Driving license එක අලුත් කරන්න නම් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි වෛද්‍ය සහතිකය කියන්නේ. හැබැයි මේ වෛද්‍ය සහතිකය ඔයාට හිතෙන හිතෙන තැන් වලින් නම් අරගෙන හරියන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් තමයි ලබා ගන්න ඕනේ. ඉතින් මේ ආයතන ලංකාව පුරාම පිහිටලා තියෙනවා. ඔයාට ළඟම තැනකින් වෛද්‍ය වාර්තාව ලබා ගන්න පුලුවන්. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ process එක මොන වගේද කියලා CarsGuide අපි කලින් ඔයාව දැනුවත් කරලා තියෙනවා. ඒ article එක කියවලා ඔයාට දැනුවත් වෙන්න පුලුවන්.

RMV එකෙන් දිනයක් වෙන් කරගමු

Medical එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි RMV එකේ දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න එක. ඔයාට මේ සඳහා ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය තෝරාගන්න පුලුවන්. මෙතනදී දිනයක් සහ වේලාවක් හරියටම වෙන් කරගන්න ඔයා තෝරාගත්ත දිස්ත්‍රික් කාර්යාලයේ දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. එහෙමත් නැත්නම් https://dmtappointments.dmt.gov.lk/ කියන ලින්ක් එක හරහාත් දිනයක් වෙන් කරගන්න පුළුවන්.

Driving license එක අලුත් කරගමු

දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය හරහා දිනයක් සහ වේලාවක් වෙන් කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ, අදාළ ලියකියවිලි එක්ක කාර්යාලයට යන එක. ඇතුළට යන්න කලින් ප්‍රධාන ගේට්ටුවෙන් booking එකට අදාළ SMS එක check කරලා booking number එක තහවුරු කරගන්නවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ H හෝල් එකට තමයි යන්න ඕනේ.එතනදී Driving license එක අලුත් කර ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ medical එක, පරණ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. අවශ්‍ය ලියකියවිලි සියල්ල ඉදිරිපත් කළාට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ photo එක සහිත printed application form එකක් එතනින් ඔයාට ලබා දෙනවා.
ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවෙනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයා account section එකට යන්න ඕනේ. මෙතනට තමයි කල් ඉකුත් වුණු license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවීමෙන් පස්සේ ඔයාගේ පරණ driving license එක punch කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

ඉතින් මේ විදියට තමයි කිසිම රස්තියාදුවක් වෙන්නේ නැතිව ලේසියෙන්ම කල් ඉකුත් වුණු driving license එක අලුත් කරගන්නේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jaguar E-Pace 2018 for Sale

Jaguar E-Pace 2018

9,500 km, Colombo
MEMBER
Rs 27,500,000
1 month ago
Honda Vezel 2015 for Sale

Honda Vezel 2015

170,000 km, Colombo
MEMBER
Rs 9,800,000
2 weeks ago
Perodua Bezza 2019 for Sale

Perodua Bezza 2019

51,000 km, Colombo
MEMBER
Rs 7,400,000
1 month ago
Toyota Land Cruiser Sahara V8 2013 for Sale

Toyota Land Cruiser Sahara V8 2013

102,000 km, Monaragala
MEMBER
Rs 57,500,000
1 day ago
Toyota Corolla AE 91 1986 for Sale

Toyota Corolla AE 91 1986

210,000 km, Colombo
verified MEMBER
verified
Rs 1,995,000
3 minutes ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
4 days ago
BF Goodrich LT 275/65R17 for Sale

BF Goodrich LT 275/65R17

MEMBER
Rs 49,500
1 minute ago
Thermostat Valve for Sale

Thermostat Valve

verified MEMBER
Rs 4,200
3 minutes ago
Falken Tyres 205/55R16 for Sale

Falken Tyres 205/55R16

MEMBER
Rs 22,500
4 minutes ago
70mai A510 Dash Cam for Sale

70mai A510 Dash Cam

verified MEMBER
verified
Rs 27,800
15 minutes ago
+ Post an ad on ikman