වාහනයක් මිලදී ගන්න අතේ මුදල් නැත්නම්, finance කරලා වාහනයක් ගන්න තමයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. ඔබත් වාහනයක් finance කරලා තියෙනවා නම්, අනිවාර්යයෙන්ම deletion letter එක ගැන අහලා ඇති. එහෙම නැත්නම් ඔබ ඒ ගැන අහලා නැතුවත් ඇති. අන්න ඒ නිසාම, CarsGuide අපි හිතුවා, වාහනයක deletion letter එක ගැන අද ඔබත් එක්ක කතා කරන්න.
මොකක්ද මේ deletion letter කියන්නේ?
ඔබ මොනවා හරි ක්රමයකට finance එකක් දාලා වාහනයක් ගන්නවා නම්, ඔබ ඒ finance දාලා ගන්න වාහනයේ පරම අයිතිකරු වෙන්නේ, finance company එක. ඔබ ලබා ගන්න ඒ finance එකට අදාළ මුදල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි වාහනය ඔබේ නමට පැවරෙන්නේ. අන්න ඒ වෙලාවේදී finance company එක ඔබට letter එකක් දෙනවා. ඒ letter එකට තමයි deletion letter කියලා කියන්නේ.
මේ letter එකේදී මොකද වෙන්නේ?
ඇත්තටම මේ deletion letter එකේදී වෙන්නේ, අහෝසි කිරීමක්. ඔබ කාලයක් වාහනය වෙනුවෙන් මුදල් ගෙව්වනේ. දැන් ඒ අදාළ මුදල ගෙවලා ඉවර නිසා, finance company එකේ නමට තිබුණු වාහනය ඔබේ නමට පවරා ගන්න පුළුවන් කියන එකයි මේ letter එකෙන් කියන්නේ.
Deletion letter එක ගන්න මුදල් ඕනෙද?
Deletion letter එක ලබා ගන්න නම්, ඔබට යම් මුදලක් ගෙවන්න වෙනවා. හැබැයි, ඔබ payment කරලා ඉවර වුණාම ඔබට letter එක free විදිහට තමයි දෙන්න ඕනේ. ගොඩක් වෙලාවට යම් මුදලක් අය කරනවා. සමහර finance company නම් ඔබට මේක free විදිහට දෙනවා. ඒ කියන්නේ, පළවෙනි deletion letter එක. හැබැයි හදිස්සියේ හරි ඔබ ඒ letter එක නැති කර ගත්තොත්, ඔබට දෙවෙනි පාර සහ තුන්වෙනි පාර ඒ letter එක ගන්න ඕන වෙනවා නම්, අනිවාර්යයෙන්ම යම් කිසි මුදලක් ඒ වෙනුවෙන් ගෙවන්න සිද්ධ වෙනවා.
අනිත් දේ තමයි, deletion letter එක නැති වුණොත් ආයෙමත් finance company එකට ගිහින්, ඔබේ details ලබා දීලා deletion letter එක request කරන්න ඕනේ.
මෙන්න මේ දේවල් තමයි deletion letter එකක් ගැන ඔබ දැන ගන්න ඕනේ. ඉතින් මේ Article එකෙන් deletion letter එකේ නොදන්න දේවල් ගැන ඔබ update වෙන්න ඇති කියලා අපි හිතනවා. එහෙනම්, මේ deletion letter එකේ විස්තරේ අනිත් අය එක්කත් share කර ගන්න අමතක කරන්න එපා.