RMV එන්න කලින් දිනයක් වෙන් කරගමු

15 Aug, 2024   
RMV එන්න කලින් දිනයක් වෙන් කරගමු

Booking an Appointment Before Heading to the RMV

Have you ever found yourself scrambling to get work done at the RMV (Roads and Motor Traffic Department) and wished you’d planned ahead? Gone are the days of wandering into the RMV without a clue—now you can book your appointment in advance. This means you can skip the long waits and get things done efficiently. Let’s walk through how to book your slot so you can breeze through your RMV visit like a pro.

How to Book Your Appointment

To secure your spot at the RMV, whether it’s at a main or district office, you’ll need to schedule a date and time. Luckily, this process is straightforward and can be done in two easy ways: over the phone or online.

Booking via Phone

If you prefer a chat over the phone, here’s how you can do it:

  • For Main and District Offices: Call the automated service number, which is 0xx 2 117 116. For the Narahenpita and Werahera main offices, dial 0112 117 116. For other district offices, include the district code before the number—just like dialing 033 2 117 116 for the Gampaha office.
  • Automated Service: This system allows you to select the service you need and input your ID number and mobile phone number. Once you provide these details, you’ll receive a confirmation of your appointment along with a reference number via SMS. This message will include all necessary details about your appointment.

Booking Online

If you’re more of a digital native, you can book your appointment through the RMV’s official website:

  • Visit the Website: Go to the RMV’s official site. There, enter your ID number, name, and mobile phone number to start the booking process.
  • Choose Your Service: Select the service you need from the available options.
  • Check Available Slots: The site will show you available dates and times for the service. Pick the slot that fits your schedule.
  • Confirmation: After confirming your slot, you’ll receive a reference number on the screen and via SMS. This message will contain all the details you need for your appointment.

    Why Book in Advance?

Booking ahead saves you time and ensures you get the service you need without unnecessary delays. Without an appointment, you might face long queues or even the possibility of not getting your service done on the day you visit.

So, before you head out to the RMV, remember to book your date and time. Whether you opt for a phone call or the website, securing your spot is key to a smooth and hassle-free visit. And remember, no appointment means you might face delays, so it’s definitely worth taking the time to schedule ahead.
Now you’re all set to handle your RMV business with ease thanks to carsguide.

RMV එකෙන් වැඩක් කර ගන්න ගිහින්, වැඩිම වෙලාවක් ඒ වැඩේට වෙන් කළේ කවදද කියලා මතකද? සාමාන්‍යයෙන් ඉතින් RMV එකට යන්න දවසක් විතර වෙන් කරන්න වෙනවනේ. හැබැයි දැන් ඔබට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න, RMV එකට යන්න කලින් දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්. එතකොට ඉතින් අදාළ දිනයෙ අදාළ වෙලාවට ගියාම ඔබේ වැඩේ රස්තියාදු නොවී කරගෙන එන්න පුළුවන්. හැබැයි ඒකට, ඔබ දිනයක්, වෙලාවක් වෙන් කරවා ගන්න ඕනේ. CarsGuide අපි අද ඔබට කියනේ, RMV යන්න කලින් දිනයක් වෙන් කර ගන්නේ කොහොමද කියලා.

කොහොමද දිනයක් වෙන් කර ගන්නේ?

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෝ දිස්ත්‍රික් කාර්යාලයන් මඟින් සේවාවන් ලබා ගන්න ඔබ එන්න කලින් දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගන්න ඕනේ.
මේ service එක දුරකථන මාර්ගයෙන් නැත්නම් අදාළ වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්.

ඒ වගේම මේක සම්පූර්ණයෙන්ම automated service එකක්. Service එක ලබා ගන්න ඕන ඔබට කිසිම නියෝජිත සහයකින් තොරව තමන්ට පහසු විදිහට දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්කම තියෙනවා.

0112 117 116 ස්වයංක්‍රීය දුරකථන සේවාව

සියලුම ප්‍රධාන හා දිස්ත්‍රික් කාර්යාල සඳහා district code එකත් එක්ක පොදු අංකයක් හඳුන්වා දීලා තියෙනවා. නාරාහේන්පිට සහ වේරහැර ප්‍රධාන කාර්යාල සඳහා 0112 117 116. අනිත් දිස්ත්‍රික් කාර්යාල සඳහා district code එකත් එක්ක 2 117 116 ට call කරන්න ඕනේ.

උදාහරණයක් විදිහට ගම්පහ කාර්යාලය මඟින් සේවාවක් ලබා ගන්න 033 2 117 116 කියන number එකට call කරන්න ඕනේ.

ස්වයංක්‍රීය දුරකථන සේවාව ලබා ගන්නේ කොහොමද?

මෙතනදි දෙපාර්තමේන්තුව මඟින් ඔබට ලබා ගන්න ඕන සේවාව තෝරලා, ID එකේ පළවෙනි අංක නවය සහ hand phone number එක ඇතුළත් කරන්න ඕනේ. මේ විස්තර ඔබ අදාළ number එකට call කරන මොහොතේ ලබා දෙන්න ඕනේ. අනතුරුව ලබා දෙන දිනය සහ වෙලාව ඔබට පහසු නම් තහවුරු කරන්න. එතකොට ඒ වෙන් කරවා ගැනීමට අදාළ යොමු අංකය ලබා දෙනවා. මේ යොමු අංකය ඒ වෙලාවෙම SMS එකක් මඟිනුත් ලබා දෙනවා. ඒ SMS එකේ ඔබ තෝරාගත් සේවාව, යන්න ඕන තැන, දිනය සහ වෙලාව ඇතුළත් වෙනවා.

වෙබ් අඩවිය හරහා දිනය, වෙලාව වෙන් කර ගන්නේ කොහොමද?

ඔබ මුලින්ම යන්න ඕනේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට. එතනදි ඔබේ ID number එක, නම සහ hand phone number එක ඇතුළත් කරලා, අවශ්‍ය සේවාව තෝරා ගැනීමෙන් දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගන්න පුළුවන්.

මෙතනදි අදාළ සේවාව සඳහා තෝරාගත් දිනයේ වෙන් නොකර ඉතිරි වෙලා තියෙන වෙලාවල් මෙනුවක් මඟින් බලා ගන්න ලැබෙනවා. ඒකෙන් අවශ්‍ය වෙලාව තෝරාගන්න ඔබට පුළුවන්.

තහවුරු කළාට පස්සේ ඒ වෙන් කරවා ගැනීමට අදාළ යොමු අංකය screen එකේ දකින්න ලැබෙනවා. ඒ වගේම ඒක SMS එකක් මඟිනුත් ඒ වෙලාවේම ලබා දෙනවා. ඒ SMS එකේ appointment details සියල්ලම ඇතුළත් වෙනවා.

දැන් ඉතින් ඔබට කාලෙත් ඉතිරි කරගෙන හරිම පහසුවෙන් RMV එකෙන් අවශ්‍ය service එක ලබා ගන්න පුළුවන්. හැබැයි මතක ඇතුව RMV එකට යන්න කලින් අපි අද කියපු විදිහට දිනයක් සහ වෙලාවක් වෙන් කර ගන්න. එක්කො phone number එකට call කරන්න පුළුවන්. නැත්නම් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙනුත් දිනය, වෙලාව වෙන් කර ගන්න පුළුවන්. මොකද ඔබ දිනය, වෙලාව වෙන් කර නොගත්තොත්, අවශ්‍ය service එක ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා, අනිවාර්යයෙන්ම දිනය, වෙලාව වෙන් කරවා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla AE100 1992 for Sale

Toyota Corolla AE100 1992

160,000 km, Monaragala
MEMBER
Rs 2,400,000
24 seconds ago
BMW X1 M Sports 2016 for Sale

BMW X1 M Sports 2016

74,000 km, Colombo
MEMBER
Rs 24,000,000
3 minutes ago
Toyota Voxy V Grade (1ST Owner) 2014 for Sale

Toyota Voxy V Grade (1ST Owner) 2014

78,000 km, Kandy
verified MEMBER
verified
Rs 19,400,000
5 days ago
Mitsubishi Montero GLS 2015 for Sale

Mitsubishi Montero GLS 2015

89,000 km, Gampaha
verified MEMBER
verified
Rs 36,350,000
5 days ago
Toyota Corolla 121 Automatic 2000 for Sale

Toyota Corolla 121 Automatic 2000

187,000 km, Gampaha
verified MEMBER
verified
Rs 5,850,000
58 minutes ago
Auto Parts for saleikman logo
La 350 Dickey for Sale

La 350 Dickey

verified MEMBER
verified
Rs 120,000
3 weeks ago
Canter 4D32 Engine for Sale

Canter 4D32 Engine

verified MEMBER
verified
Rs 900,000
1 month ago
Ksp 130 Dickey for Sale

Ksp 130 Dickey

verified MEMBER
verified
Rs 125,000
3 weeks ago
+ Post an ad on ikman