ආදායම් බලපත්‍රය දවස් 3න් ගෙදරටම ගෙන්න ගමු

24 Apr, 2024   
ආදායම් බලපත්‍රය දවස් 3න් ගෙදරටම ගෙන්න ගමු

වාහන ආදායම් බලපත්‍රය නිකුත් කරන්නෙ අවුරුද්දක කාල සීමාවකට. ඒ කාල සීමාව ඉකුත් වුණාම අපි අනිවාර්යයෙන්ම ආදායම් බලපත්‍රය අළුත් කරගන්න ඕනෙ. වාහන ආදායම් බලපත්‍රය අළුත් කරනකොට ගොඩක් දෙනෙකුට වෙන දෙයක් තමයි, පරණ එකේ අන්තිම දවස වෙනකම් ඉන්නව අළුත් එක ගන්න, හැබැයි මොකක් හරි හේතුවක් නිසා අළුත් වාහන ආදායම් බලපත්‍රය නියමිත දවසට ගන්න බැරි වෙනවා. ඊට පස්සෙ හදිසියකට හරි වාහනේ පාරට දාපු ගමන්ම පොලිසියෙන් අල්ලනවා. ඉතින් මෙහෙම වෙන්න ලොකුම හේතුව තමයි ආදායම් බලපත්‍රය ගන්න යන්න වෙලාවක් නැතිකම. හැබැයි අද CarsGuide අපි කියලා දෙන්නම් රස්තියාදු වෙන්නේ නැතුව ගෙදර ඉඳල online ආදායම් බලපත්‍රය ගෙදරටම ගෙන්න ගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය දේවල්

– වාහනේ දුම් සහතිකය (මාස 6ක් ඇතුලත)
– වාහනේ රක්ෂණ සහතිකය
– පරණ වාහන බලපත්‍ර අංකය
– වාහන අංකය සහ චැසි අංකය

Online සේවාව ලබා ගත හැකි රක්ෂණ සමාගම්

ඉල්ලුම් පත්‍රය සැකසුම් කිරීමට පෙර, කරුණාකර පහත දැක්වෙන සමාගමකින් ලබාගත් වලංගු රක්ෂණ සහතිකයක් සහ වාහන විමෝචන සහතිකයක් ඔබ සතුබව සහතික කර ගන්න ඕනේ.

රක්ෂණ සේවාවන්

– Amana Takaful PLC
– AIA General Insurance Lanka Limited
– Ceylinco Insurance PLC
– Fairfirst Insurance Limited
– HNB General Insurance LTD
– Janashakthi General Insurance Limited
– Sri Lanka Insurance Corporation
– Allianz Insurance Lanka Ltd
– Continental Insurance Lanka Limited
– MBSL Insurance Company Limited
– Peoples Insurance Limited
– Orient Insurance Ltd
– LOLC Insurance Company Limited
– Co-operative Insurance Company Ltd
– Sanasa Insurance Company Limited
– National Insurance Trust Fund

වාහන විමෝචන සහතික සේවාවන්
– Clean Co Lanka (Pvt) Ltd
– LAUGFS Eco Sri (Pvt) Ltd

කොහොමද apply කරන්නේ?

– මුලින්ම www.motortraffic.wp.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

– ආදායම් බලපත්‍රය ලබා ගැනීම සඳහා ඇති icon එක click කරන්න.

– Login icon එක click කරන්න.

– Google account එකක් මඟින් log වෙන්න.

– “නව ආදායම් බලපත්‍රය” හෝ “නැවත අලුත් කිරීම” යන්න නිවැරදිව තෝරා ගන්න.

– නිවැරදි පළාත තෝරන්න

– වාහනය අංකය ඇතුල් කරන්න.

– චැසි අංකය සහ අවසාන ආදායම් බලපත්‍ර අංකය ඇතුල් කරන්න.

– තිරයේ දිස් වන අයිතිකරුගේ නම සහ ලිපිනය නිවැරදි දැයි පරීක්ෂා කරන්න.

– ලිපිනය නිවැරදි නොවේ නම් online ක්‍රමයට අයදුම් නොකරන්න.

– අදාළ රක්ෂණ සමාගම සහ දුම් පරීක්ෂණ ආයතනය තෝරා ඉදිරියෙන් ඇති ‘Validate’ icon එක click කරන්න.

– ගෙවීම් කිරීමේ වෙබ් පිටුව open වී ඉන්පසුව ගෙවීමට ඇති මුදල තිරයේ දිස් වනු ඇත.

– නිවැරදි ගෙවීම් ක්‍රමය තෝරා ගන්න (Amex/Paycrop)

– ගෙවීම් පද්ධතිය මඟින් ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න.

– තාවකාලික ආදායම් බලපත්‍රය තිරයේ දිස් වන අතර, ඔබ log වූ google ගිණුම වෙත එහි පිටපතක් යොමු වනු ඇත.

– ආදායම් බලපත්‍රයේ මුල් පිටපත, වාහන ලියාපදිංචි ලේඛනයේ නම සඳහන් අයිතිකරුගේ ලිපිනය වෙත අධිවේගී තැපැල් සේවය මඟින් යොමු කරනු ඇත.

ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම ගෙදර ඉඳලා වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නේ. ඔබට මෙම සේවාව භාවිතයෙන් මෝටර් රථ, මෝටර් සයිකල්, ද්විත්ව කාර්ය වාහන, ඉඩම් වාහන, ත්‍රිරෝද රථ, A-Z මෝටර් රථ ආදායම් බලපත්‍ර අලුත් කර ගන්න පුළුවන්. නමුත් අනෙක් සියලු වාහන සඳහා, ඔබට පහසු ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට පිවිසෙන්න සිදු වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Peugeot 5008 Fully loaded 2019 for Sale

Peugeot 5008 Fully loaded 2019

135,000 km, Colombo
MEMBER
Rs 18,000,000
3 days ago
Toyota Hilux Revo Hammer 2025 for Sale

Toyota Hilux Revo Hammer 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
4 days ago
Toyota Vitz SCP90 2007 for Sale

Toyota Vitz SCP90 2007

140,000 km, Galle
MEMBER
Rs 5,650,000
48 minutes ago
Kia Sportage Diesel 2012 for Sale

Kia Sportage Diesel 2012

175,000 km, Colombo
MEMBER
Rs 9,850,000
1 month ago
Hyundai Stellar 1989 for Sale

Hyundai Stellar 1989

175,000 km, Galle
MEMBER
Rs 775,000
1 hour ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
4 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
4 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
4 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
5 hours ago
+ Post an ad on ikman