Driving license test එක fail වෙන්න හේතු මොනවද?

12 Mar, 2024   
Driving license test එක fail වෙන්න හේතු මොනවද?

ඔයා වාහනයක අයිතිකරුවෙක්ද? වාහනයක් මිල දී ගත්ත පලියට වාහනයක් drive කරන බැහැ. වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන් ඔයාට driving license එකක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි driving license එක ලබා ගන්න නම් ඔයාට පරීක්ෂණ දෙකකට face කරන්න වෙනවා. ඒ තමයි writing test එක සහ driving test එක. ඔයත් driving මේ test එකෙන් fail වුණාද? ඒ නිසාම අද CarsGuide අපි කියන්නේ driving license test එක fail වෙන හේතු මොනවද කියලා.

License එකක් ගන්න ඔයා සම්පූර්ණ කරන්න ඕනේ සුදුසුකම්

License එකක් apply කරන්න ඔයා සම්පුර්ණ කරන්න ඕනේ මූලිකම සුදුසුකම තමයි වයස් සීමාව කියන්නේ. License එකට apply කරන්න වයස් සීමාවක් තියෙනවා. ඔයාට වයස අවුරුදු 17 සම්පූර්ණ වෙලා තියෙනවා නම්, ඔයා boy කෙනෙක් වුණත් girl කෙනෙක් වුණත් අනිවාර්යයෙන් driving license එකට apply කරන්න පුළුවන්. ඒ විතරක් නෙම්වෙයි ඔයාගේ Medical report එකත් pass වෙන්න ඕනේ. ඒ අනුව මූලික වශයෙන් ඇස් පෙනීම ඉතා හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මීට අමතරව ඔයාට ජාතික හැදුනුම්පතක් තියෙන්නම ඕනේ.

Driving license එක ලබා ගන්න අවශ්‍ය කරන්නේ මොනවාද?

අපිට driving license එකක් ලබා ගන්න අයදුම් කරන්න අපි ළඟ ලියකියවිලි කිහිපයක් තියෙන්න ඕනේ.
ඒවා තමයි,

– ID එක හෝ Passport එක
– Original birth certificate එක
– Medical report එක

License එකක් apply කරන්නේ කොහොමද?

අපි කියපු ලියකියවිලි ඔයා ළඟ තියාගෙන license එකට apply කරන්න පුළුවන්. මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි, මෝටර් රථ දෙපාර්තමේන්තුවට apply කිරීම. අනිත් එක තමයි learners එකක් හරහා apply කිරීම. ඔබ ළඟ වාහනයක් තියෙනවා නම්, නැත්නම් ඔබ යම් රියදුරු පුහුණුවක් ලබලා තියෙනවා නම්, පුද්ගලික අයදුම්කරුවෙක් විදිහට මෝටර් රථ දෙපාර්තමේන්තුවට ගිහින් license එකට apply කරන්න පුළුවන්.

Test වර්ග

ශ්‍රී ලංකාවේදී driving license එකක් ලබා ගද්දි ඔයා test දෙකකට මුහුණ දීලා pass වෙන්න ඕනේ. මේ test දෙක තමයි theory test සහ driving test කියන්නේ.

Theory test එක

මේ test එකේදී ඔයාට බහු ප්‍රශ්න 40 කට පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඔයා theory test එක pass වෙන්න ප්‍රශ්න 30 ට නිවැරදි පිළිතුරු ලබා දෙන්න අවශ්‍යයි. මේ test එක ඔයාට ශ්‍රී ලංකාවේ භාවිතා වන සියල්ලෙන්ම ලබා ගන්න පුළුවන්. මේ test එකට පිළිතුරු ලබා දෙන්න ඔයාට හිමි වන්නේ මිනිත්තු 45ක කාලයක් පමණයි.

Drive test එක fail වෙන්න බලපාන හේතු

ශිෂ්‍ය රියදුරන් drive test එකේදී කරන පොදු වැරැද්ද තමයි ඔවුන් ඕනෑවට වඩා කල්පනාකාරීව හෝ තමන් ගැන අවිනිශ්චිත වීමෙන් ගමන් කිරීම. ඒ වගේ තවත් කාරණා drive test එක අසමත් වීමට බලපානවා.

-gear selection පිළිබඳ අදහසක් නොමැතිකම
drive කරද්දී අපි යන speed එකට ගැලපෙනම gear එකේ යන්න ඕනේ, too high or two low වාහනය ගැස්සෙන්න බලනවා. ඒ වගෙම නවතින්නත් පුලුවන්. ගොඩක් අය fail වෙන්න ප්‍රධාන හේතුවක් මේක.

– Side mirror පරික්ෂා නොකිරීම

ඔයා මේ test එකේදී වාහනය reverse කරද්දී side mirror වලින් බලන්නේ නැතුව පිටිපස්ස හැරිලා බැලුවොත් ඔයාට මේ test එකෙන් fail වෙන්න සිදු වෙන්න පුළුවන්. මේ නිසා ඔයා වාහනය reverse කරද්දී side mirror වලින් පිටිපස්ස බලන්න ඕනේ.

– සුක්කානමේ පාලනයක් නොමැතිකම

ඔයා වාහනය drive කරද්දී සුක්කානම හසුරවන විදියත් මේ test එකෙන් pass වෙන්න බලපානවා. නවීන වාහන වලට අනුව සුක්කානම අල්ල ගන්න ඕනේ ඔරලෝසුවක කටුව තුන නවය ආකාරයටයි. වාහනය හරවද්දී සුක්කානම ඔයා නිවැරදිව හැසුරුවේ නැත්නම් ඔයා මේ test එකෙන් fail වෙනවා.

– වාහනයේ light වැරදි ලෙස භාවිතය

ඔයා වාහනයේ light හරියට භාවිතා කළේ නැත්නම් ඔයාට මේ test එක pass වෙන්න බැරි වෙනවා. සමහර අවස්ථාවල ඔයාට signal light එක සහ head light එක පටලැවෙන්න පුළුවන්. මේ නිසා ඔයා test එකට සහභාගී වෙන්න කලින් signal light ගැන හොඳට සැළකිලිමත් වෙන්න ඕනේ.

– මාර්ගය නිසි ලෙස පරීක්ෂා නොකිරීම

ඔයා පාර ගැන සැළකිලිමත් වෙන්නේ නැතුව වාහනයක් පාරට දැම්මොත් ඔයා අනිවාර්යෙන් මේ test එකෙන් fail වෙනවා. ඒ නිසා පාර හොදට නිරීක්ෂණය කරලා වාහන නැති වෙලාවක පාරට දාන්න ඕනේ.

මේ සියලු කාරණා drive test එකේදී ඔයා මතක තබා ගත යුතු වැදගත් කරුණුයි. මොකද මේ දේවල් නිසා තමයි ඔයා driving license test එක fail වෙන්නේ. ඔයාත් driving license එකක් apply කරනවා නම් මේ test දෙක pass වෙන්න අපි කියපු කාරණා ගැන අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඔයාට කිසිම ප්රශ්නයක් නැතුව driving license test එකෙන් pass වෙන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
DFSK Glory I auto 2021 for Sale

DFSK Glory I auto 2021

70,000 km, Monaragala
MEMBER
Rs 10,000,000
1 week ago
Toyota Yaris ATIV 2025 for Sale

Toyota Yaris ATIV 2025

0 km, Colombo
verified MEMBER
Rs 17,000,000
30 seconds ago
Honda Vezel Z Package 2025 for Sale

Honda Vezel Z Package 2025

0 km, Colombo
verified MEMBER
Rs 20,700,000
2 minutes ago
Mitsubishi Montero 2015 for Sale

Mitsubishi Montero 2015

49,000 km, Gampaha
MEMBER
Rs 35,000,000
5 minutes ago
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 62,500,000
1 week ago
Auto Parts for saleikman logo
Hilux Revo Rocco Brake Pads for Sale

Hilux Revo Rocco Brake Pads

verified MEMBER
verified
Rs 15,500
25 minutes ago
Hilux Vigo Brake Pads for Sale

Hilux Vigo Brake Pads

verified MEMBER
verified
Rs 15,500
25 minutes ago
Mitsubishi Triton Lift Kit for Sale

Mitsubishi Triton Lift Kit

verified MEMBER
verified
Rs 47,500
25 minutes ago
Mitsubishi L200 Lift Kit for Sale

Mitsubishi L200 Lift Kit

verified MEMBER
verified
Rs 47,500
25 minutes ago
Hilux Lower Arm Bush Kit for Sale

Hilux Lower Arm Bush Kit

verified MEMBER
verified
Rs 16,500
25 minutes ago
+ Post an ad on ikman