ලයිසන් එක සඳහා medical report එකක් ගැනීමේදී සළකා බලන කරුණු

15 Jan, 2024   
ලයිසන් එක සඳහා medical report එකක් ගැනීමේදී සළකා බලන කරුණු

ඔබත් කැමතිද drive කරන්න? හැබැයි ඒකට වාහනයක් විතරක් තිබුණාට නම් මදියි. වාහනයක් drive කරන්න ඔබ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි driving license එක. Driving license එක ගන්න නම්, ඔබේ medical report එක ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, driving license එක සඳහා medical report එකක් ගන්නකොට සළකා බලන්න ඕන කරුණු මොනවද කියලා.

ලයිසන් එක ගන්න medical report එක වැදගත්ද?

License එක ගන්න ID එක හෝ passport එක සහ original birth certificate එක ඕනේ. ඒ වගේම ඔබේ medical report එකත් අත්‍යාවශ්‍යයි. මේ medical report එක නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනයෙන් ලබා ගන්න පුළුවන්.

නුගේගොඩ ජාතික වෛද්‍ය ආයතනය තියෙන්නේ කොතනද?

හයිලෙවල් පාරේ නුගේගොඩ මංසන්ධියේ මහරගම දෙසට වෙන්න, නුගේගොඩ ගුවන් පාලමට ඉදිරියෙන් CIB එක සහ Telecom එක අතර තමයි, ජාතික වෛද්‍ය ආයතනය තියෙන්නේ. ඒ වගේම ඒක තියෙන්නේ, blue color building එකක වන අතර අංක 170 දරන ස්ථානයේ පිහිටලා තියෙනවා. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මඟින් license සඳහා medical report ලබා ගන්න, online වේලාවන් වෙන් කරවා ගැනීමේ ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. මේ අලුත් ක්‍රමය මඟින් ඔබට දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්න පුළුවන් වෙනවා. පැය 2 ක වගේ කාලයක් තමයි, වෛද්‍ය පරීක්ෂණය සඳහා ගත වෙන්නේ.

මෙතනදි සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලිවල, දණහිස්වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ පිළිබඳව යම් කිසි ගැටළුවක් තියෙනවා නම්, doctor කෙනෙකුගේ පූර්ව නිගමනය යටතේ ඒ සඳහා පෙනී සිටීම වඩාත් සුදුසුයි. එතකොට ඔබට කිසිම අපහසුතාවයක් නැතුව, ලේසියෙන්ම medical report එක ලබා ගන්න පුළුවන්.

වෛද්‍ය පරීක්ෂණය සඳහා රැගෙන යන්නේ මොනවද?

නව අයදුම්කරුවෙක් නම්,

– ID එක හෝ valid passport එක.

License එක අලුත් කිරීම සඳහා නම්,

– ID එක හෝ valid passport එක
– පරණ driving license එක
– ID එක හෝ valid passport එක යන දෙකම නැති වෙලා නම්, මාස 6 ක් ඇතුළත ලබා
ගත් police report එකක්

මාර්ග බලපත්‍රය සඳහා නම්,

– ID එක
– Driving license එක

යම් ආබාධයක් ඇති කෙනෙක් medical report එක ගන්නේ කොහොමද?

යම් ආබාධයක් තියෙන කෙනෙක්ට නම්, සතියේ ඕනම දවසක වෛද්‍ය පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව තමයි, driving license එකේ vehicle category එක තීරණය කරන්නේ.

Medical report එක නැති වුණොත් එහි පිටපතක් නැවත ගන්න පුළුවන්ද?

හිතන්නකෝ, දවස් කිහිපයකට කලින් ඔබ ලබා ගත්තු medical report එක නැති වුණා කියලා. එතකොට ඔබට එන ලොකු ප්‍රශ්නයක් තමයි, ඒ medical report එකේ පිටපතක් ආපහු ලබා ගන්න පුළුවන්ද කියන එක. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හරහා medical reports වල පිටපත් ලබා ගන්න බැහැ. ඒ අනුව ඔබේ medical report එක නැති වුණොත්, service recipient ට යම් මුදලක් ගෙවලා ආපහු වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීලා අලුත් medical report එකක් ගන්න ඕනේ.

අවශ්‍ය ලියකියවිලි, එහි කොන්දේසි සහ procedure එක මොකක්ද?

සැහැල්ලු වාහන driving license ලබා ගැනීම සඳහා,

– ID එක හෝ valid passport එක

Driving license එක අලුත් කිරීම සඳහා,

– ID එක හෝ valid passport එක
– Driving license එක
– Driving license එක නැති වෙලා නම්, නැති වුණු driving license එකේ විස්තර සඳහන් මාස
6 නොඉක්මවූ police report එක
– බර වාහන driving license එක නැති වෙලා නම්, බර වාහන පන්තිය ඔබට හිමි බව
සඳහන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සහතිකය

නව වාහන පන්තියක් ඇතුළත් කර ගැනීම සඳහා,

– ID එක හෝ valid passport එක
– Valid driving license එක

විදේශිකයන්ට driving license එක ලබා ගැනීම සඳහා,

– Valid passport එක
– ලංකාව තුළ රැඳී සිටීමේ කාලය (VISA) මාස 6 කට වැඩි විය යුතු වීම

අධිකරණ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා,

– ID එක හෝ passport එක
– නම සහ ඉදිරි නඩු දිනය නිවැරදිව සඳහන් අධිකරණයෙන් ඉදිරිපත් කරනු ලබන ලිපිය

මාර්ග බලපත්‍රයක් ලබා ගැනීම සඳහා,

– ID එක හෝ valid passport එක
– වලංගු බර වාහන රියදුරු බලපත්‍රය

මේ තමයි, ඔබ driving license එක සඳහා medical report එකක් ගැනීමේදී සළකා බලන්න ඕන කරුණු. Driving license එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, ඔබට මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා. මොකද driving license එක නැතිව ඔබට පාරෙ වාහනයක් drive කරන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මතක ඇතුව අපි අද කියපු දේවල් අනිවාර්යයෙන්ම follow කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Harrier 350G 2009 for Sale

Toyota Harrier 350G 2009

220,000 km, Colombo
MEMBER
Rs 9,800,000
1 month ago
Suzuki Wagon R Stingray 2014 for Sale

Suzuki Wagon R Stingray 2014

180,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
23 hours ago
Toyota Raize Z Hybrid 2025 for Sale

Toyota Raize Z Hybrid 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 15,950,000
3 days ago
Honda City RS 2025 for Sale

Honda City RS 2025

25 km, Colombo
verified MEMBER
verified
Rs 15,300,000
4 weeks ago
Hyundai Sonata 2001 for Sale

Hyundai Sonata 2001

141,000 km, Polonnaruwa
MEMBER
Rs 2,300,000
10 minutes ago
Auto Parts for saleikman logo
Prado 150 Hood Railing Middle Cover for Sale

Prado 150 Hood Railing Middle Cover

verified MEMBER
Rs 4,500
58 minutes ago
Hyundai Eon Bonnet for Sale

Hyundai Eon Bonnet

verified MEMBER
verified
Rs 38,000
1 hour ago
Toyota Hilux Vigo Radater for Sale

Toyota Hilux Vigo Radater

verified MEMBER
verified
Rs 42,000
1 hour ago
+ Post an ad on ikman