විදේශ ගත වන විට රියදුරු බලපත්‍රය international කරගමු

25 Jul, 2023   
විදේශ ගත වන විට රියදුරු බලපත්‍රය international කරගමු

මේ වෙනකොට ලංකාවේ ඉන්න ගොඩක් දෙනා විදෙස් ගත වෙනවා වගේම විදෙස් ගත වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. ඉතින් මේ විදියට වෙනත් රටකට ගියාම වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන්ම රියදුරු බලපත්‍රය අවශ්‍ය වෙනවා. ඒ නිසා අද CarsGuide අපි ඔබට අරගෙන ආවේ විදේශ ගත වන විට රියදුරු බලපත්‍රය international කරගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ලියකියවිලි

– Passport size photos 3ක්
– ශ්‍රී ලංකාව තුළ වලංගු driving license එක සහ එහි photocopy එකක්
– Passport එක

International driving license එක අලුත් කරන්න අවශ්‍ය ලියකියවිලි

– Driving license copy
– Passport size photos 3ක්
– Membership card එකේ photocopy එකක්
– Passport එකේ copy එකක්

කොහෙටද යන්න ඕනේ?

රියදුරු බලපත්‍රය international කිරීම සිදු කරන්නේ රජයට අනුබද්ධ AA Ceylon කියන පුද්ගලික ආයතනය මඟින්. දැනට ලංකාවේ AA Ceylon ආයතන තුනක් තියෙනවා. එක ආයතනයක් පිහිටලා තියෙන්නේ කොළඹ. අනෙක් ආයතන දෙක තියෙන්නේ තියෙන්නේ නුවර සහ නුවරඑළියේ.
ඉතින් ඔබට පුලුවන් පහත සඳහන් ලිපිනයන් සහ දුරකථන අංක හරහා ඔබට ළඟම ප්‍රදේශයේ පිහිටි ආයතනය සමඟ සම්බන්ධ වෙන්න.

කොළඹ ප්‍රධාන කාර්යාලය

40, Sir Mohamed Macan Markar Mawatha, P.O.Box 338, Colombo 03.
+94 11 2421528
[email protected]

නුවර කාර්යාලය

35, 2/9 Silverdale Complex, Yatinuwara St, Kandy, Sri Lanka
+94817201020

නුවරඑළිය කාර්යාලය

115, Queen Elizabeth Road, Nuwara Eliya, Sri Lanka.
+ 94 72 2 794 32

ලියකියවිලි භාර දුන්නට පස්සේ

මෙම ආයතනයට ගියාට පස්සේ ඔබට Application එකක් ලැබෙනවා. එය නිවැරදිව පිරවීම සිදු කරන්න ඕනේ. ඒ වගේම ඔබට කැමති නම් https://aaceylon.lk/services/idp/ link එක හරහා application එක download කරලා fill කරගෙනම අරගෙන යන්න පුලුවන්.
සියලුම ලියකියවිලි කිසිම අඩුවක් නැතුව භාර දුන්නා නම් ඔබට වැඩ කරන දින 3ක් ඇතුළත වගේ International driving license එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් International driving license එක තැපැල් කිරීමක් නම් සිදු වන්නේ නැහැ. ඔබට, ලියකියවිලි භාර දුන් ආයතනයටම ගොස් International driving license එක ලබා ගැනීමට සිදු වෙනවා.

මේ විදියට තමයි විදෙස් ගත වෙන්න හිතාගෙන ඉන්න ඔබගේ driving license එක International driving license එකක් බවට පත් කරගන්නේ. CarsGuide අපි හිතනවා ඔබට තිබ්බ ලොකු ප්‍රශ්නයකට අද article එක හරහා පිළිතුරු ලැබෙන්න ඇති කියලා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 Xdrive 40 E M-Sport 2016 for Sale

BMW X5 Xdrive 40 E M-Sport 2016

84,000 km, Colombo
MEMBER
Rs 27,500,000
6 days ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
1 hour ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
1 hour ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
1 hour ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
1 hour ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
5 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
6 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
6 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
6 hours ago
+ Post an ad on ikman