අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කොහොමද?

25 Jul, 2023   
අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කොහොමද?

ජීවිතය කියන්නේ ස්ථිර දෙයක් නෙවෙයි. මරණය කියන්නේ අපි හැමෝටම උරුම දෙයක්. සමහර අවස්ථා වලදී පුද්ගලයෙක් මිය ගියාට පස්සේ එම පුද්ගලයාගේ දේපළ සම්බන්ධයෙන් විවිධ ප්‍රශ්න, ගැටුම් ඇති වෙනවා. ඉතින් CarsGuide අපි ඔබට කියන්න හදන්නේ අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ කොහොමද කියලා.

හරියටම උරුමකාරයෙක් හඳුනා ගමු

මිය ගියේ විවාහක අයෙක් නම් අනිවාර්යයෙන්ම විවාහක පුද්ගලයාගේ කලත්‍රයා (විවාහක සහකරු හෝ සහකාරිය) උරුමකරු ලෙස සඳහන් කරන්න පුලුවන්. නමුත් සමහර අවස්ථාවලදී කලත්‍රයා තමන්ගේ වැඩිමහල් දරුවෙකුට හිමිකම පැවරීමට අපේක්ෂා කරනවා. එහිදී කිසිම ගැටළුවක් නැතිව කලත්‍රයාගේ අවසරය මත වයස අවුරුදු 18ට වැඩි දරුවෙකුට වාහනයේ අයිතිය පවරා දෙන්න පුලුවන්.

එසේම අයිතිකරු සහ කලත්‍රයා යන දෙදෙනාම මිය ගිය විට වයස අවුරුදු 18ට වැඩි දරුවෙකුට වාහනයේ හිමිකම පවරා ගන්න හැකියාව තියෙනවා. නමුත් දරුවන් වයස අවුරුදු 18ට අඩු නම් මිය ගිය අයගේ දෙමව්පියන් විසින් වාහනේ අයිතිය පවරා ගැනීම සිදු කළ යුතුයි. මිය ගිය අයගේ දෙමව්පියන් ජීවතුන් අතර නැත්නම්, සහෝදරයෙක් හෝ සහෝදරියක් ඉදිපත් වී වාහනයේ හිමිකම ලබා ගැනීම සිදු කළ යුතුයි. ඉතින් මේ විදියට තමයි විවාහක පුද්ගලයෙක් මිය ගිය විට වාහනයේ අයිතිය පැවරීම සිදු වන්නේ.

මිය ගියේ අවිවාහක පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම එම පුද්ගලයාගේ දෙමව්පියන්ට තමයි වාහනයේ උරුමකාරීත්වය හිමි වෙන්නේ. එම නිසා මිය ගිය පුද්ගලයාගේ මව හෝ පියා විසින් වාහනයේ අයිතිය පවරා ගැනීම සිදු කරගත යුතුයි.

නමුත් අදාළ පුද්ගලයා මිය යන අවස්ථාවේදී එම පුද්ගලයාගේ දෙමව්පියන් ජීවතුන් අතර නොමැති නම්, එම පුද්ගලයාගේ සහෝදරයෙකුට හෝ සහෝදරියකට වාහනයේ අයිතිය පවරා ගැනීමේ හැකියාව තියෙනවා.මේ ආකාරයට තමයි උරුමකරුවන් නිසි පරිදි හඳුනා ගන්නේ.

පැවරීමකට අදාළ ලිපි ලේඛන

– මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකය
– වාහනයේ ලියාපදිංචි සහතිකය
– මිය ගිය දිනට වලංගු වාහනයේ ආදායම් බලපත්‍රය
– මිය ගිය පුද්ගලයාට දරුවන් සිටී නම් ඔවුන්ගේ උප්පැන්න සහතික වල ඡායා පිටපත්
– මිය ගිය පුද්ගලයා විවාහක නම් විවාහ සහතිකයේ ඡායා පිටපතක්
– MTA 7 හා MTA 5 යන ලේඛන දෙක
– පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ රියදුරු බලපත්‍රයේ ඡායා පිටපත්
– පැවරුම්ලාභියාගේ සහතික කළ ඡායාරූප දෙකක්
– බූදල් නඩුවකට අවතීර්ණ නොවේ නම් කලත්‍රයා විසින් වාහනයේ අයිතිය ඉල්ලීම සඳහා ලියූ ලිපියක් ( මෙය ග්‍රාමසේවක විසින් සහතික කළ යුතු අතර ප්‍රාදේශීය ලේඛම්වරයා විසින් අනු අත්සන් කළ යුතුය)
– වයස අවුරුදු 18ට වැඩි දරුවන් සිටී නම් කලත්‍රයාට වාහනයේ පැවරුම ලබා දීමට කැමති බව සඳහන් කළ ලිපි ( මෙය ග්‍රාමසේවක විසින් සහතික කළ යුතු අතර ප්‍රාදේශීය ලේඛම්වරයා විසින් අනු අත්සන් කළ යුතුය)
– බූදල් නඩුවකට අවතීර්ණ වුවහොත් අධිකරණයේ අවසන් නියෝගය

කොහෙටද යන්න ඕනේ?

වාහනයක් සාමාන්‍ය පැවරීමේදී ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයකට, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයකට හෝ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අදාළ ලිපි ලේඛන භාර දෙන්න පුලුවන්.

නමුත් අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පැවරීමේදී නම් ඔබ අනිවාර්යයෙන්ම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට හෝ ගම්පහ, කුරුණෑගල, අනුරාධපුරය, යාපනය හෝ හම්බන්තොට පිහිටි නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් රාජකාරි කරන දිස්ත්‍රික් කාර්යාලයකට මරණින් මතු පැවරීමට අවශ්‍ය ලිපි ලේඛන භාර දෙන්න පුලුවන්.
විශේෂම කාරණය තමයි මරණින් මතු පැවරීමක් එක් දින සේවයට භාර ගැනීමක් සිදු වන්නේ නැහැ. ඉතින් එම නිසා සාමාන්‍ය සේවයට භාර දී මාසයක් පමණ ගිය පසු වාහනයේ පැවරුම් ලේඛන ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඉතින් මේ විදියට තමයි අයිතිකරු මිය ගිය පසු උරුමකරුවන්ට වාහනය පවරන්නේ. CarsGuide අපි කිව්ව විදියට හරියටම ලිපි ලේඛන සූදානම් කරගත්තොත් රස්තියාදු වීමකින් තොරව ලේසියෙන්ම ඔබේ වැඩ කටයුතු කරගන්න පුලුවන් වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara V8 ZX 2015 for Sale

Toyota Land Cruiser Sahara V8 ZX 2015

130,000 km, Colombo
MEMBER
Rs 54,500,000
1 week ago
Toyota Land Cruiser Sahara Cygnus V8 2006 for Sale

Toyota Land Cruiser Sahara Cygnus V8 2006

167,000 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
6 minutes ago
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 19,475,000
7 minutes ago
Honda Vezel X Hunt 2024 for Sale

Honda Vezel X Hunt 2024

1,200 km, Matara
MEMBER
Rs 17,600,000
3 weeks ago
Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025 for Sale

Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,500,000
1 week ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Wagon R MH55s, MH95s Fuel Pump for Sale

Wagon R MH55s, MH95s Fuel Pump

verified MEMBER
Rs 20,000
1 hour ago
Wagon R FX 44s Tail Light for Sale

Wagon R FX 44s Tail Light

verified MEMBER
Rs 30,000
1 week ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
3 hours ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
3 hours ago
+ Post an ad on ikman