මෙරට ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග වදින ප්රධාන අපේක්ෂකයින් පස්දෙනා අද (18) සවස කොළඹ හා ඒ අවට ප්රදේශවල සිය අවසන් මැතිවරණ ප්රචාරක රැලි පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ප්රධාන අපේක්ෂකයින් ඔවුන්ගේ රැලි සඳහා ප්රධාන ස්ථාන ලෙස කොස්ගස් හංදිය,ටවර් හෝල් අවට,කොට්ටාව,නුගේගොඩ සහ පිළියන්දල යන නගර තෝරාගෙන ඇත.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මෙම රැස්වීම් හේතුවෙන් කොළඹ, නුගේගොඩ, කොට්ටාව සහ පිළියන්දල යන ප්රදේශවල විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක වේ. තවද, මෙම රැස්වීම් සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යොදා ඇති බව පොලීසිය සහ ආරක්ෂක අංශ පවසයි.