අලුත්ම Tesla Cybertruck රථයේ photos දෙකක් leak වෙලා තියෙනවා
එම photos වල squared-off steering wheel, familiar center screen, සහ nondescript dashboard එක දැකගන්න පුලුවන්
ළඟදීම නිෂ්පාදනය කරන බව වාර්තා වෙලා තිබුණත් මේ වන තෙක්ම Tesla Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා අපිට කිසිම අදහසක් තිබුණේ නැහැ. Elon Musk මේ Cybertruck එක ගැන ප්‍රථම වරට ප්‍රකාශයට පත් කළේ 2019 අවුරුද්දේදී. ඉතින් අවුරුදු 4කට පස්සේ Cybertruck එකේ Interior look එක මොන වගේද කියලා බලාගන්න අවස්තාව ලැබිලා තියෙනවා.
පළමු ඡායාරූපය අරගෙන තියෙන්නේ driver’s point of view එකෙන්. මෙතනදී අපිට සාමාන්‍ය රවුම් හැඩති සුක්කානම වෙනුවට octagonal steering wheel එකක් බලාගන්න පුලුවන්. ඒ වගේම මෙහිදී අපිට turn signal stalk බලාගන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට capacitive buttons තමයි තියෙන්නේ.
Model 3 සහ Model Y වල මෙන්, Cybertruck රථයට traditional gauge cluster එකක් නැහැ. අනෙකුත් සියලුම ටෙස්ලා රථ වල වගේම Cybertruck රථයේද controls වලින් ගොඩක්, center touchscreen එකේ තමයි තියෙන්නේ.
ඒ වගේම center console එක Cybertruck රථයේ general theme එකට හොඳට ගැලපෙනවා. විශේෂම දේ තමයි center console එක හරහා third jump seat එකක් create කරගන්න පුලුවන් කියලා ප්‍රකාශයක් තිබ්බත් leaks වුණ photos වල නම් ඒ වගේ දෙයක් බලාගන්න ලැබෙන්නේ නැහැ.