Engine lubrication system කියන්නේ මොකක්ද

01 Oct, 2024   
Engine lubrication system කියන්නේ මොකක්ද

ඔබ දැන ගෙන හිටියද Lubrication System එක කියලා කියන්නේ වාහන සහයක system එකක් කියලා.අපි දන්නවා මෝටර් රථ නිර්මාණය වෙලා තියෙන්නේ ලෝහ පද්ධතිවලින් කියලා.මේ ලෝහ කොටස් නිසා ඇති වෙන ඝර්ෂණය අඩු කරන්න තමයි මේ Lubrication System එක උදව් වෙන්නේ. මේ article එකේදී carsguide අපි Lubrication oil ගැනත් ඔබට කියලා දෙනවා.

Lubrication System එක කියන්නේ මොකක්ද?

engine එකක ලෝහ කොටස් එකිනෙකට ස්පර්ෂ වීම නිසා ඒවා අතරේ ඝර්ෂණයක් ඇති වෙනවා.එහෙම කොටස් ගැටීම නිසා engine එකේ කොටස් පළුදු වීමකට ලක් වෙනවා. මේ හානිය අඩු කර ගන්න චලනය වන කොටස් අතරට Lubrication oil යොදා ගන්නවා.

Lubrication System එකේ main function එක මොකක්ද?
engine එකේ චලිත කොටස් අතර ඝර්ෂණය අවම කිරීම හා engine එකේ උත්පාදනය වන තාප ශක්තිය සුළු ප්‍රමානයක් ඉවත් කිරීම තමයි Lubrication System එකේ main function එක.

Lubrication oilවලින් ඇතිවන කාර්යය මොකක්ද?

– ඝර්ෂණය අවම කිරීම.
– ක්‍රියාකාරී පෘෂ්ඨ අතර තෙල් පටල සෑදීම.
– engine එකේ heat එක සුළු ප්‍රමානයක් අවම කිරීම
– ගෙවී ගිය කොටස් ඉවත් කිරීම.
– කම්පන වාරකයක් විදිහට ක්‍රියා කිරීම

Engine oil වලින් වෙන function මොනවද?

– සිසිලන කාරකයක් ලෙස Lubrication oil ක්‍රියාකර engine එකේ ඇති උෂ්ණත්වය උරා ගෙන සිසිලන පද්ධතියට සහයෝගයක් ලබා දේ.
– කම්පන වාරකයක් ලෙස ක්‍රියාකර engine එකේ ඇතිවන අධික කම්පන උරාගනන්වා.ඒ නිසා engine එකේ කම්පනය තරමක් දුරට පාලනය වෙනවා.

– පිරිසිදු කාරකයක් ලෙස ක්‍රියාකරන engine oil, engine එකේ ක්‍රියාකාරී කොටස් වල ඇති ගෙවුණු යකඩ කුඩු හා දහනය නිසා ඇතිවන කාබන් වැනි දෑ දියකර oil filter කර ඉවත් කරනවා.
– විඛාදනය වළක්වාලන්නක් ලෙස ක්‍රියා කරනවා.

මොනවද මේ lubrication oil types

SAE – engine oilවල උකුබව එනම් ඝනත්වය වර්ග කෙරේ.
API – engine oil වල ගුණාත්මකභාවය වර්ග කෙරේ.

Lubrication System එකේ තියන components මොනවද?

– Oil sump
– Oil strainer
– Oil pump
– Oil filter
– Oil cooler

Engine එකක oil සංසරණය වන ආකාරය දන්නවද?

Sump එකේ ගබඩා කර ඇති ලිහිසි තෙල් Oil Pump එක මගින් පොම්ප කිරීම සිදු වෙනවා.තෙල් Pump එක වෙත ඇදගන්නේ Strainer එක හරහා .පසුව Oil Cooler එක Oil Filter එක හරහා Oil Gallery එකට පැමිණෙන Oil , එහි සිට කොටසක් Main Bearing වලටත් එතනින් Crankshaft එක තුළට ඇතුල් වෙනවා.

ඊළග පියවර විදිහට Big End Journal වලට පැමිණ ඊට සම්බන්ධව ඇති Connecting Rod එකේ ඇති සිදුරෙන් ඇතුළු වී Small End Journal ද Lubrication කරමින් නැවත Oil Sump එක වෙත වැටෙනවා.

ඒ අතරතුර Big End Journal වැනි ස්ථාන වලින් බේරෙන Oil, Centrifugal Force එක හේතුවෙන් Bore එකේ බිත්ති වලට විසි වෙනවා. ඒ විසි වෙන oil, Piston එකේ Oil Ring එක මගින් පිස දමනවා.එහෙම පිස දැමෙන විට එම Oil, Piston එකේ ඇතුළු පැත්තට ගමන් කර Piston ස්කර්ට් එකේ ඇති heat එක උරාගනිමින් නැවත Oil Sump එකට වැටෙනවා.

Oil Filter එක හරහා Oil Gallery එකට පැමිණෙන තවත් Oil වලින් කොටසක් Cam Shaft එකේ Bearing එක හරහා Engine එකේ Head එක වෙත ගමන් කරනවා.

එහෙම එන Oil, Rocker Arm එක හරහා ගොස් Rocker Fingers වලට ගොස් push Rod Lubrication කිරීමට කොටසක් ද Valve එක හා Rocker Fingers අතර කොටස Lubrication කිරීමට කොටසක් ද ලෙස බෙදී යනවා.

නැවත Head එක මතට වැටෙන Oil ටික Push Rod ඔස්සේ Bucket Tappets වෙත ගමන්කර Cam Lob Lubrication කරගනිමින් Oil Sump එක වෙත වැටීම සිදු වෙනවා.

මේ විදිහට තමයි Engine එක පුරා ගමන් කරන Oil වලින් engine එකේ ඇති heat එක, ගෙවි ගිය ලෝහ කොටස් ආදී අපද්‍රව්‍ය Sump එක වෙත රැගෙන ඒම සිදු වෙන්නේ.

අද අපි මේ article එකෙන් ඔබට කියලා දුන්නේ මොනවද මේ Lubrication System කියන්නේ, මේකෙන් වෙන function මොනවද? සහ Lubrication oil ගැනත් ඔන්න ඔයාලට කියලා දුන්නා,වාහනයක් ගත්තා විතරක් නෙවේ, ඒවයේ maintainers හරි විදිහට හරි වෙලාවට ඔබ කෙරුවේ නැත් නන් වාහනය ලෙඩ දාන්න ගන්නවා. ඉතින් අපි මේ කරන පුංචි updates සහ knowledge ඔබට වැදගත් වෙයි කියලා CarsGuide අපි විශ්වාස කරනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2018 for Sale

MG ZS 2018

100,420 km, Colombo
MEMBER
Rs 8,900,000
1 day ago
Toyota Hilux 1991 for Sale

Toyota Hilux 1991

215,000 km, Gampaha
MEMBER
Rs 2,850,000
3 minutes ago
Toyota Land Cruiser Prado LC250 VX 2024 for Sale

Toyota Land Cruiser Prado LC250 VX 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 66,900,000
3 minutes ago
Mitsubishi Montero V6 2007 for Sale

Mitsubishi Montero V6 2007

144,000 km, Kandy
MEMBER
Rs 17,500,000
5 minutes ago
Mercedes Benz GLE 300D PREMIUM PLUS 2018 for Sale

Mercedes Benz GLE 300D PREMIUM PLUS 2018

82,000 km, Colombo
verified MEMBER
verified
Rs 51,400,000
6 minutes ago
Auto Parts for saleikman logo
Gps Tracking System for Any Vehicle for Sale

Gps Tracking System for Any Vehicle

verified MEMBER
Rs 10,500
12 seconds ago
Toyota Prius Head Light for Sale

Toyota Prius Head Light

verified MEMBER
Rs 35,000
6 minutes ago
GPS Tracker for KDH for Sale

GPS Tracker for KDH

verified MEMBER
Rs 10,990
6 minutes ago
Toyota Prius Fog Light for Sale

Toyota Prius Fog Light

verified MEMBER
Rs 7,000
6 minutes ago
+ Post an ad on ikman