කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

24 Apr, 2024   
කොළඹට එන සියලුදෙනාට විශේෂ දැනුම්දීමක්

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අනුව හෙට පස්වරුවේ කොළඹ මාර්ග කිහිපයක් ද අවස්ථා කිහිපයකදී වසා තැබෙන බවයි.

මේ අනුව හෙට (24) පස්වරු 2 සිට 3 දක්වා කාලය තුළ කටුනායක කොළඹ අධිවේගී මාර්ගය වසා තැබෙන බව පොලීසිය පවසයි.

එහිදී මාර්ගය දෙපසටම වාහන ගමනාගමනය සඳහා අවස්ථාව හිමි නොවන බව පොලීසිය පවසයි.

එසේම අධිවේගී මාර්ගයේ සිට පෑලියගොඩ, ඔරුගොඩවත්ත මංසන්ධිය, දෙමටගොඩ, බොරැල්ල, ඩී එස් සේනානායක මංසන්ධිය, හෝටන් පෙදෙස, හෝටන් වටරවුම, ග්‍රීන් පාත්, පුස්තකාල වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, ලිබර්ටි වටරවුම, ආර් ඒ ද මැල් මාවත, ශාත්න මයිකල් පාර, ගාලු පාර සිට කොටුව දක්වා වූ මාර්ගයත්, හිල්ටන් හෝටලය දක්වා වූ මාර්ගයත් වසා තැබීමට කටයුතු කරනවා මේ පැයක කාලසීමාව තුළ.

පස්වරු 3.30න් පසුව කොළඹ ලෝටස් වටරවුම වසා තැබෙන අතර පස්වරු 6 සිට 6.30 දක්වා වූ කාලය තුළ ජනාධිපති කාර්යාලයේ සිට ගාලු පාර ඇතුලු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.

නැවත රාත්‍රී 7.30 න් පසුව කොටුව ජනාධිපති මන්දිරය දක්වා මාර්ගය වසා තැබෙන අතර රාත්‍රී 9.30 න් පසු කොළඹ කොටුව සිට NSA වටරවුම ගාලුපාර, ඇතුළු මාර්ග කිහිපයක් වසා තැබෙනු ඇත.

රාත්‍රී 9.30 සිට 10.30 දක්වා කටුනායක අධිවේගී මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එසේම හෙට උදෑසන 9.30 සිට 11 දක්වා යම්කිසි කාලසීමාවක් දක්වා කොටස් වශයෙන් මත්තල සිට උමා ඔය දක්වා වූ මාර්ගය වසා තැබෙන බවද පොලීසිය පවසයි.

එසේම දහවල් 12 සිට පස්වරු 1 දක්වා කාලය තුළද එම මාර්ගය නැවත වසා තැබෙන බව පොලිසීය වැඩිදුරටත් සඳහන් කරනවා.

Similar News


Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara LC300 2024 for Sale

Toyota Land Cruiser Sahara LC300 2024

400 km, Matale
verified MEMBER
Rs 92,500,000
2 minutes ago
Toyota Vios 2006 for Sale

Toyota Vios 2006

201,000 km, Colombo
MEMBER
Rs 5,390,000
8 minutes ago
Kia Sorento Face Lift 7 Seater 2015 for Sale

Kia Sorento Face Lift 7 Seater 2015

125,000 km, Colombo
verified MEMBER
verified
Rs 24,950,000
1 week ago
Perodua Kelisa 2006 for Sale

Perodua Kelisa 2006

185,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,390,000
1 day ago
Ford Ranger FUTURE ATMBLS 2017 for Sale

Ford Ranger FUTURE ATMBLS 2017

159,000 km, Kalutara
verified MEMBER
verified
Rs 17,800,000
44 minutes ago
Auto Parts for saleikman logo
Honda HMMF Gear Oil for Sale

Honda HMMF Gear Oil

MEMBER
Rs 22,500
8 minutes ago
Weather Strips for Sale

Weather Strips

MEMBER
Rs 20,000
18 minutes ago
Honda inside for Sale

Honda inside

verified MEMBER
verified
Rs 45,000
22 minutes ago
225-50-17 continental europe tires for Sale

225-50-17 continental europe tires

verified MEMBER
verified
Rs 10,000
1 hour ago
Isuzu C240 Engine for Sale

Isuzu C240 Engine

MEMBER
Rs 330,000
2 hours ago
+ Post an ad on ikman