වාහනය අතරමඟ නැවතුණොත් මොකද කරන්නේ?

04 Dec, 2023   
වාහනය අතරමඟ නැවතුණොත් මොකද කරන්නේ?

ඔයාගේ වාහනය කවදාහරි පාරේ නැවතිලා තියෙනවද? කිසිම උදව්වක් නැතුව වාහනය පාරේ කැඩීලා ගිහින් තියෙනවද? එහෙම වුනාම ඔයා කොච්චර අපහසුතාවයකට ලක් වෙනවද කියලා ඔයා දන්නවා ඇති. සාමාන්‍යයෙන් වාහනයක් ගත්ත දවසේ ඉදන් අවම වශයෙන් වරක් හෝ දෙවරක් ගොඩක් අය මේ තත්වයට මුහුණ දෙනවා. ඉතින් අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනය හදිසියේම අතරමග නැවතුනාම ඔයා කරන්න ඕනේ දේවල් මොනවද කියලා.

කලබල වෙන්න එපා

වාහනය නැවතුණාම අපි හැමෝම කරන්නේ මුලින්ම කලබල වෙන එක. මෙතැනදී අපි කලබල වෙන්න හොඳ නැහැ. මුලින්ම ඔයා සන්සුන් වෙන්න ඕනේ වගේම අවධානයත් නිවැරදිව තියා ගන්න ඕනේ. මේ වගේ වේලාවකදී ඔයා කනස්සල්ලට පත් වෙන්න තියෙන chance එක වැඩියි. ඒත් කලබල වෙලා ඔයාට කිසිම දෙයක් කරගන්න බැහැ කියන එක මතක තියාගන්න. ඉතින් මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ සන්සුන් වෙන එක. එහෙම වුණොත් තමයි ඔයාට පවතින තත්වය ගැන වගේම මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ මොනවද කියලා ඔයාට හිතන්න පුළුවන් වෙන්නේ.

Hazard lights on කරන්න

ඔයා වගකිවයුතු driver කෙනෙක් විදිහට හදිසි අවස්ථාවකදී මොකක්ද කරන්න ඕනේ කියන එක දැන ගන්න එක ගොඩක් වැදගත්. ඔයා වාහනය නතර කරලා තියෙනවා කියලා අනිත් රියදුරන්ට දැනගන්න වගේම සංඥා කිරීමට සහ ළඟා වන විට ප්‍රවේශම් වීමට hazard lights on කරන්න. ඒ වගේම වෙනත් රියදුරන්ට ඔයාව ආරක්ෂිතව පහු කරගෙන යෑමට ඉඩ තියෙනවා කියලා කියන්නත් hazard lights උපකාරී වෙනවා.

ගැටලුව තේරුම් ගන්න

අපි වාහනයේ ප්‍රශ්නයක් වෙච්ච ගමන් කරන්නේ ඉක්මනට උදව් ඉල්ලන එක. හැබැයි අපි උදව් ඉල්ලන්න කලින් අපි මුලින්ම බලන්න ඕනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මොකද අපි උදව්වක් ඉල්ලන්නත් හරිම ගැටලුව දැනගෙන ඉන්න ඕනේ. උදව් ඉල්ල ගන්න කලින් බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා වාහනයේ සියලුම කොටස් පරික්ෂා කරලා බලන්න අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාට පුළුවන් ඒ ඔස්සේ මේ සඳහා කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන හිතන්න. Battery, fuel pump, ignition system එක check කරලා බලන්න මතක තියාගන්න.

උදව් සඳහා අමතන්න

ඔයාට ගැටලුව විසඳා ගන්න බැරි නම් මේ වගේ වේලාවකදී ඔයා කරන්න ඕනේ කාගෙන් හරි උදව්වක් ඉල්ල ගන්න එක. ඔයාගේ යාලුවෙක්ට හරි එහෙමත් නැත්නම් ඒ ළඟම කාගෙන් හරි ඔයා උදව් ඉල්ලගන්න මතක තියාගන්න. එහෙමත් නැත්නම් ඔයාට mechanic කෙනෙක් ගේ සහය ලබා ගන්න පුළුවන්.
ආරක්‍ෂිත පියවර ගන්න

ඔයා උදව් බලාපොරොත්තුවෙන් සිටින අතරතුර වාහනය ආරක්ෂා කරන්න සියලුම ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන්න. මුලින්ම engine එක ක්‍රියා විරහිත කරලා bonnet එක විවෘත කර සිසිල් වීමට තබන්න. අනෙකුත් රියදුරන් දැනුවත් කිරීමට වාහනය පිටුපස flares සහ reflective triangles තියන්න.

Fluids and tires check කරන්න

නැවත වාහනය පාරට දාන්න කළින් ඔයාගේ වාහනය නිසි ලෙස තියෙනවද කියලා බලන එක අත්‍යාවශ්‍යයි. ඔයාගේ වාහනයේ සියලුම fluids වගේම tires හොඳ තත්වයේ තියෙනවද කියලා බලන්න.

ඉස්සරහට වෙන්න තියෙන ගැටලු වළක්වා ගන්න පියවර ගන්න

ඔයාගේ වාහනය නැවත සකස් කලාට පස්සේ ඉස්සරහට වෙන්න තියෙන ගැටලු වළක්වා ගන්න නම් වාහනයේ සියලුම කොටස් ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න. Battery එක check කිරීම වගේම අත්‍යාවශ්‍ය කොටස් නියමිත කාලයේදී replace කරන්නත් මතක තියාගන්න.

මේ දේවල් තමයි ඔයාගේ වාහනය අතරමග නැවතුණොත් ඔයා කරන්න ඕනේ දේවල්. ඉතින් කලබල වෙන්නේ නැතුව සන්සුන් වෙලා මේ පියවරයන් ටික අනුගමනය කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan X-Trail Hybrid 2015 for Sale

Nissan X-Trail Hybrid 2015

168,000 km, Gampaha
MEMBER
Rs 11,800,000
3 weeks ago
Nissan Bluebird 1988 Limited Edition for Sale

Nissan Bluebird 1988 Limited Edition

100,000 km, Colombo
MEMBER
Rs 1,350,000
2 hours ago
Peugeot 3008 2018 for Sale

Peugeot 3008 2018

62,000 km, Kandy
MEMBER
Rs 16,000,000
4 weeks ago
Toyota Yaris Cross Pre Lux 2Tone 2025 for Sale

Toyota Yaris Cross Pre Lux 2Tone 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 22,500,000
1 week ago
Honda City Rs Vtec Turbo 2025 for Sale

Honda City Rs Vtec Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 15,250,000
1 week ago
Auto Parts for saleikman logo
Toyota Prius 30 Filter Package for Sale

Toyota Prius 30 Filter Package

verified MEMBER
Rs 8,750
1 month ago
Suzuki Wagonr 55S KYB Shock Absorber for Sale

Suzuki Wagonr 55S KYB Shock Absorber

verified MEMBER
verified
Rs 13,300
1 week ago
Honda Grace KYB Shock Absorber for Sale

Honda Grace KYB Shock Absorber

verified MEMBER
verified
Rs 17,400
1 week ago
Honda Fit GP1 KYB Shock Absorber for Sale

Honda Fit GP1 KYB Shock Absorber

verified MEMBER
verified
Rs 17,800
1 week ago
+ Post an ad on ikman