රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් Driving Tips

07 Jun, 2023   
රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් Driving Tips

ගැහැණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝගෙම හීනයක් තමයි අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් ලයිසන් එක ගන්න එක. ලයිසන් එක ගන්න ගොඩක් දෙනෙක් ලර්නස් යනවා. හැබැයි learners එකකින් කියලා දෙන්නේ මාර්ග නීති වලට අනුව හරියට වාහනයක් drive කරන විදිය ගැන විතරයි. ඔවුන් ඔවුන්ට අදාළ පරාසය පමණයි ඉගැන්වීම් කරන්නේ.අද CarsGuide තුළින් අපි කතා කරන්නේ කොහොමද නිත්‍යානුකුලව වගේම පහසුවෙන් හරියටම වාහනයක් drive කරන්නේ කියලා. කෙටියෙන්ම කිව්වොත් රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් driving tips ගැන තමයි  අපි කියන්න හදන්නේ.

හරියට ඉඳගන්න

වාහනයක් හරියට drive කරන්න නම් අපි මුලින්ම comfortable විදියට ඉඳගන්න ඕනේ. ගොඩක් අයට හිතෙන්න පුලුවන් driving skill එක තියෙනවා නම් වෙන මුකුත් ඕනේ නැහැ කියලා. ඇත්තටම ඒක වැරදියි. මොකද ඔයාට පහසු ඉරියව්වකින් ඉඳගත්තේ නැත්නම් ටික වෙලාවක් drive කරද්දී හිරි වැටීම්, රිදීම් වගේ දේවල් ඇති වෙන්න පුලුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම වාහනයක් drive කරද්දී ඔයාට පහසු විදියට seat එකේ ඉඳගන්න.

දනිස්ස සහ ඉණ

දැන් කියන්න හදන්නේ driving කරන ගොඩක් දෙනා දන්නේ නැති tip එකක් ගැන. ඒ තමයි දනිස්ස සහ ඉණ එකම level එකක තබා ගැනීම. ආරක්ෂාකාරී සහ පහසු ගමනකට මේ ඉරියව්ව ගොඩක් වැදගත් වෙනවා. ඔයා seat එකේ ඉඳගත්තම දණහිස ඉණ මට්ටමට එන්නේ නැත්නම් seat එකේ height එක වෙනස් කරලා level එක හදාගන්න. එහෙමත් නැත්නම් ඔයා ටිකක් මිටි කෙනෙක් නම් seat එක උඩින් පොඩි කුෂන් එකක් තියාගෙන level එක හදාගන්න.

හරි විදියට steering wheel එක අල්ලන්න

දැන් අපි බලමු කොහොමද steering wheel එක අල්ලන්නේ කියලා. ගොඩක් දෙනෙක් steering wheel එක තනි කෙලින් අත් දෙක සම්පූර්ණයෙන්ම දිග ඇරලා අල්ලනවා. මේක ඇත්තටම එච්චර සුදුසු ක්‍රමයක් නම් නෙමෙයි වාහනයක් drive කරන්න. මොකද මේ විදියට තනි කෙලින් අත දිග ඇරගෙන drive කළොත් අනතුරක් සිදු වුණාම අපිට වෙන්න තියෙන හානිය ගොඩක් වැඩියි. ඒ නිසා අත නමලා පොඩි angle එකකින් steering wheel එක අල්ලන්න පුරුදු වෙන්න.

තනි අතින් එපා

අපි ගොඩක් දෙනෙක් නිදහසේ වාහනය drive කරනකොට කරන දෙයක් තමයි steering wheel එක තනි අතින් අල්ලන්න එක. ඔයා driving වලට expert කෙනෙක් වෙන්න පුලුවන් හැබැයි තනි අතින් drive කරන එක ඔයාට වගේම මාර්ගයේ ගමන් කරන අනිත් අයටත් එච්චර හොඳ දෙයක් නෙමෙයි.ඒ විදියට තනි අතින් drive කරන එක අනතුරු ඇති වෙන්න වගේම drive කරන ඔයාගේ සෞඛ්‍ය තත්වයට හානි වෙන්නත් ලොකු හේතුවක් වෙන්න පුලුවන්.

Seat Belt එක

වාහනයක් drive කරනකොට අනිවාර්යෙන්ම අපි seat belt එක හරියටම දාන්න ඕනේ. මොකද ගොඩක් අනතුරු වලින් ජිවිතය ආරක්ෂා කරන්න seat belt එකට පුලුවන්. Seat belt එකක් දානකොට top strap එක අපේ පපුව හරහා තමයි යන්න ඕනේ. ඒ වගේම තමයි lower strap එක ඉන හරහා යන්න ඕනේ. මේ විදියට තමයි ආරක්‍ෂිත ගමනකට seat belt එක දාන්න ඕනේ.

මේ තමයි රියදුරු පාසලකින් නොලැබෙන අතිශය වැදගත් driving tips කීපයක්. මේ දේවල් සමහර කෙනෙක්ට පොඩි දෙයක් වෙන්න පුලුවන්. හැබැයි අලුතෙන් වාහනයක් drive කරන කෙනෙක්ට එහෙමත් නැත්නම් වාහනයක් drive කරන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් tips තමයි අද අපි කියල දුන්නේ. එහෙනම් ඔයත් අදින් පස්සේ වාහනය drive කරද්දී මේ tips follow කරන්න අමතක කරන්න එපා.

 

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Kona Premium SE 2020 for Sale

Hyundai Kona Premium SE 2020

72,000 km, Colombo
MEMBER
Rs 15,000,000
2 weeks ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
1 minute ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
Nissan Caravan E24 Brake Booster for Sale

Nissan Caravan E24 Brake Booster

verified MEMBER
Rs 45,000
2 weeks ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
7 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
26 minutes ago
15 inch 4 hole brand new Alloy wheels set for Sale

15 inch 4 hole brand new Alloy wheels set

verified MEMBER
verified
Rs 90,000
56 minutes ago
+ Post an ad on ikman