වාහනයක තියෙන safety package මොනවද?

06 Mar, 2024   
වාහනයක තියෙන safety package මොනවද?

අපි වාහනයක් ගන්නකොට මුලින්ම බලන්නේ ඒකෙ පිටත පෙනුම ගැන. ඊටපස්සේ මිල ගැන. ගොඩක් අය අමතකරන දෙයක් තමයි safety එක කියන්නේ. හැබැයි safety එකත් අපි අනිවාර්යෙන් බලන්න ඕනේ දෙයක්. මොකද තමන්ගෙම කියලා වාහනයක යද්දී අනිවාර්යෙන් ආරක්ෂාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් වාහනයක් drive කරන ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි safety packages කියන්නේ. ඉතින් ඔයත් ඔයාගේ වාහනයේ තියෙන safety packages ගැන දැනුවත්ද? ඒ නිසා අද CarsGuide අපි කියන්නේ වාහනයක තියෙන safety packages මොනවද කියලා.

වාහනයක තියෙන safety packages වර්ග

වාහනයක safety packages වර්ග දෙකක් තියෙනවා.
1. Active safety package
2. Passive safety package

Passive safety

Passive safety කියන්නේ අපි වාහනයේ ගමන් කරනකොට අනතුරක් වුණාට පසුව නැත්නම් අනතුරක් සිදු වෙන වෙලාවක අපිට සිදු කරන්න පුළුවන් පියවර වලටයි. Passive safety මඟින් අපිට හදිසි අනතුරකදී තුවාල වීමේ අවදානම අවම කිරීම හෝ වැළැක්වීම සිදු කරන්න පුළුවන්. වාහනයක තියෙන passive safety තමයි seat belt හා air bag කියන්නේ.

Active safety

Active safety කියන්නේ අනතුරක් සිදු වෙන්න කලින් අපිට ගන්න පුළුවන් ආරක්ෂාකාරී පියවර වලටයි. මෙහිදී අපිට සිදු වෙන අනතුරු වළක්වා ගන්න පුළුවන්. වාහනයක active safety වලට අදාළ දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ අනුව
– Windscreen
– Brake
– Rear view camera වගේ දේවල් active safety වලට අදාළ වෙනවා.

වාහනයක තියෙන safety sense

වාහනයක safety sense system 3ක් තියෙනවා.ඒ තමයි,
– වාහනයේ ඉදිරිපස අනතුරක් වැළැක්වීම
– වාහනය මංතීරු මාරු කිරීම
– Auto head light

වාහනයේ ඉදිරිපස අනතුරක් වැළැක්වීම

මෙහිදී වාහනයේ windscreen එකේ laser සහ camera එකක් තියෙනවා. මේ system වාහන brand වලට අනුව වෙනස් වෙනවා. මේ system එක මඟින් ඔයාට හදිසි අවස්ථාවකදී වාහනය නවත්වා ගන්න බැරි වුණොත් වාහනය නැවැත්වීමට මේ system එක උදව් කරනවා.

වාහනය මංතීරු මාරු කිරීම

ඔයා වාහනය මාර්ගයේ drive කරනකොට signal දාන්නේ නැතුව ඔයාගේ අවධානයෙන් නැතිව වාහනය යම් තරමක් හැරවුණොත් steering wheel එක මගින් වාහනය හරි මංතීරුවට යොමු කරනවා. මේ system එක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන්නේ වාහනය පැයට 40km ක පමණ වේගයකින් යනකොට විතරයි.

Auto head light

අපි රාත්‍රියේ වාහනයක් drive කරනකොට අපිට පැහැදිලිව මාර්ගය නිරීක්ෂණය කරන්න head light උදව් වෙනවා. නමුත් මේක අපිට පහසු වුණත් අපිට ඉදිරියෙන් එන වාහනයේ ගමන් කරන අයට මේ head light ගොඩක් අපහසුයි. ඉතින් මේ auto head light system එක මගින් සිදු වෙන්නේ රාත්‍රියේ වාහනයේ ගමන් කරනකොට ඉදිරියෙන් පැමිණෙන වාහන වලට අපහසුතාවයක් නොවෙන විදිහට head light පාලනය කරනවා. ඒ අනුව වාහනය ඉදිරියෙන් වාහනයක් පැමිණෙන විට head light එකේ එළිය අඩු කරලා වාහන නොමැති අවස්ථාවක head light එක නැවතත් තිබුණ තත්වයට පත්වෙනවා.

මෙන්ම මේ දේවල් තමයි වාහනයක තියෙන safety package. මේ safety package ගැන දැනගෙන හිටියොත් ඔයාට සිදු වෙන අනතුරු අවම කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා අලුතින් වාහනයක් ගන්නවා නම් ඒ වාහනයේ තියෙන safety package ගැනත් අවධානය යොමු කරන්න.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Sahara LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 100,000,000
3 days ago
Toyota Pixis 2018 for Sale

Toyota Pixis 2018

160,000 km, Galle
MEMBER
Rs 6,150,000
1 week ago
Hyundai Tucson Auto 2011 for Sale

Hyundai Tucson Auto 2011

210,000 km, Colombo
MEMBER
Rs 6,800,000
1 week ago
Honda Vezel Z Play Premium Plus 2023 for Sale

Honda Vezel Z Play Premium Plus 2023

39,000 km, Gampaha
verified MEMBER
verified
Rs 20,575,000
11 minutes ago
Suzuki Wagon R Custom Z 2025 for Sale

Suzuki Wagon R Custom Z 2025

200 km, Colombo
MEMBER
Rs 9,275,000
2 weeks ago
Auto Parts for saleikman logo
BMW X1 E84 Complete Facecut for Sale

BMW X1 E84 Complete Facecut

verified MEMBER
verified
Rs 10,000
15 minutes ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
GPS Tracking Unit ( City Track ) for Sale

GPS Tracking Unit ( City Track )

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
GPS Tracking Unit for Sale

GPS Tracking Unit

verified MEMBER
verified
Rs 7,500
1 hour ago
+ Post an ad on ikman