වාහන modifications වල categories මොනවාද?

06 Mar, 2024   
වාහන modifications වල categories මොනවාද?

වාහනයක් modify කරන එක, එක විදිහකට බැලුවොත් art එකක්. තවත් විදිහකට බැලුවොත් ඒකට විද්‍යාත්මක පැත්තක් තියෙනවා. ඔය කොහොම වුණත්, අද වෙනකොට වාහනයක් modify කරන එක trend එකක් වෙලා තියෙන්නේ. මේ modifications ගත්තම, අපිට ඒ ගැන එක එක පැති වලින් කතා කරන්න පුළුවන්. එතනදි ඒ ඒ modification එකෙන් අපි බලාපොරොත්තු වෙන දේවල් එක්ක modifications categorize වෙනවා. ඉතින් CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහන modifications වල categories මොනවද කියලා.

Body modifications

වාහන modifications වල එක category එකක් තමයි, body modification කියන්නේ. වාහනයේ exterior appearance එකේ සිදු කරන changes body modifications වලට ඇතුළත් වෙනවා. මේකට spoiler add කිරීම, කැමති color එකකින් paint කිරීම වගේම වාහනයට stylish හෝ unique look එකක් ලැබෙන body kits යෙදීම වගේ දේවල් ඇතුළත් වෙනවා. Car wrapping කියන එකත් මේ category එකටම වැටෙනවා. ඒකට හේතුව තමයි, structural හෝ mechanical changes නොකර වාහනයේ body එකට vinyl හෝ adhesive material යෙදීමෙන් ඒකෙ color එක, design එක හෝ finish එක වෙනස් කිරීම හරහා වාහනයේ appearance එක වෙනස් කිරීමේ ක්‍රමයක් වීම.

Wheel සහ Tire upgrades

වාහනයක wheel සහ tire upgrade කරන එකෙන් ඒ වාහනයේ performance සහ aesthetics improve කරන්න පුළුවන්. විශාල හෝ custom wheels සහ tires වාහනයට වඩාත් aggressive look එකක් ලබා දෙනවා. ඒ වගේම එමඟින් වඩාත් හොඳ traction එකක් සහ හොඳ handling experience එකක් ලබා දෙනවා.

Exhaust system upgrades

Exhaust system එක replace කිරීමෙන් වාහනයේ engine performance එක සහ engine sound එක වැඩි දියුණු කර ගන්න පුළුවන්. Sportier exhaust එකකින් ඔබේ වාහනයට වඩාත් aggressive roar එකක් ලබා දෙනවා. ඒ වගේම high-flow system එකකට horsepower සහ fuel efficiency එක improve කරන්න පුළුවන්.
Interior modifications

අපි හැමෝම කැමතියි වාහනයක යනකොට ගොඩක් comfortable විදිහට යන්න. ඉතින් වාහනයක් වඩාත් comfortable කරන්න වගේම හොඳ look එකක් ලබා ගන්න තමයි, මේ interior modifications කරන්නේ. මේ modifications අතරට comfortable seats යෙදීම, music system එකේ හොඳ sound එකක් ඇති කිරීම, cool lights add කිරීම, seat covers හෝ fancier look එකක් දෙන විදිහට materials වෙනස් කිරීම සහ sporty steering wheel එකක් යෙදීම වගේ දේවල් ඇතුළත් වෙනවා.

සමහර අය වාහනයෙන් එන noise එක block කරන්න, comfortable එක තියාගන්න blankets වගේ විශේෂ materials add කරනවා. ඊට අමතරව ඔබට special covers සහ cushions එක්ක වාහනයේ seats ආරක්ෂා කරගෙන හොඳ comfortable එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වාහනයේ floor එකට cool mats add කරන්නත් පුළුවන්. මේ හැම modification එකකින්ම වාහනයේ interior එක stylish වෙනවා වගේම ගොඩක් comfortable විදිහට ඔබේ ගමන යන්න ත් chance එක ලබා දෙනවා.

Lighting upgrades

වාහනයක lighting upgrades කියන්නේ, වාහනයේ inside එකේ සහ outside එකේ lights ගොඩක් හොඳ තත්වයට පත් කිරීමයි. වාහනයක inside එකේ lights හොඳ තත්වයට පත් කරන්නේ කොහොමද කියලා කිව්වොත්, වාහනයේ seat යට හෝ foot area එකේ LED වගේ cool lights add කරන්න පුළුවන්. එමඟින් වාහනයේ inside එකට stylish, fancy look එකක් ලබා දෙනවා.

එතකොට වාහනයක outside එකේ lights හොඳ තත්වයට පත් කිරීම ගැන කතා කළොත්, රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම අඳුරු මාර්ග වල වඩා හොඳින් දකින්න ඔබට brighter headlights යොදන්න පුළුවන්. වාහනයේ rear එකේ තියෙන brake lights සහ turn signal lights brighter සහ noticeable කරන විදිහට වෙනස් කරන්න මේ modifications උදව් වෙනවා. මේ upgrades ඔබේ වාහනය cool කරන්න විතරක් නෙවෙයි, අඳුරු හෝ අයහපත් කාලගුණික තත්වයක් තුළ safety විදිහට drive කරන්නත් උදව් වෙනවා.

මේ විදිහට අපිට පුළුවන්, වාහන modifications categorize කරන්න. ඒ අතර අපි කිව්වා වගේ වාහනයේ exterior look එක වැඩි කරන, interior look එක වගේම comfortable බව වැඩි කරන එතකොට engine performance වැඩි කරන modifications ගොඩක් තියෙනවා. සමහර විට ඔබ මේ modifications කරලත් ඇති. ඉතින් අද අපේ Article එකෙන් වාහන modifications වල categories මොනවද කියලා හොඳ අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා අපි හිතනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux REVO ROCCO 2.8 AT 2025 for Sale

Toyota Hilux REVO ROCCO 2.8 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,000,000
1 week ago
Honda Vezel Z Premium 2023 for Sale

Honda Vezel Z Premium 2023

29,500 km, Gampaha
verified MEMBER
verified
Rs 18,390,000
28 seconds ago
Suzuki Wagon R FZ 2017 for Sale

Suzuki Wagon R FZ 2017

80,000 km, Gampaha
MEMBER
Rs 5,900,000
2 weeks ago
MG S5 Ev 2025 for Sale

MG S5 Ev 2025

3,000 km, Gampaha
MEMBER
Rs 17,550,000
6 days ago
Porsche Macan 2016 for Sale

Porsche Macan 2016

148,000 km, Colombo
verified MEMBER
verified
Rs 33,500,000
43 seconds ago
Auto Parts for saleikman logo
Premio 260 (2018) Tail Lamp for Sale

Premio 260 (2018) Tail Lamp

verified MEMBER
verified
Rs 68,000
5 days ago
lenovo android car dvr recorder for Sale

lenovo android car dvr recorder

verified MEMBER
verified
Rs 15,300
23 seconds ago
UNIVERSAL FOG LAMP WITH DRL AND SIGNAL for Sale

UNIVERSAL FOG LAMP WITH DRL AND SIGNAL

verified MEMBER
verified
Rs 9,000
46 seconds ago
HP android apple car audio setup 9inch for Sale

HP android apple car audio setup 9inch

verified MEMBER
verified
Rs 31,500
1 minute ago
+ Post an ad on ikman