Top Budget Car Modifications

14 Dec, 2023   
Top Budget Car Modifications

හැම කෙනෙක්ටම තියෙන ලොකුම හීනයක් තමයි වාහනයක් කියන්නේ. ඒ වගේම හැමෝම කැමතියි තමන්ගේ වාහනය ලස්සනට තියාගන්න. ඒ නිසාම ගොඩක් අය කැමති luxury වාහන වලට. ඒත් හැමෝටම luxury වාහන ගන්න වත්කමක් නැහැ. ඇත්තටම luxury වාහනයක් ගන්නවට වඩා ඔයා ළඟ තියෙන පරණ වාහනය modification කරලා එකට luxury පෙනුමක් දෙන්න ඔයාට පුළුවන්. ඉතින් අද CarsGuide අපි ඔයාට කියන්නේ ඔයා ළඟ තියෙන පරණ වාහනයට luxury පෙනුමක් දෙන modifications ගැන.

අලුත් head lights දාන්න

අපි වාහනයක් දැක්ක ගමන්ම බලන්නේ වාහනයේ බාහිර පෙනුම ගැන. ඉතින් head lights කියන්නේ වාහනයේ බාහිර පෙනුම වැඩි කරන දෙයක්. ඔයාගේ වාහනයේ තියෙන head lights වෙනුවට අලුත් head lights දාන්න පුළුවන් නම් ඔයාගේ වාහනයේ පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්. ඔයාගේ පරණ වාහනයේ බොහෝ විට තියෙන්නේ halogen headlight. ඉතින් ඔයාට ඔයා කැමති විදිහේ design වල head lights යොදා ගන්න පුළුවන්.

Windshield wipers වෙනස් කරන්න

ඔයාගේ වාහනේ පෙනුම වැඩි කරන තව දෙයක් තමයි windshield wipers කියන්නේ. වැස්ස වේලාවකදී වැසි වතුර වගේම අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කිරීම තමයි wipers වලින් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න විවිධ design වලින් සහ විවිධ colours වලින් තියෙන wipers දාන්න.

Floor mats වෙනස් කරන්න
ඔයාගේ වාහනයට අලුත් පෙනුමක් ගන්න කැමති නම් මේකත් හොඳ option එකක්. සාමාන්‍යයෙන් floor mats එන්නේ වාහනේ black වගේ colours වලින්.හැබැයි ඔයාට පුළුවන් කවුරුත් හිතන්නේ නැති විදිහට විවිධ colour වල floor mats use කරන්න. ඉතින් carpet හා mats වල දුවිලි, කුණු දිනපතා එකතු වෙනවා. ඉතින් ඒ වගේ කාලයක් යද්දී මේ carpet දිරාපත් වෙන්න වගේම අපිරිසිදු වෙන්න බලනවා.

Wheels සහ rims දාන්න

සාමාන්‍යයෙන් වාහනවල තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ wheel. ඉතින් ඔයාට ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න වාහනයට ගැළපෙන විදිහට කුඩා හෝ විශාල wheels use කරන්න පුළුවන්.

Seat covers වෙනස් කරන්න

අපි වාහනයේ දොර විවෘත කරපු ගමන්ම පේන්න තියෙන්නේ seat covers. සාමාන්‍යයෙන් seat covers එන්නේ black හෝ brown colours වලින්. ඉතින් අපිට පුළුවන් වාහනයේ original එන seat covers වෙනුවට ලස්සන colours සහ design වලින් හොඳ පෙනුමක් තියෙන seat covers දාන්න. ඒකෙන් වාහනයට ඇත්තටම luxury පෙනුමක් එකතු වෙනවා. ඒ වගේම වාහනයක seat covers කියන්නේ ගොඩක් වෙලාවට අපිරිසිදු වෙන දෙයක්. ඔයාගේ seat covers වල පැල්ලම්, කුණු, දුවිලි තියෙනවා නම් ඔයාට පුළුවන් අලුත් seat covers මිලදී ගන්න.

අලුත් pedals දාන්න

Pedals වලටත් පුළුවන් ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරන්න. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට metal pedals use කරන්න. Metal pedals මඟින් වාහනයට හොඳ පෙනුමක් ලබා දෙනවා වගේම ඔයාට ගොඩක් කල් පාවිච්චි කිරීමේ හැකියාවත් තියෙනවා.

Steering wheels වෙනස් කරන්න

ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරන තව දෙයක් තමයි steering wheels කියන්නේ. ඉතින් ඔයාට පුළුවන් වාහනයේ steering wheel එකට match වෙන steering wheel cover එකක් භාවිතා කරන්න. ඒ වගේම මේ නිසා වාහනයට අලුත් පෙනුමක් ලැබෙනවා වගේම drive කිරීමත් ගොඩක් පහසු කරනවා. හැබැයි මතක තියාගන්න සමහර steering wheel cover වල grip එක අඩුයි. ඉතින් එතකොට ඔයාට drive කරන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා steering wheel cover එක වෙනස් කරද්දී ඔයාගේ පහසුව ගැනත් බලන්න අමතක කරන්න එපා.

Spoilers සහ lights දාන්න

ගොඩක් වෙලාවට spoilers තියෙන්නේ sports වාහන වල. ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්නත් ඔයාට spoilers use කරන්න පුළුවන්. ඒකෙන් ඔයාගේ වාහනයට හොඳ පෙනුමක් ලැබෙනවා. වාහනයේ colour එකටම match වෙන විදිහට හෝ black colour එකෙන් ඔයාට spoilers දාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වාහනයේ පෙනුම වැඩි කරගන්න LED lights යොදා ගන්නත් පුළුවන්.

මේ දේවල් තමයි ඔයාගේ පරණ වාහනයට luxury පෙනුමක් දෙන modifications. ඉතින් ඔයාගේ වාහනය luxury look එකට තියාගන්න ඕනේ නම් CarsGuide අපි අද කියපු modifications try කරලා බලන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Lexus LX500d DIESEL TURBO 2025 for Sale

Lexus LX500d DIESEL TURBO 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 142,500,000
1 day ago
Daihatsu Taft G Turbo Chrome 2024 for Sale

Daihatsu Taft G Turbo Chrome 2024

1,980 km, Colombo
verified MEMBER
Rs 8,550,000
9 seconds ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
MEMBER
Rs 35,500,000
2 weeks ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
MEMBER
Rs 35,500,000
2 weeks ago
Mercedes Benz Vito 116 CDI MIXTO 2017 for Sale

Mercedes Benz Vito 116 CDI MIXTO 2017

180,000 km, Colombo
MEMBER
Rs 30,000,000
2 weeks ago
Auto Parts for saleikman logo
Land Rover Discovery Parts for Sale

Land Rover Discovery Parts

verified MEMBER
verified
Rs 96,500
1 week ago
Honda Civic ( Turbo) Coolant Tank for Sale

Honda Civic ( Turbo) Coolant Tank

verified MEMBER
Rs 20,000
5 minutes ago
Bajaj Atto 3pot Cablattar for Sale

Bajaj Atto 3pot Cablattar

MEMBER
Rs 3,000
8 minutes ago
500GB HARD DRIVE for Sale

500GB HARD DRIVE

verified MEMBER
verified
Rs 1,500
11 minutes ago
Shock Absorber Suzuki Alto 800 for Sale

Shock Absorber Suzuki Alto 800

verified MEMBER
Rs 9,500
17 minutes ago
+ Post an ad on ikman