High way එකේ යන්න කලින් මේ ගැනත් හිතන්න

22 Apr, 2024   
High way එකේ යන්න කලින් මේ ගැනත් හිතන්න

ඔයා නිතරම highway එකේ යනවද? ඔව්. දැන් ඕනෙම කෙනෙක් highway යන එක දැන් සාමාන්‍ය දෙයක්. අපිට හදිසි ගමනක් යන්න සිදු වුණොත් අපි අනිවාර්යෙන් highway පාරවල් තමයි තෝරාගන්නේ. මොකද අපිට ඉක්මනට යන්න පුළුවන් වෙනවනේ. හැබැයි මේ highway වල යන අය හිතන්න ඕනේ දේවල් වගේම කරන්න ඕනේ දේවල් කිහිපයකුත් තියෙනවා. නමුත් බොහෝ දෙනා high way යන එක ගැන එච්චර හිතන්නේ නැහැ. මේ විදිහට යන එක මඟින් ඔයාට වගේම පාරේ ගමන් කරන අනෙක් අයටත් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්න ඒ නිසා අද CarsGuide අපි ඔයාට කියන්නේ highway එකේ යන්න කලින් හිතන්න ඕනේ දේවල් සහ යනකොට කරන්න ඕනේ දේවල් කිහිපයක් ගැනයි.

Highway යන එකෙන් තියෙන වාසි

– අධිවේගී මාර්ගවල අතරමං වීමට ඇති ඉඩකඩ අඩුයි
– ඉන්ධන පිරිවැය අඩු කරනවා
– සාමාන්‍ය මාර්ග වලට වඩා ආරක්ෂාකාරී වෙනවා
– ඉන්ධන පිරිවැය ඉතිරි කරනවා
– කාලය ඉතුරු වෙනවා
– Drive කරන්න පහසුයි

Highway එකට දාන්න කලින්

අපි වාහනයක් high way එකට දානවා නම් මුලින්ම කරන්න ඕනේ seat belt දාගන්න එක. වාහනයේ ඉස්සරහා seat වල ගියත් පිටිපස්සේ seat වල ගියත් අනිවාර්යෙන් seat belt දාගන්න ඕනේ. High way එකට ඇතුල් කරනකොට වාහනයේ අය seat belt දාගෙනද ඉන්නේ කියල සමහර අවස්ථාවල පොලිස් නිලධාරින් පරික්ෂා කරනවා. ඉතින් එහෙම පරික්ෂා කළේ නැතත් වාහනයේ ඉන්න හැමෝම seat belt ගෙන ඉන්න එක මඟින් වාහනයේ ගමන් කරන හැමෝගෙම ආරක්ෂාවට හොඳ පියවරක්.

වාහනයේ ටයර් පරික්ෂා කරන එකත් high way එකට දාන්න කලින් කරන්න ඕනේ දෙයක්. මොකද වාහනයේ ටයර් ගෙවිලා තිබුණොත් සමහර අවස්ථාවල අනතුරු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වාහනයේ තියෙන wiper හොඳට තියෙනවද කියලත් බලන්න ඕනේ. මොකද අපි high way එකේ drive කරනකොට වර්ෂාවක් ඇති වුණොත් අනිවාර්යෙන් මාර්ගය පැහැදිලිව බලාගන්න wiper හරියට නිසිලෙස ක්‍රියා කරන්න ඕනේ.

High way එකේ යනකොට දැනගන්න ඕනේ දේවල්

High way එකේදී වාහනයක් නිවැරදිව overtake කරන විදිහ

වාහනයක් high way එකේ drive කරනකොට වාහනයක් overtake කරන්න ඕනේ ක්‍රමයක් තියෙනවා. සාමාන්‍ය මාර්ගයක overtake කරනවා වගේ highway පාරක overtake කරන්න බැහැ. ඔයා overtake කරන්න යන වාහනය ගමන් කරන මං තීරුවට පැත්තෙන් තියෙන මං තීරුවට වාහනය දාගෙන වාහනය overtake කරන්න. ඊට පස්සේ එක පාරටම නැවතත් අනෙක් මං තීරුවට වාහනය මාරු කරන්න එපා. මොකද පිටිපස්සෙන් එන වාහනයත් එන්නේ වේගයෙන් නිසා ඔයා එක පාරටම වාහනය දාන එකෙන් ලොකු අනතුරු වෙන්න පුළුවන්.

වාහනයේ වේගය

Highway එකක drive කරනකොට වාහනයේ වේගය ගැනත් සැලකිළිමත් වෙන්න ඕනේ. Highway එකේ speed limit එක පැයට 100km නම් ඊට වැඩියෙන් යන්න එපා. හැබැයි ඔයාට පැයට 90km ක් 80km ක් වගේ වේගයකින් යන්න පුළුවන්. හැබැයි ඔයා high way මාර්ගයක පැයට 40km වගේ වේගයකින් යන්න එපා.

High way එකේ exit වෙන තැන පහු වුණොත් මොකද කරන්නේ?

ඔයා highway එකෙන් exit වෙන්න ඕනේ තැන බැරි වෙලා හරි පහු වුණොත් වාහනය slow කරලා reverse කරලා යන්න හදන්න එපා. ඒ වගේ වෙලාවක ඔයා කරන්න හොඳම දේ තමයි වාහනය drive කරගෙන ඉස්සරහටම ගිහින් ඊළඟ exit වෙන තැනින් පිට වෙන එකයි.

වර්ෂාව ඇති අවස්ථාවක

Highway එකේ යනකොට වර්ෂාවක් ඇති වුණොත් ඔයාගේ වාහනයේ වේගය අඩු කරන්න ඕනේ. මොකද අපිට ඉදිරියෙන් යන වාහන වැස්ස නිසා හරියට පෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල වේගයෙන් ගියොත් අනතුරක් අනිවාර්යෙන් සිදු වෙන්න පුළුවන්. ඒ වාගේම වර්ෂාව ඇති වෙන අවස්ථාවක වාහනයේ රෝද ලිස්සලා යන්නත් ඉඩ තියෙනවා.

වාහන අතර ප්‍රමාණවත් ඉඩත් තියාගන්න

Highway එකේ ගමන් කරනකොට සලකා බලන්න ඕනේ තවත් දෙයක් තමයි වාහන අතර තියෙන ඉඩ ප්‍රමාණය කියන්නේ. ඔයා වාහනය drive කරනකොට ඉදිරියෙන් යන වාහනය අතර ප්‍රමාණවත් පරතරයක් තියාගන්න ඕනේ. නැත්නම් ඉදිරියෙන් යන වාහනය එක පාරටම කාර්මික දෝෂයක් හෝ වෙනත් හේතුවක් නිසා වාහනය slow කළොත් අනතුරක් ඇති වෙන්න පුළුවන්.

මෙන්න මේ දේවල් තමයි highway drive කරන ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔයා high way එකේ drive කරනකොට මෙච්චර කල් මේ දේවල් ගැන හරියටම බැලුවේ නැහැ නේද? එහෙනම් අද ඉදලා මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා පරිස්සමින් highway එකේ drive කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel RS 2018 for Sale

Honda Vezel RS 2018

49,000 km, Colombo
MEMBER
Rs 15,800,000
1 month ago
Toyota Corsa 2000 1998 for Sale

Toyota Corsa 2000 1998

371,472 km, Colombo
verified MEMBER
verified
Rs 2,990,000
8 minutes ago
Toyota Vitz Edition 3 2019 for Sale

Toyota Vitz Edition 3 2019

51,000 km, Gampaha
MEMBER
Rs 9,950,000
1 week ago
Suzuki XBee MZ HYBRID BRAND NEW 2024 for Sale

Suzuki XBee MZ HYBRID BRAND NEW 2024

19 km, Colombo
verified MEMBER
verified
Rs 12,390,000
17 minutes ago
Hyundai Ioniq 2020 for Sale

Hyundai Ioniq 2020

22,000 km, Colombo
MEMBER
Rs 10,500,000
21 minutes ago
Auto Parts for saleikman logo
BMW X5 X6 Genuine Wiper Blade Set for Sale

BMW X5 X6 Genuine Wiper Blade Set

verified MEMBER
Rs 22,500
8 minutes ago
Ranger Rover AJ200 water pump for Sale

Ranger Rover AJ200 water pump

verified MEMBER
Rs 75,000
12 minutes ago
Audi A3 Head Light for Sale

Audi A3 Head Light

verified MEMBER
Rs 175,000
17 minutes ago
+ Post an ad on ikman