වාහනයක් modify කරන්න කලින් ඔබ දැනගත යුතු දේවල්

31 Aug, 2023   
වාහනයක් modify කරන්න කලින් ඔබ දැනගත යුතු දේවල්

Modification කියන වචනෙ අපි හැමෝටම හරි හුරු පුරුදුයිනෙ. පාරට බැස්සත් modify කරපු වාහන ඕන තරම් දකින්න පුළුවන්.

වාහනේ modify කිරීම මඟින් වාහනේට trendy look එකක් ලබා දෙනවා වගේම වාහනයේ performance වැඩි කර ගන්නත් පුළුවන්. ඉතින් වාහනයක් තිබුණත්, ගන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඔබ අනිවාර්යයෙන්ම දන්න දෙයක් තමයි, modification කියන්නෙ. හැබැයි ඔබ දන්නවද වාහනයක් modify කරන්න කලින් දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා. නෑ නේද? CarsGuide අපි ඒ ගැන තමයි අද ඔබව දැනුවත් කරන්නෙ.

දැන් වෙනකොට වාහන modify කරන එකත් business එකක් බවට පත් වෙලා ඉවරයි. වාහන modify කරනකොට අරමුණු කරන්නෙ, වාහනේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම හෝ වැඩිදියුණු කිරීම. ඒ නිසා, වාහනයේ දෝෂ සහිත කොටස් අලුත්වැඩියා කිරීම මේ යටතට වැටෙන්නෙ නෑ. ඊට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි, මේ modification කියන්නෙ. ඒ වගේම මේ modification මඟින් වාහනයේ ලොකු වෙනසක් හෝ පොඩි වෙනසක් වෙන්න පුළුවන්.

දැන් අපි බලමු වාහනයක් modify කරන්න කලින් ඔබ දැන ගන්න ඕන දේවල් මොනවද කියලා.

වැය වන මුදලට අවධානය දීම

අපි කතාවටත් කියන්නෙ, ලස්සන දේවල් ගණං වැඩියි කියලා. එක පැත්තකින් ගත්තොත්, වාහනේ modify කරන්නෙ, අනිත් වාහන වලට වඩා ලස්සනට කැපිලා පේන්න ඕන නිසානෙ. එතකොට ඒකට අවශ්‍ය කරන කොටස් මිලදී ගන්න සල්ලි ටිකක් වියදම් කරන්න වෙනවා. සමහර විට, ඔබට නම් මේක hobby එකක් වගේ ඇති. හැබැයි ඒක ඇත්තටම ඔබේ එදිනෙදා වියදම් තව තවත් වැඩි කරනවා. ඒ නිසා, වාහනේ modify කරනවා කියන එක, ලේසි පහසු දෙයක් නම් නෙවෙයි. ඒ වගේම ලාභදායී දෙයකුත් නෙවෙයි.

වැදගත්ම දේ තමයි, වාහනේ modify කිරීම, ඒකෙ value එකට සෘජුවම බලපෑමක් ඇති කරනවා. ගොඩාක් වාහන modify කළාම වාහනේ වටිනාකම නැත්තටම නැතුව යනවා. ඉතින් හදිස්සියේ හරි වාහනේ විකුණන්න වුණොත් අමුතුවෙන් ලාභයක් කියලා නම් ලැබෙන්නෙ නැහැ.

නීතිමය කටයුතු

‘මොන දේ වුණත් මං වාහනේ modify කරනවාමයි’ ඔබ මෙහෙම හිතුවොත්, ඊට කලින් අනිවාර්යයෙන්ම දැන ගන්න ඕනෙ වැදගත්ම දේ තමයි, වාහන modify කිරීම සම්බන්ධව තියෙන නීතිය. සමහර modification වලට නීතියෙන් අවසර තියෙන අතර සමහර modification වලට නීතියෙන් අවසර නෑ.

දැන් අපි බලමු නීතියෙන් අවසර නැති modification කිහිපයක්.

Light

වාහනයේ Headlight කහ හෝ සුදු පැහැති වෙන්න ඕනෙ. ඒ වගේම Rear light රතු පැහැති වෙන්න ඕනෙ. වෙනත් වර්ණ යෙදීම නීතියට පටහැනියි. ඒ වගේම, Drive කරනකොට focus එක වෙනතකට යොමු වීමේ risk එක අවම කරන්න, Neon light තහනම් කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ modification කරන්න හිතන්නවත් එපා.

Tint කරපු windows

හැමෝම ආස ඉතින් කාගෙ නැතත් තමන්ගෙ වාහනේ ලස්සනට තියා ගන්නනෙ. ඒ නිසා ගොඩක් අය වාහනේ windows tint කරනවා. එහෙම කළාට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි windows tint කිරීම සම්බන්ධව නීතියක් තියෙනවා. Windows මතට එන ආලෝකයෙන් අවම වශයෙන් 75% ක්වත් ඒ තුළින් විනිවිද යන්න ඉඩක් නැත්නම්, ඒ වගේ tint කරපු windscreen තිබීම නීති විරෝධීයි. අනිත් එක තමයි front side windows තුළින් අවම වශයෙන් 70% ක ආලෝකයක් විනිවිද යාමට ඉඩ දෙන්න ඕනෙ.

ආරක්ෂාව තහවුරු කිරීම

වාහනයට මොන modification එක කළත්, ඒක ඔබේ වාහනේ යන අයටවත්, පාරෙ යන එන අයටවත් හානියක් නොවෙන බවට සහතිකය වෙන්න ඕනෙ. ඒ නිසා, qualified mechanic කෙනෙක් හරහා ඔබට අවශ්‍ය modification එක කිරීම වැදගත් වෙනවා.

Insurance Company එක දැනුවත් කිරීම

ඕනම වාහනයක පෙනුම සහ performance වෙනස් කරන ඕනම modification එකක්, රක්ෂණ සපයන්නා විසින් තක්සේරු කරන්න ඕනෙ. අනතුරක් සිදු වීමේ අවධානමක් පැවතීම තමයි මේකට හේතුව. ඒ නිසා වාහනේ modify කිරීම, Insurance එකට බලපානවා. ඉතින් අනිවාර්යයෙන්ම වාහනේ modify කරන්න කලින් Insurance Company එකට ඒ ගැන කියන්න.

වාහනේ modify කළාට පස්සෙ නෙවෙයි, ඊට කලින් තමයි ඔබ මේ දේවල් දැන ගන්න ඕනෙ. මොකද ඔබ modify කරන්නෙ, නිෂ්පාදකයා විසින් කරපු ආකෘතිය. ඒ නිසා වාහනේ modify කරනවා කියලා හිතනකොටම අද අපි කියපු දේවල් ටිකත් ඔබේ කල්පනාවට එන්න ඕනෙ

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R Stingray Turbo 2023 for Sale

Suzuki Wagon R Stingray Turbo 2023

1,800 km, Colombo
verified MEMBER
Rs 9,400,000
1 day ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

136,000 km, Colombo
MEMBER
Rs 12,950,000
8 seconds ago
Peugeot 5008 Estate Hybrid 2025 for Sale

Peugeot 5008 Estate Hybrid 2025

0 km, Colombo
verified MEMBER
Rs 38,500,000
2 minutes ago
Toyota Vitz 2009 for Sale

Toyota Vitz 2009

124,000 km, Matara
MEMBER
Rs 5,800,000
4 days ago
BMW 520d F10 2013 for Sale

BMW 520d F10 2013

139,000 km, Colombo
MEMBER
Rs 18,000,000
2 days ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Toyota Prius Window Trims for Sale

Toyota Prius Window Trims

verified MEMBER
Rs 7,500
3 minutes ago
Montero V98 Side Mirror Lens for Sale

Montero V98 Side Mirror Lens

verified MEMBER
Rs 4,500
3 minutes ago
Toyota Premio Leather Seat Covers for Sale

Toyota Premio Leather Seat Covers

verified MEMBER
Rs 45,000
3 minutes ago
Suzuki Wagon R 2017 Door Visors for Sale

Suzuki Wagon R 2017 Door Visors

verified MEMBER
Rs 8,500
3 minutes ago
+ Post an ad on ikman