වාහනයක් modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල්

06 Nov, 2023   
වාහනයක් modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල්

අපි හැමෝම වාහන වලට හරිම ආසයි. ගොඩක් අයගේ හීන අතරින් තියෙන ඉහළම හීනයක් තමයි වාහනයක් කියන්නේ. අද වෙනකොට හැමෝම තමන්ගේ වාහනය modify කරන්න පෙළබිලා ඉන්නවා. ගොඩක් අය තමන්ගේ වාහනය modify කරන්න කොච්චර ආසද කියනවා නම්, modify කලාට පස්සේ එන side effect ගැන නොසලකා හරිනවා. අද CarsGuide අපි කියන්නේ වාහනයක් modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල් මොනවද කියලා.

Modifications කරන්න වැය වෙන cost එක

වාහනයක් modify කරන එක ලාබදායි වෙන්නේ නැහැ. ඒ සඳහා විශාල මුදලක් වැය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා modify කරන්න කලින් යන වියදම ගැන බලන්න මතක තියාගන්න. සාමාන්‍යයෙන් basic modifications වලට ලොකු මුදලක් වැය වෙනවා. ඒ වගේම වියදම් අඩුවෙනුත් modify කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔයා එකම තැනකින් නැතුව shop දෙක තුනකින්ම modify කරන්න යන වියදම් දැනගන්න. ඒකෙන් ඔයාට දැරිය හැකි මිලකට වැඩේ කරගන්න කෙනෙක් හම්බෙන්න පුළුවන්. මේ කොහොම වුණත් modify කරගද්දී ආරක්ෂිතව හා නිසි ලෙස කරගන්න ඕනේ.

Practicality බව

ඔයා එදිනෙදා වාහනය පාවිච්චි කරන කෙනෙක් විදිහට ඔයා කරන modify practically කොයිතරම් දුරට සාර්ථකද කියලා බලන්නත් මතක තියාගන්න. මොකද කොච්චර modifications කලත් ඒවා වාහනයට බලපෑමක් වෙනවා නම් වැඩක් නැහැ. සමහර modify, drive කිරීමේදී practically සුදුසු වෙන්නෙම නැති තරම්. එදිනෙදා රිය පැදවීම සඳහා වඩාත් හොඳ practically වෙනස් කිරීම් වලට air filter replace කිරීම, ටයර් වැඩිදියුණු කිරීම හා seat covers replace කිරීම ඔයාට කරන්න පුළුවන්.

Insurance rates ගැන බලන්න

ඔයා වාහනය modify කරනවා නම් ඒකෙන් ඔයාගේ insurance rate එක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා modify කරන්න කලින් මේ ගැනත් හොයලා බලන්න. ඔයා වාහනයට turbocharger හරි supercharger සවි කිරීමෙන් insurance rate එක ගොඩක් වැඩි වෙනවා.

Warranty එක ගැන

වාහන අලෙවි නියෝජිත ආයතනයකින් වාහනයක් ගන්න එකේ වාසියක් වෙන්නේ ඔයාට warranty එක්ක ලැබීමයි. වාහනයේ ගැටලු ඇති වුණොත් නොමිලේ අලුත්වැඩියාවක් හෝ මුදල් ආපසු ගෙවීමක් කරගන්නත් warranty එක නිසා හැකියාව තියෙනවා. එත් ඔයා වාහනය modify කලොත් ඔයාගේ warranty එක cancel වෙන්න පුළුවන්. Modify කරන්න අදහස් කරන වාහනයක් මිලදී ගන්නකොට, ඒක warranty එකට බලපාන්නේ කොහොමද කියලා distributor සමඟ කතා කරගන්න.

වාහනයේ value එක හා sell-ability බලන්න

වාහනය modify කිරීම මඟින් එහි වටිනාකම වැඩි වෙනවා වගේම ගැනුම්කරුවන්ගේ ආකර්ෂණයටත් හේතු වෙනවා. සමහර අවස්ථාවලදී modify කිරීම් කරනකොට පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකෙන් වාහනයට හානි වෙන්නත් පුළුවන් නිසා.

Maintenance කටයුතු ගැනත් බලන්න

ඔයා වාහනයේ මොන modification කලත් වාහනය නඩත්තු කරන්න අමතක කරන්න එපා. වාහනය ගොඩක් කල් තියාගන්න වගේම smoothly ධාවනය වෙන්නත් නඩත්තු කටයුතු නිසි ලෙස කරන්න ඕනේ. Oil change කිරීම, tires inflating සහ service schedule එකකට අනුව සාමාන්‍ය නඩත්තු කටයුතු කරගන්න ඕනේ.

Plan එකක් හදා ගන්න

ඔයා කලින්ම මේ සඳහා plan එකක් හදලා තියාගන්න. ඒකෙන් ඔයාගේ මුදල් ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් modification එකක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාට අවශ්‍ය modification මොනවද කියලා වගේම වියදම් කොහොමද යන්නේ කියන එකත් plan එකක් හදලා තියාගන්න.

මේ දේවල් තමයි ඔයා වාහනය modify කරන්න කලින් හිතන්න ඕනේ දේවල්. CarsGuide අපි කියපු විදිහට දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ වාහනය modify කරන්න කලින් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery 5 HSE 2017 for Sale

Land Rover Discovery 5 HSE 2017

83,000 km, Colombo
MEMBER
Rs 32,500,000
2 weeks ago
Daihatsu Mira G GRADE 2025 for Sale

Daihatsu Mira G GRADE 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 7,890,000
1 minute ago
Suzuki Spacia Xs Custom Turbo 2025 for Sale

Suzuki Spacia Xs Custom Turbo 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 11,000,000
1 minute ago
Renault KWID 2016 for Sale

Renault KWID 2016

88,160 km, Batticaloa
MEMBER
Rs 3,575,000
1 minute ago
Porsche Taycan 2024 for Sale

Porsche Taycan 2024

500 km, Colombo
verified MEMBER
verified
Rs 78,500,000
2 minutes ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman