වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

22 Mar, 2024   
වාහනයේ ටයර් modify කරන්න කලින් මේ ගැනත් හිතන්න

වාහනයක් ගන්නවා කියන එක අපි හැමෝගෙම හීනයක්. කොහොම හරි වාහන සිහිනය සැබෑ කරගත්තට පස්සේ ගොඩක් දෙනා කරන්නේ තමන් කැමතිම විදිහට වාහනය වෙනස් කරන එක. කෙටියෙන්ම කිව්වොත් ගත්ත වාහනේ පෙනුම, performance වගේ දේවල් modify කරනවා.ඉතින් මේ විදිහට අලුත් කාර් එකක් ගත්තට පස්සේ ගොඩක් අය මුලින්ම upgrade කරන්නේ රෝද සහ ටයර්. ඉතින් අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයේ ටයර් modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල් මොනවද කියලා.

Tyre upsizing වර්ග

ටයර් ඉහළ දැමීමේ ප්‍රධාන වර්ග දෙකක් තිබෙනවා.

Plus sizing: එකම දර්ශන අනුපාතය (ටයරයේ පළලට සාපේක්ෂව ටයරයේ උස) පවත්වා ගනිමින් රෝදයේ ප්‍රමාණය වැඩි කිරීම මෙයට ඇතුළත් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට වාහනයට shorter sidewall, හැසිරවීමේ පහසුවක් සහ sporty look එකක් එකතු වෙනවා.

Section width upsizing: වාහනයේ wheel size එක වෙනස් නොකරමින් ටයර් වල පළල වැඩි කිරීම මෙහිදී සිදු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට taller sidewall එකක් සහිත පුළුල් ටයරයක්, වඩා හොඳ ගමනක් සහ වැඩි stability එකක් ලබා ගන්න පුළුවන්.

Upsize කරන්න කලින් හිතන්න

Vehicle modification කියන්නේ කලාවක්. ඉතින් මේක හිතුමනාපෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ටයර් modify කිරීමේදී අපි ඒ පිළිබඳව හරිහැටි අවබෝධයක් ලබා ගන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ ටයර් upsize කිරීමට පෙර, එය ක්‍රියා කරන ආකාරය තේරුම් ගන්න ඕනේ.

ගොඩක් වෙලාවට වෙලඳසැල් වලින් ඔවුන්ට උපරිම ලාභයක් ලබා දෙන ටයරය සහ රෝදය විකිණීමට උත්සාහ කරනවා. නමුත් ලාභ රැවටී වාහනයට හරියටම ගැළපෙන්නේ නැති, ප්‍රමාණයෙන් වැරදියි ටයර් එකක් මිලදී ගත්තොත් වෙන්නේ මෝටර් රථය පැදවීම සහ හැසිරවීම අපහසු වෙනවා වගේම, එමඟින් මෝටර් රථයටත් හානි සිදු වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා සෑම විටම තමන්ගේ වාහනයට අදාළ standard size භාවිතා කරන්න.
නමුත් ඔබට ඒ පිළිබඳව හරි හැටි දැනුමක් නැතිනම් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබාගෙන අදාළ ටයරය ඔබේ වාහනයට ගැළපේදැයි තහවුරු කරගන්න අමතක කරන්න එපා.

ටයරයේ නිවැරදි ප්රමාණය සහ විෂ්කම්භය පරීක්ෂා කරන්න

ඔබ මොන තරම් ටයර් එක modify කරන්න ආස වුණත් මතක තියාගන්න ඕනේ පළවෙනි දේ තමයි, ටයර් එකට දැඩි වෙනස්කම් සිදු කරන්නේ නැතුව ඔබේ මෝටර් රථයේ මුලින් සවි කර ඇති ටයර් එකේ විෂ්කම්භයට තරමක් ගැළපෙන ටයර් එකක් තෝරාගන්න ඕනේ කියන එක.
අපි දැන් බලමු කොහොමද ටයර් එකේ විෂ්කම්භය සොයා ගන්නේ කියලා.

ටයරයේ පැත්තේ ඇති සලකුණු කියවන්න. උදාහරණයක් විදිහට එහි 175/70/R13 ලෙස තියෙනවා දැකගන්න පුළුවන්. මෙහි 175 කියන්නේ ටයර් එකේ contact patch එකේ size එක මිලිමීටර් වලින්. 70 යනු contact patch percentage එක අනුව sidewall එකේ උසයි. මෙහි R යන්නෙන් අදහස් කරන්නේ radial tyre යන්නයි. ඒ වගේම 13 යන්නෙන් අදහස් වන්නේ අඟල් වලින් rim එකේ විෂ්කම්භයයි.

සම්පූර්ණ ටයර් විෂ්කම්භය ගණනය කරමු

17.5 cm + 17.5cm 70% + 13 x 2.54 cm (1”= 2.54 cm)

Modify කරන්න කලින් හිතන්න

Safe upgrade සඳහා, ටයරයේ ප්රමාණය මෝටර් රථයේ මුල් සම්පූර්ණ ටයර් එකේ විෂ්කම්භයෙන් සියයට තුනකට වඩා වැඩි නොකළ යුතුයි. මෝටර් රථයේ dynamics එක වෙනස් වීමකින් තොරව කළ හැකි උපරිම ටයර් upsetting ප්‍රමාණය වන්නේ මුල් සම්පූර්ණ ටයර් විෂ්කම්භයෙන් සියයට තුනක් පමණයි. මෙම ප්‍රමාණයට වඩා ඉහළ යන ඕනෑම upsetting එකක් නිසා ඉන්ධන කාර්යක්ෂමතාවයේ කැපී පෙනෙන පහත වැටීමක් සහ වාහනය පැදීමේ සහ හැසිරවීමේ අපහසුවක් ඇති කරයි.ඒ නිසා කිසිම අවස්ථාවක අනවශ්‍ය ලෙස ප්‍රමාණයට වඩා විශාල ටයර් භාවිතා කිරීමෙන් වළකින්න.

ටයර් සවි කිරීමෙන් පසු පරීක්ෂා කරන්න

ප්‍රමාණයෙන් විශාල අලුත් ටයර් මෝටර් රථයට සවි කිරීමෙන් පසු, රෝදය අසල වාඩි වී steering wheel එක lock එකෙන් lock එකට හරවන්න. ඒ වගේම දෙපැත්තටම රෝදය හරවන්න. රෝදය full lock කිරීමේදී රෝදයේ ඇතුළත හෝ body එකේ වෙනත් කිසිදු කොටසකට ස්පර්ශ නොවන බව හොඳින් පරීක්ෂා කරන්න.

එසේම, ටයරය සහ රෝදය අතර, මාර්ගයේ ගැටිති හෝ වලවල් absorb කර ගැනීමට ප්‍රමාණවත් ඉඩක් තිබේදැයි පරීක්ෂා කරන්න. විශාල රෝද සහ ටයර් මෝටර් රථයේ ධාවනයේ ගුණාත්මක භාවයට හානි කරනවාදැයි පරීක්ෂා කිරීමට අසමාන හෝ කැඩුණු මාර්ගයක ධාවනය කර බලන්න.

ඉතින් මේ දේවල් තමයි ඔබේ මෝටර් රථයේ ටයර් modify කරන්න කලින් හිතන්නම ඕනේ දේවල්. දැන් තේරෙනවා නේද ටයර් upgrade කරන එක එළියෙන් බලනකොට ලේසි වුණාට හිතන තරම් සරල දෙයක් නෙවෙයි කියලා.

ඉතින් ඔබත් ටයර් වෙනස් කිරීම මඟින් වාහනයට modify look එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් අද CarsGuide අපි කිව්වා දේවල් අමතක කරන්න නම් එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Kia Sorento 2010 for Sale

Kia Sorento 2010

111,000 km, Colombo
MEMBER
Rs 11,199,000
1 month ago
Austin Mini Cooper 2011 for Sale

Austin Mini Cooper 2011

107,500 km, Colombo
MEMBER
Rs 12,500,000
3 hours ago
Toyota Corolla 1993 for Sale

Toyota Corolla 1993

250,000 km, Kandy
MEMBER
Rs 2,995,000
3 hours ago
Toyota Hilux Rocco B5 2020 for Sale

Toyota Hilux Rocco B5 2020

59,500 km, Gampaha
verified MEMBER
verified
Rs 24,750,000
3 hours ago
Toyota Premio 260 G Superior 2020 for Sale

Toyota Premio 260 G Superior 2020

53,500 km, Gampaha
verified MEMBER
verified
Rs 17,750,000
3 hours ago
Auto Parts for saleikman logo
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
7 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
7 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
8 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
8 hours ago
+ Post an ad on ikman