Modification වලින් වාහනයට වෙන බලපෑම

28 Jun, 2023   
Modification වලින් වාහනයට වෙන බලපෑම

පාරෙ යනකොට ආයෙ දෙපාරක් හැරිලා බලන්න හිතෙන වාහන අපිට අනන්තවත් හම්බවෙනවා. ගොඩක් වෙලාවට ඒ වාහන වල විශේෂත්වය තමයි, අලුත් දේවල් එකතු කරලා modify කරන එක. ඉතින් එහෙව් වාහන දිහා දෙපාරක් නෙවෙයි, තුන් පාරක් වුණත් හැරිලා බලන්න හිතෙනවනෙ. හැබැයි උපරිම performance ගන්නත් වාහනේ modify කරනවා. වැඩේ කියන්නෙ ඉන් එහාට දෙයක් ගැන ඔබ හිතන්නෑ. හැබැයි ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි කියලා ඔබ දන්නවද? මේකෙන් වාහනයට කුමක් හෝ බලපෑමක් ඇති වෙන බව ඔබ දන්නවද? නෑ නේද? අද ඔබට පුළුවන්, එක පැත්තකින් විතරක් හිතලා කරන මේ modification වලින් වාහනයට වන බලපෑම ගැන CarsGuide තුළින් දැනගන්න.

වාහනයක් නිෂ්පාදනය කරලා තියෙන්නෙ, ඒ වාහනය උපරිම ධාවන පරාසයක, උපරිම තත්වයන් යටතේ ගණනය කිරීම් කරලා. එතකොට එතනින් එහාට ඔබ වාහනය modify කරනවා නම්, එතනදි වාහනය තුළ හෝ පිටත ක්‍රියාත්මක වෙන්නෙ, එහි මූලික වැඩසටහන නෙවෙයි. ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.

Modification වර්ග මොනවද?

වාහනය ලස්සන කිරීමට හෝ උපරිම performance ලබා ගැනීමට සිදු කරන modification වර්ග දෙකක් තියෙනවා:

  1. Exterior modification
  2. Interior modification

වාහනේ ලස්සන කරන්න සිදු කරන Exterior හෝ Interior modification

හැමෝම බලන්නෙ, තමන්ගෙ වාහනේ ඇතුළතයි, පිටතයි ලස්සනට, පෙනුමට තියාගන්න. ඒකට හේතුව ඉතින්, කෙනෙක් තමන්ගෙ වාහනේ පිටින් දැක්කත්, වාහනේට නැගගත් ඒ කෙනාගෙ හිත වාහනේට ඇද ගන්න එක තමයි. ඉතින් හැමෝම කරන්නෙ වාහනේ modify කරන එක. හැබැයි මේ modification වලින් නම්, වාහනේට නරක බලපෑමක් ඇති වෙන්නෑ. ඒ වගේ modification කිහිපයක් ගැන අපි මුලින්ම බලමු.

  • වාහනයේ colour එක වෙනස් කිරීම
  • විවිධ design ඇති seat covers වලින් seat ආවරණය කිරීම
  • ටයර් ආවරණය කිරීම
  • වාහනයේ window glass tint කිරීම
  • Fog light වල ආලෝකයේ වර්ණය වෙනස් කිරීම
  • රෝද paint කිරීම
  • Steering wheel ආවරණය කිරීම
  • වාහනය wax කිරීම
  • Headlight upgrade කිරීම
  • Sound system වෙනස් කිරීම

Exterior modification වලින් වාහනයට මොකද වෙන්නෙ?

මේ Exterior modification එක කෙළින්ම aerodynamics වලට බලපානවා. මේ විදියට වාහනයේ පිටත කරන modification වලදී වාහනයට යොදන side skirt හෝ වාහනයේ පිටුපසට යොදන refrizer වගේ දේවල් වලින් ඇති වෙන වෙනස්කම්, fuel efficiency සහ ආරක්ෂාව කියන කාරණා වලට බලපානවා. මොකද exterior modification වලදි ඉහත කියපු විදියට, වාහනයේ මූලාකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා.

Interior modification, වාහනයට කොහොම බලපායිද?

Power train system එකේ එහෙමත් නැත්නම් වාහනය ඇතුළත සිදු කරන modification එකේදි වෙනස්කම් සිදු කරන්නෙ, engine performance එක වැඩි කර ගන්න. ඒ වගේම මේකෙදි බලය වැඩි කිරීමත් තිබෙනවා. ඔබ engine එකේ modification එකක් කළත්, එතනදිත් fuel performance සහ එහි තිබෙන ජවය කියන කාරණා වෙනස් වෙනවා. එතනදි මූලික තත්වයන්ට සම්පූර්ණයෙන්ම විරුද්ධව යන නිසා fuel efficieny ප්‍රශ්න, safety ප්‍රශ්න වගේ දේවල් ඇති වෙනවා. ඒ නිසා වාහනයක් modify කරනවා නම්, එතනදි ඔබේ මූලික අවශ්‍යතාව වන fuel efficieny කියන එක ඔබට අමතක කරන්න වෙනවා.

ඔබ වාහනයෙන් බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න, ඔබේ අවශ්‍යතාවන් ඉටු කර ගන්න සිදු කරන මේ modification නිසා තමයි මේ දේවල් සිද්ධ වෙන්නෙ. උදාහරණයක් විදියට උපරිම performance ගන්න, power එක වැඩි කරනකොට, economic අඩු වෙනවා. ඊට පස්සෙ power එක අඩු කරනකොට ඒ දේවල් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා.

ඉතින් ඔබ වාහනෙන් උපරිම performance බලාපොරොත්තුවෙන් modification කරනවා නම්, දෙපාරක් හිතන්න. මොකද ඔබ හිතුවට මේ modification කියන්නෙ වාහනේට එච්චර හිතවත් කෙනෙක් නෙවෙයි. ඒ නිසා මීට පස්සෙ වාහනේ ලස්සන ගැන විතරක් නෙවෙයි, වාහනේ ආරක්ෂාව ගැනත් හිතන්න මතක තියාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Yaris Cross Premium Luxury 2025 for Sale

Toyota Yaris Cross Premium Luxury 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,500,000
6 days ago
Toyota Hilux REVO ROCCO 2.8 AT 2025 for Sale

Toyota Hilux REVO ROCCO 2.8 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,000,000
1 week ago
Nissan Magnite Tekna 2025 for Sale

Nissan Magnite Tekna 2025

0 km, Puttalam
MEMBER
Rs 9,600,000
1 month ago
Toyota Passo KGC 30 2012 for Sale

Toyota Passo KGC 30 2012

180,000 km, Kurunegala
MEMBER
Rs 5,500,000
38 minutes ago
Mercedes Benz A200 AMG Line PremiumPlus 2019 for Sale

Mercedes Benz A200 AMG Line PremiumPlus 2019

68,000 km, Gampaha
verified MEMBER
verified
Rs 21,200,000
41 minutes ago
Auto Parts for saleikman logo
Audi Q7 Parts for Sale

Audi Q7 Parts

verified MEMBER
verified
Rs 98,000
1 day ago
Discover 135 Petrol Tank for Sale

Discover 135 Petrol Tank

MEMBER
Rs 18,000
1 hour ago
Moter Bike Side Carry Box for Sale

Moter Bike Side Carry Box

MEMBER
Rs 30,000
1 hour ago
Toyota Aqua Axio Side mirror cover cup for Sale

Toyota Aqua Axio Side mirror cover cup

verified MEMBER
verified
Rs 3,500
1 hour ago
+ Post an ad on ikman