Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම

24 Apr, 2024   
Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම

අධික වේගයෙන් වාහනයක් drive කරන එක නීතියට අනුව වැරදි ක්‍රියාවක් වගේම, ඒක ඔබගේත් අන් අයගෙත් ආරක්ෂාවට හොඳ දෙයක් නෙවෙයි. හැබැයි වාහනයක් තියෙන හැමෝගෙම ලොකු ආසාවක් තමයි නිදහසේ ටිකක් speed එක වැඩියෙන් drive කරන එක. විශේෂයෙන්ම sport car එකක් තියෙනවා නම් මේ ආසාව ලොකුවටම දැනෙනවා. ඉතින් ඒ නිසාම CarsGuide අපි අද හිතුවා නීතියට පිටින් යන්නේ නැතුව, තමන්ට වගේම අනෙක් අයටත් අනතුරක් නොවෙන විදිහට Car එකේ වේගය වැඩි කරන්න පුළුවන් ලේසිම ක්‍රම කිහිපයක් කියලා දෙන්න.

බර අඩු කරන්න

බර අඩු කිරීම කියන්නේ ඔබේ මෝටර් රථයේ power එක වැඩි කිරීමට පුළුවන් ලේසිම වගේම මිලෙන් අඩුම ක්‍රමයයි. මෙතනදී බර අඩු කරන්න කියන්නේ වාහනයේ අනවශ්‍ය බර ප්‍රමාණය අඩු කරන එකට. මොකද අමතර බර වාහනයක වේගය අඩු කර එහි ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කරනවා. බර අඩු කර ගැනීම සඳහා trunk එකේ සහ interior එකේ ඇති අනවශ්‍ය items ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම බරෙන් අධික factory parts වෙනුවට, සැහැල්ලු alloy wheels හෝ carbon-fiber body panels වලට මාරු වෙන්න පුළුවන්. එමඟින් ඔබේ වාහනයේ බර ගොඩක් දුරට අඩු වෙනවා.

තිරිංග පද්ධතිය වැඩි දියුණු කරන්න

High-performance සහිත තිරිංග පද්ධතියක් ඔබට low-performance system වලට වඩා හොඳ ride experience එකක් ලබා දෙනවා. ඉතින් වැඩි දියුණු කරන ලද braking capabilities ඔබට වඩාත් දිගු කාලයක් සඳහා ඉහළ වේගයක් පවත්වා ගැනීමට හැකියාව ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට faster lap times හෝ quicker acceleration ඇති වෙනවා. ඉතින් මේ විදිහට upgrade කරන ලද brake pads, stainless steel brake lines සහ performance rotors ඔබේ මෝටර් රථයේ overall performance එක සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනවා.

Spark Plugs වෙනස් කරන්න

High-performance spark plugs ඔබේ මෝටර් රථය වඩාත් සුමටව, වේගවත්ව සහ කාර්යක්ෂමව ධාවනය කිරීමට උපකාරී වෙනවා. High-quality spark plugs, fuel-air mixture එක වඩාත් කාර්යක්ෂම කිරීමට සහ horsepower වැඩි කිරීමට උපකාරී වෙනවා. මෙම වෙනස් කිරීම සාපේක්ෂ වශයෙන් සරල වන අතර, එය ඔබගේ engine එකෙන් වැඩි බලයක් ලබා ගැනීමට තිබෙන ලාභදායී ක්‍රමයක්.

Air Intake එක වැඩිදියුණු කරන්න

ඔබේ engine එකට ප්‍රමාණවත් පිරිසිදු වාතය ලැබෙන බව සහතික කිරීම, එහි optimum performance එක සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. performance air filter හෝ cold-air intake එකක් මඟින් ඔබේ වාහනයේ air intake system එක upgrade කිරීම මඟින් engine එකට එන airflow එක වැඩි වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස horsepower එක වැඩි වීම සිදු වෙනවා.

Over-sized Rims ඉවත් කරන්න

Over-sized Rims acceleration එකට සහ overall handling වලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම Over-sized Rims ඔබේ මෝටර් රථයට වැඩි බරක් එක් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන කාර්යක්ෂමතාව අඩු වී ත්වරණය මන්දගාමී වෙනවා. එම නිසා සුදුසු ප්‍රමාණයේ rim භාවිතයෙන් rotational mass එක සහ unsprung weight එක අඩු කර ගත හැකි අතර, quicker acceleration එකකට සහ maneuverability එක improve කරන්න මඟ පාදනවා.

Tires සහ Suspension upgrade කරන්න

High-quality performance tires සඳහා ආයෝජනය කිරීම සහ ඔබේ මෝටර් රථයේ suspension setup එක වැඩිදියුණු කිරීම එහි ක්‍රියාකාරීත්වයට සහ හැසිරවීමට සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල කරනවා. Performance tires වලට ඔබේ මෝටර් රථයේ handling සහ traction වැඩි දියුණු කරන්න පුළුවන්. හොඳින් tune කරන ලද suspension වඩා හොඳ ස්ථාවරත්වයක් සහ වේගවත් ත්වරණයක් වාහනයට ලබා දෙනවා.

ඉතින් මේ විදිහට තමයි අඩු වියදමකින් ඔබේ Car එකේ වේගය වැඩි කරගන්නේ. හැබැයි ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි වේගය වැඩි කරගත්තත් අනවශ්‍ය ලෙස, අනතුරුදායක ලෙස මාර්ගයේ වාහනය පැදවීමෙන් වළකින්න. මොකද වාහනයක් අතට ගන්නවා කියන්නේ ඔබේ වගේම අන්අයගෙත් ආරක්ෂාව ගැන ඔබ දහස් වරක් හිතන්න ඕනේ. ඒක තමයි නීතිගරුක රියදුරෙකුගේ වගකීම.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota FJ Cruiser 2014 for Sale

Toyota FJ Cruiser 2014

127,000 km, Colombo
MEMBER
Rs 32,500,000
1 week ago
Kia Sorento 2012 for Sale

Kia Sorento 2012

159,000 km, Colombo
MEMBER
Rs 12,800,000
1 week ago
Honda Civic EX PAKAGE 2017 for Sale

Honda Civic EX PAKAGE 2017

100,000 km, Colombo
verified MEMBER
Rs 13,090,000
13 minutes ago
Toyota CHR NGX 10 2018 for Sale

Toyota CHR NGX 10 2018

110,000 km, Galle
MEMBER
Rs 15,000,000
18 minutes ago
Suzuki Wagon R FZ Safety 2014 for Sale

Suzuki Wagon R FZ Safety 2014

79,897 km, Colombo
MEMBER
Rs 5,975,000
17 hours ago
Auto Parts for saleikman logo
Toyota premio Front buffer bumper for Sale

Toyota premio Front buffer bumper

verified MEMBER
verified
Rs 39,000
16 minutes ago
honda fit gp5 rear buffer bumper for Sale

honda fit gp5 rear buffer bumper

verified MEMBER
verified
Rs 10,000
19 minutes ago
honda fit gp1 Rear buffer bumper for Sale

honda fit gp1 Rear buffer bumper

verified MEMBER
verified
Rs 7,000
20 minutes ago
micro geely panda buffer bumper for Sale

micro geely panda buffer bumper

verified MEMBER
verified
Rs 7,000
25 minutes ago
+ Post an ad on ikman