Vehicle Loan එකයි Lease එකයි අතර වෙනස

31 Oct, 2023   
Vehicle Loan එකයි Lease එකයි අතර වෙනස

ගොඩක් අය හිතාගෙන ඉන්නේ finance කරලා වාහනයක් ගන්නවා කියන්නේ වාහන ණයක්, එහෙමත් නැත්නම් vehicle loan එකක් තමයි දෙන්නේ කියලා. හැබැයි ඇත්තටම එතනදී ඔයාට හම්බවෙන්නේ වාහන ලීසිං පහසුකමක්. ඇත්තටම ගොඩක් අයට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඉතින් කලබලේට finance කරලා වාහනයක් අරගෙන සමහර අය ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් ඒ නිසා තමයි CarsGuide අපි හිතුවේ Vehicle loan එකයි Leasing එකයි අතර වෙනස ගැන ඔයාව දැනුවත් කරන්න.

Vehicle Leasing එකක් කියන්නේ මොකක්ද?

අපි මුලින්ම බලමු vehicle leasing එකක් කියන්නේ මොකක්ද කියලා. Vehicle leasing එකක් කියන්නේ කල්බදු ගිවිසුමක්. එමඟින් අදහස් වෙන්නේ ඔයා වාහනයක් බද්දට ගන්නවා කියන එක. කෙටියෙන්ම කිව්වොත් වාහනයක් යම් කාල සීමාවකට බදු ගන්නවා කියන අදහස තමයි මෙතැනදී එන්නේ.
සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න දෙයක්නේ බදු ගන්න දෙයක් අපිට අයිති නැහැ කියන එක. ඉතින් leasing කරලා වාහනයක් ගන්නකොට ඔයා අත්සන් කරන්නේ කල් බදු ගිවිසුමක්. වාහනයේ leasing වාරික සියල්ල ගෙවලා ඉවර වුණාට පස්සේ තමයි ඔයාට වාහනයේ පූර්ණ අයිතිය ලැබෙන්නේ.

Vehicle loan එකක් කියන්නේ මොකක්ද?

Vehicle loan එකක් කියන්නේ කියන්නේ බදු ගිවිසුමක් නම් නෙවෙයි. Vehicle loan එකක් කියන්නේ යම් ආයතනයකින් මුදලක් ණයට ගැනීමයි. ඉතින් ගත්ත ණය මුදල ගෙවලා ඉවර වුණාට පස්සේ ඔයාට පුලුවන් ඒ ණය මුදලින් නිදහස් වෙන්න.
ඉතින් vehicle loan එකකදී වෙන්නේ, වාහනයක් ගන්න මුදල් මදි බව යම් ණය දෙන ආයතනයකට කිව්වම ඒ ආයතනය හරහා ණය මුදලක් ලබා දීම සිදු වෙනවා. මේ දේ තමයි සරලව vehicle loan එකක් ගැනීමේදී සිදු වෙන්නේ.

ආයතනයට risk එකක්

Vehicle leasing එකක් ගන්නවට වඩා vehicle loan එකක් ගන්න එක ඔයාගේ පැත්තෙන් වාසියක් වුණාට, ඒක ණය දෙන ආයතනයට නම් risk එකක්. මොකද vehicle leasing එකකදී සම්පූර්ණයෙන් වාරික ගෙවලා ඉවර වෙනකන් වාහනයේ අයිතිය තියෙන්නේ ලීසිං සමාගමට. ඉතින් ඔයා හරිහැටි වාරික ගෙවීම සිදු නොකළොත් ලීසිං සමාගමට අයිතියක් තියෙනවා වාහනය තමන්ට පවර ගන්න.

නමුත් vehicle loan එකකදී මේ තත්වය වෙනස් වෙනවා. මොකද ගත්ත loan එකෙන් 50%කට වඩා ගෙවීම් සිදු කළාට පස්සේ වාහනයේ අයිතිය සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ඔයාට. ඉතින් නිකන් හරි ඔයා ණය වාරික ගෙවීම පැහැර හැරියොත්, ලීසිං සමාගම් වලට වගේ වාහනයේ අයිතිය පවරා ගැනීමේ හැකියාවක් ණය දෙන ආයතන වලට නැහැ.

ඒකට හේතුව තමයි වාහනයේ පරම අයිතිය ණය දෙන ආයතනයට අහිමි වීම. ඉතින් ඒ හේතුව නිසා තමයි බොහෝ ආයතන vehicle loan ලබා දීම වෙනුවට vehicle leasing පහසුම ලබා දෙන්න පෙළඹෙන්නේ.

Loan ගන්න එක හිතන තරම් ලේසි නැහැ

Vehicle loan එකක් ගන්න එකත් හිතන තරම් ලේසි පහසු වැඩක් නෙවෙයි. මොකද loan එකක් ගන්න නම් ඔයා සපුරන්න ඕනේ සුදුසුකම් කිහිපයක්ම තියෙනවා. දැන් අපි බලමු vehicle loan එකක් ගන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා.

මොන දේ කරන්නත් කලින් විශ්වාසනීය මූල්‍ය ආයතනයක් තෝරා ගන්න ඕනේ. මූල්‍ය ආයතනය විදිහට බැංකුවක් තෝරාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. මොකද අනෙක් මූල්‍ය ආයතන වලට සාපේක්ෂව බැංකු හරහා ලේසියෙන්ම වාහන ණයක් ලබා ගන්න පුලුවන්.

Down Payment එක

ඊට පස්සේ වාහනය ගානකොට ඔයාට අතින් දෙන්න පුලුවන් මුදල ගැනත් vehicle loan එක දෙන ආයතනය අවදානය යොමු කරන්න අමතක කරන්නනේ නැහැ. ඉතින් ඔයා වාහනය වෙනුවෙන් කරන down payment එක, ණයට ගන්න මුදලට වඩා වැඩි නම් ඔයාට ලේසියෙන්ම ණයක් ගන්න පුලුවන්. ඉතින් ඒ නිසා වාහනයේ මුලු වටිනාකමෙන් 50%කට වඩා මුදලක් ඔයා ළඟ තිබීම vehicle loan එකක් ගන්න මූලික සුදුසුකමක් වෙනවා.

Loan එකක් ගැනීමට තිබිය යුතු සුදුසුකම්

1. CRIB එක හොඳට තියෙන්න ඕනේ
ඔයා මොන තරම් ණය ප්‍රමාණයක් අරගෙන තියෙනවද, ඒ ගත්ත ණය ගෙවලා තියෙන්නේ කොහොමද, තව කොපමණ ණය මුදලක් ගෙවීමට තිබෙනවාද යන්න තමයි CRIB එක හරහා පෙන්වන්නේ. ඉතින් vehicle loan එකක් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම කලින් ගත්ත ණය නියමිත කාලයට ගෙවලා CRIB එක හොඳට තියෙන්න ඕනේ.

2. Income එක කීයද?
Vehicle loan එකක් ගන්නවා නම් ඔයාගේ income එක කීයද, income එක හැදෙන්නේ කොහොමද වගේ කරුණු ඔයා ණය ගන්න බලාපොරොත්තු වෙන ආයතනයට ඉදිරිපත් කරන්න ඕනේ. ඔයා job එකක් කරනවා නම් pay sheets හරි, ඔයා business එකක් කරනවා නම් bank statement එකක් මඟින් හෝ මුදල් ගණුදෙනු සිදුවන ආකාරය ණය ලබා ගන්නා ආයතනයට පෙන්වන්න ඕනේ.

3. අපකරුවෙක් ඕනේ
ඔයාට vehicle loan එකක් ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපකරුවෙක් අවශ්‍ය වෙනවා. ඔයාට හොඳ මාසික ආදායමක් තියෙනවා නම් එක අපකරුවෙක් පමණක් ප්‍රමාණවත් වෙනවා. නමුත් මේ කොන්දේසිය ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන්න පුලුවන්.

ඉතින් මේ තමයි Vehicle loan එකයි Leasing එකයි අතර වෙනස. ඇත්තටම vehicle leasing එකක් ගන්නවට වඩා, vehicle loan එකක් ගැනීමේදී risk එක අඩුයි. ඒ වගේම වාහනයේ සම්පූර්ණ අයිතිය හිමි වෙන්නෙත් ඔයාට. ඉතින් ඔයත් වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවා නම් leasing එකකට යනවද එහෙමත් නැත්නම් loan එකක් ගන්නවද කියලා හොඳට හිතලා බලන්න මතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mercedes Benz C200 AMG Premium 2018 for Sale

Mercedes Benz C200 AMG Premium 2018

41,000 km, Gampaha
MEMBER
Rs 26,990,000
2 weeks ago
Hyundai Santa Fe Calligraphy 2025 for Sale

Hyundai Santa Fe Calligraphy 2025

verified MEMBER
verified
Rs 35,500,000
8 hours ago
Suzuki Swift RS Japan 1st owner 2017 for Sale

Suzuki Swift RS Japan 1st owner 2017

72,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,975,000
8 hours ago
Toyota Land Cruiser Sahara V8 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 2012

145,000 km, Ratnapura
MEMBER
Rs 44,000,000
1 month ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

70,000 km, Ratnapura
MEMBER
Rs 16,500,000
8 hours ago
Auto Parts for saleikman logo
Bmw F10 520 D M Sport Fog Light for Sale

Bmw F10 520 D M Sport Fog Light

verified MEMBER
Rs 50,000
8 hours ago
Duel Cluch for Honda Vezel/GP5/Grace for Sale

Duel Cluch for Honda Vezel/GP5/Grace

verified MEMBER
Rs 225,000
9 hours ago
Toyota KDH Timing Belt Set for Sale

Toyota KDH Timing Belt Set

verified MEMBER
verified
Rs 32,000
9 hours ago
+ Post an ad on ikman