Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

20 Jun, 2023   
Used Vehicle එකක් ගන්නකොට අවධානය යොමුකළ යුතු කරුණු

හැමෝගෙම හිත්වල එකම වගේ තියෙන දෙයක් තමයි, ගිනි ගණං නැතුව අතේ තියෙන ගාණට හිතේ තියෙන හොඳම වාහනය ගන්න එක. හැබැයි මේ තියෙන ආර්ථිකයත් එක්ක සමහර විට, ඒක හීනයක් කියලත් ඔබට හිතෙනවා. මේ වගේ වෙලාවට පාවිච්චි කරපු මෝටර් රථයක් මිලදී ගැනීම කියන්නෙ හොඳ විකල්පයක්. නමුත් මෙතනදි ඔබ තීරණයක් ගන්නකොට දහපාරක් හිතුවත් කමක් නෑ. මොකද පාවිච්චි කරපු වාහනයක් මිලදී ගන්නකොට හොයලා බලන්න බොහෝ දේ තියෙනවා. ඉතින් ඔබට ගැළපෙන මෝටර් රථය තෝරාගන්න උදව් වෙන ක්‍රම කිහිපයක් ගැන තමයි අද CarsGuide තුළින් අපි ඔබට කියන්නෙ.

වාහනයේ ආ ගිය තොරතුරු දැනගන්න

වර්තමාන හිමිකරුගෙන් ඔබට හැකි තරම් තොරතුරු ලබාගෙන අදාළ වාහනේ ගැන හොයලා බලන්න. වාහනය අනතුරකට ලක් වෙලා තියෙනවද, බලපත්‍රයක් තියෙනවද කියන දේවල් ගැන වාහන හැඳුනුම් අංකය මඟින් ඔබට දැනගන්න පුළුවන්.

ඊට අමතරව වාහනයේ පිටත සහ ඇතුළත දෙකම පරීක්ෂා කරන්න. කුඩා සිරීම් ගැන නොහිතුවත් සැළකිය යුතු තරම් මලකඩ කා ඇත්නම්, හානි වී ඇත්නම් ඒ ගැන ඔබට දෙපාරක් හිතන්න වෙනවා. ඇතුළත අපිරිසිදු ගඳක් ඇත්නම් යම් leak එකක් ඇත්දැයි floor mats පරීක්ෂා කරන්න.

Test drive එකකට යන්න

වාහනයේ තත්වය සහ එය ඔබට සුදුසුද යන්න තීරණය කරන්න, test drive එකක් උදව් වෙනවා. ඒ වගේම වාහනයේ ඇති සියලුම එලෙක්ට්‍රොනික් උපකරණ නිසි පරිදි ක්‍රියා කරන්නේද යන්න note කරගන්න. අනිත් එක තමයි තිරිංග නිසිලෙස ක්‍රියා කරනවද නැද්ද යන්න ගැනත් වග බලාගන්න ඕනෙ.

වාහනයක එන්ජිම හරියටම තියෙනවද?

එන්ජිම තමයි ඕනෙම වාහනයක වැදගත්ම කොටස. වාහනය ක්‍රියාවිරහිත වීමත් සමඟ hood එක pop කර එන්ජිම පරීක්ෂා කරන්න.Transmission fluid රෝස හෝ රතු වෙන්න ඕනෙ. තෙල් ලා දුඹුරු වෙන්න ඕනෙ.

කොච්චර දුරක් යයිද?

සාමාන්‍ය මෝටර් රථයක් හැම වසරකම 20,000 km ක් පමණ ධාවනය කරනවා. ඔබ මිලදී ගන්න වාහනයේ සැතපුම් ගණන අඩුද වැඩිද යන්න සොයා ගැනීමට වාහනයේ වයස අනුව දුරස්ථමානයේ අංකය බෙදන්න.

වාහනයේ අනාගතය ගැන දැනගන්න

ඔබේ වාහන සිහිනය හැබෑ වුණා කියලා ඔබ හිතනවා නම්, වාහනය පරීක්ෂා කරන්න විශ්වාසදායක කාර්මිකයෙක්ට පෙන්නන්න. මොකද වාහනයේ ඇතුළතින් පවතින ගැටළු ගැන හෝ අනාගතයේදී ගැළුවක් වියහැකි ප්‍රදේශ තියෙනවද කියන එක කාර්මිකයෙකුට තීරණය කරන්න පුළුවන්.

මේ කියපු දේවල් වලට අමතරව used vehicle එකක් ගන්න යනකොට අනිවාර්යයෙන්ම අත්දැකීම් සහිත පළපුරුදු කාර්මිකයෙක් එක්කරගෙන යන්න අමතක කරන්න එපා.

දැන් ඉතින් පාවිච්චි කරපු වාහනයක් ගන්නවා නම්, දැනගන්න ඕනෙම දේවල් ගැන ඔබට idea එකක් තියෙනවා. මේ කරුණු ටික හොඳට මතක තියාගන්න. මොකද අද අපි කියපු දේවල් ගැන හිතලා, ගන්න වාහනේ ගත්තොත්, ඔබ යන පාර ඔබට clear කරගන්න වගේම safety කරගන්නත් පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
MG ZS 2018 for Sale

MG ZS 2018

100,420 km, Colombo
MEMBER
Rs 8,900,000
3 days ago
Hyundai Santa Fe Calligraphy 2025 for Sale

Hyundai Santa Fe Calligraphy 2025

verified MEMBER
verified
Rs 35,500,000
6 hours ago
Suzuki Swift RS Japan 1st owner 2017 for Sale

Suzuki Swift RS Japan 1st owner 2017

72,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,975,000
6 hours ago
Toyota Land Cruiser Sahara V8 2012 for Sale

Toyota Land Cruiser Sahara V8 2012

145,000 km, Ratnapura
MEMBER
Rs 44,000,000
1 month ago
Audi Q2 TFSI 2018 for Sale

Audi Q2 TFSI 2018

70,000 km, Ratnapura
MEMBER
Rs 16,500,000
6 hours ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 month ago
Bmw F10 520 D M Sport Fog Light for Sale

Bmw F10 520 D M Sport Fog Light

verified MEMBER
Rs 50,000
5 hours ago
Duel Cluch for Honda Vezel/GP5/Grace for Sale

Duel Cluch for Honda Vezel/GP5/Grace

verified MEMBER
Rs 225,000
6 hours ago
Toyota KDH Timing Belt Set for Sale

Toyota KDH Timing Belt Set

verified MEMBER
verified
Rs 32,000
6 hours ago
+ Post an ad on ikman