Leasing ගෙවාගත නොහැකි වාහන භාර දියයුතු ආකාරය

01 Jun, 2023   
Leasing ගෙවාගත නොහැකි වාහන භාර දියයුතු ආකාරය

Leasing ගෙවනවා කියන එක මේ දවස් වල තියෙන ආර්ථීකයත් එක්ක ටිකක් අමාරු වැඩක්. මේ හේතුව නිසා ගොඩක් අයගේ leasing ඇරියස් වෙලා තියෙනවා. හැමතැනම දැන් සීස් කරන්න වාහන පස්සෙන් පවා එළවනවා. කෙටියෙන්ම කිව්වොත් leasing වල තියෙන අමාරුම කාලය තමයි මේ ගෙවෙන්නේ.මේ හේතූන් නිසා  CarsGuide අපි හිතුවා leasing ගෙවාගත නොහැකි වාහන නැවත භාර දියයුතු ආකාරය ගැන ඔබව දැනුවත් කරන්න.

වාහනය බාර දෙන්න කාලයක්

වාහනයක leasing ඇරියස් වුණාම මුලින්ම හිතට එන දේ තමයි වාහනය සීස් කරයිද කියන එක. වාහනය සීස් කිරීමත් එක්ක එහි නීතිමය පැත්ත මොන වගේ වෙයිද කියන එක ජනතාව තුළ තියෙන්නෙත් බියක්. හැබැයි ඒ වගේම තමයි වාහනය නැවත බාර දෙන්න කියලා leasing company එකෙන් කාල සිමාවකුත් ලබා දෙනවා.

Agreement එකට වැඩ

විශේෂම දේ තමයි වාහනයක් leasing කරලා ගන්නවා කියන්නේ අපි හරියට වාහනයක් කුලියට ගන්නවා වගේ වැඩක්. එතකොට වාහනය leasing කරලා ගද්දි අපිට company එකත් එක්ක agreement එකක් තියෙනවා. අපි ඒ agreement එකට එකඟ වුණාට පස්සේ ඒ අනුව කොන්දේසි අනුගමනය කරගෙන යන්න ඕනේ. එම කොන්දේසි වලට එකඟව වැඩ කරන්න බැරි නම් අපේ වාහනය නැවත leasing company එකට බාර දෙන්න පුලුවන්.

ඉවරයි කියලා හිතුවට ඉවර නැහැ

වාහනය බාර දුන්නට පස්සේ ගොඩක් අය හිතන්නේ leasing ප්‍රශ්නය ඉවරයි කියලා. නමුත් මේ සිතුවිල්ල සම්පූර්ණයෙන්ම වැරදියි. මොකද වාහනය බාර දුන්නා කියලා leasing company එකත් එක්ක තියෙන ගණුදෙනුව ඉවර වෙන්නේ නැහැ.වාහනය ආයතනයට බාර දීලා ටික කාලයක් යනකොට ඉතුරු ගෙවීම් කරන්න නැතිනම් නඩු දානවා කියලා නිවසට ලියුම් එන්න පුලුවන්.

නඩු දාන්න කලින්

වාහනයක් leasing කරලා ගද්දි leasing company එකෙන් වාහනය මිලදී ගැනීමට අදාළව මුදලක් දෙනවා. එම මුදල යම් යම් කාලසිමාවක් තුළ ගෙවන්න අපි agreement එක හරහා බැඳිලා ඉන්නවා. විශේෂම දේ තමයි වාහනය බාර දුන්නා කියලා ගිවිසුම අහෝසි වෙන්නේ නැහැ. ඒ නිසා leasing company එකෙන් වාහනය පසුව විකිණුවත් ඔවුන්ට අය විය යුතු මුදල් අය කර ගැනීමට නොහැකි වුණොත් තම ආයතනයට වෙන අලාභය අය කර ගැනීමට නඩු පවරන්න හැකියාව තියෙනවා. වාහනය බාර දුන් පමණින් leasing එකේ සම්පූර්ණ වගකීම අවසන් නොවන බව මතක තබාගන්න ඕනේ.

ඉතින් මේ විදියට තමයි leasing ගෙවාගත නොහැකි වාහනයක් නැවත ආයතනය වෙත බාර දෙන්නේ

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jeep Cherokee 2015 for Sale

Jeep Cherokee 2015

64,000 km, Colombo
verified MEMBER
Rs 16,900,000
1 week ago
Wuling ALMAZ 2023 for Sale

Wuling ALMAZ 2023

11,000 km, Colombo
MEMBER
Rs 17,500,000
5 days ago
Honda Fit 2011 for Sale

Honda Fit 2011

150,000 km, Gampaha
MEMBER
Rs 5,900,000
4 days ago
Honda Vezel Z Brand New 2025 for Sale

Honda Vezel Z Brand New 2025

15 km, Gampaha
verified MEMBER
verified
Rs 21,490,000
17 minutes ago
Hyundai Santa Fe diesel fully loaded 2014 for Sale

Hyundai Santa Fe diesel fully loaded 2014

67,000 km, Colombo
verified MEMBER
Rs 15,750,000
18 minutes ago
Auto Parts for saleikman logo
Mareena Shock Absorbers For Any Vehicles for Sale

Mareena Shock Absorbers For Any Vehicles

verified MEMBER
Rs 8,985
23 hours ago
Mitsubishi Canter Lorry Body for Sale

Mitsubishi Canter Lorry Body

MEMBER
Rs 430,000
6 days ago
BMW E36 Doors for Sale

BMW E36 Doors

verified MEMBER
Rs 28,000
15 minutes ago
14” Alloy Wheels for Sale

14” Alloy Wheels

verified MEMBER
verified
Rs 65,000
21 minutes ago
185/60/15” Tyres for Sale

185/60/15” Tyres

verified MEMBER
verified
Rs 17,500
23 minutes ago
+ Post an ad on ikman