වාහනයක යන ඔබ දැනගත යුතුම tips

06 Dec, 2023   
වාහනයක යන ඔබ දැනගත යුතුම tips

වාහනයක් පාරේ drive කරද්දී ඔයා ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මොකද ඒකෙන් ඔයාටත් අනිත් අයටත් අනතුරක් වෙන්න පුළුවන් හැකියාව වැඩියි. ඔයා drive කරනකොට යොදාගන්න පුළුවන් tips දන්නවා නම් ගොඩක් අනතුරු වළක්වා ගන්න පුළුවන් වගේම ආරක්ෂිතව drive කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසාම අද Cars Guide අපි හිතුවා වාහනයක යන ඔයා දැනගත යුතුම tips මොනවද කියලා කියන්න.

වාහනයේ key battery එක

දැන් ගොඩක් වාහන වල තියෙන්නේ smart start key facility එක. ඒ කියන්නේ ගොඩක් වාහන smart key එකකින් තමයි start කරගන්න තියෙන්නේ. මේකට battery එකක් තියෙනවා. ඉතින් මේ smart key එකේ battery එක බහින්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට ඔයා කොහොමද වාහනය start කරගන්නේ? අන්න ඒ වෙලාවට ඔයා යතුරින් battery එක ඇරගන්න ඕනේ. මේක Honda, Toyota ඕනෙම මේ වගේ vehicle key fob එකක් තියෙන එකකට අදාලයි. Battery එක අයින් කරගෙන ඒක ලං කරලා බැලුවට indicate වෙන්නේ නැහැ කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ press කරන්න හැදුවට display එකේ පෙන්නනවා key එක නැහැ කියලා. හැබැයි ඔයාට පුළුවන් ඒකේ logo එක ලං කරන්න. ඊට පස්සේ brake එක පාගන්න. දැන් ඔයාට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් හදිසියෙවත් smart key එකේ battery එක dead වුණොත් ඔයත් මේ tip එක use කරන්න.

Steering wheel

වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඔයා steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුනට. සාමාන්‍යයෙන් අපි ආරක්ෂිතව පාරේ යන්න නම් steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන ක්‍රමයට. ඒත් ගොඩක් අය use කරන්නේ දහයයි දෙක. හැබැයි ඒක පරණ ක්‍රමය. ඉතින් ඔයා ආරක්ෂිතව drive කරන්න නම් steering wheel එක නිවැරදි ක්‍රමයට අල්ලන්න මතක තියාගන්න.

Front mirror

අපිට පාරේ යද්දී වාහන බලාගන්න front mirror එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් front mirror එක හරි විදිහට ඔයාට පාරේ යන අනිත් වාහන හරියට පේන විදිහට හදා ගන්න මතක තියාගන්න. ඔයාගේ front mirror වල මීදුම බැඳුනොත් dashboard එකේ ඒ සඳහා තියෙනවා icon එකක්. ඔයාට පුළුවන් ඒ icon එකෙන් ඒවා අයින් කරගන්න.

වාහනයේ driver seat එක

ඔයා වාහනයට නැග්ගාම drive කරන්න කලින් ඔයාගේ seats හරියට හදා ගන්න ඕනේ. වාහනයේ වාඩි වුණාම පළවෙනියට බලන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාට pads ටික පාගන්න පුලුවන්ද කියලා. ඔයාට pads ඇතුලටම පාගන්න පුළුවන් වෙන්න ඕනේ. Seat එක ඉදිරියට සහ පසුපසට කරගෙන සුළු කෝණයක් ඇති වෙන විදිහට වාඩි වෙන්න මතක තියාගන්න. ඒ වගේම කොන්ද තියාගන්න කොටසත් හදාගන්න. ඒකෙදිත් ඔයා ගොඩක් පිටුපසට වෙන්නේ නැතුව සාමාන්‍ය ගාණට ඉන්න. මොකද ඔයාට ඉදිරිය පැහැදිලිව පෙන්න ඕනේ.

Side mirrors

දකුණු පැත්තේ side mirror එක හදද්දී ඔයා කෙලින්ම ඉන්නේ නැතුව පැත්තකට ඇල වෙලා හදා ගන්න. ඒ වගේම වම් පැත්තත් එහෙමයි. ඔයා side mirrors හදාගද්දී ඔයාට ඔයාගේ වාහනයේ පිටුපස ගොඩක් අඩුවෙන් පෙන්න හදා ගන්න. ඒ කියන්නේ මේක හදාගන්න ඕනේ අපේ වාහනය පේන්න නෙමෙයි ඔයාට පිටුපසින් එන වාහන හරියට පේන විදිහට.

Rear view mirror

ඔයා රාත්‍රියේ drive කරද්දී මේ rear view mirror එකට පිටුපස ගමන් කරන වාහන වල head lights වැදිලා ඒ light ආයේ ඔයාට පරාවර්තනය වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවට real view mirror එක යට තියෙන කුඩා කොටස උඩට දාන්න. එතකොට ඔයාට පුළුවන් පහසුවෙන් drive කරන්න.

Parking

ඔයා වාහනය park කරද්දී වාහනය මුලින්ම d එකට දාගන්න. ඊට පස්සේ neutral එකට දාලා hand brake එක ඇදගන්න. ඊළගට foot brake එක පොඩ්ඩක් කකුලෙන් release කරගන්න. එතකොට වාහනය ඉස්සරහට ගිහින් නවතිනවා. ඊට පස්සේ parking එකට දාන්න. ඉතින් මේකෙන් ඔයාලගේ gear box එක ආරක්ෂා කරගන්න පුළුවන්.

Child safety lock

ඔයා ගමනක් යද්දී පොඩි අය එක්කන් යනවා නම් ඔයාට පුළුවන් මේ tip එක use කරන්න. එයාලා වාහනේ දොර එහෙම එක පාරට open කළොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාලට දීලා තියෙනවා වාහනයේ manufacture feature එකක් ඒක තමයි child lock කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙලාවට child lock එක on කරන යන්න. ඒකෙන් වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැරි වෙනවා. මේක තියෙන්නේ වාහන වල දොරේ. මේ lock එක දැම්මට පස්සේ වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැහැ පිටතින් විතරයි අරින්න පුළුවන් වෙන්නේ.

මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tips. ඉතින් මේ tips ඔයාගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා වගේම පාරේ ආරක්ෂිතව යන්න නම් මේ tips ගැන ඔයා සැළකිලිමත් වෙන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Laser 2005 Auto for Sale

Ford Laser 2005 Auto

85,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,195,000
1 month ago
Micro Panda 2015 for Sale

Micro Panda 2015

41,000 km, Colombo
MEMBER
Rs 2,695,000
4 days ago
Mercedes Benz C300 2015 for Sale

Mercedes Benz C300 2015

93,000 km, Colombo
MEMBER
Rs 22,500,000
2 days ago
Peugeot 508 Premium 2011 for Sale

Peugeot 508 Premium 2011

120,000 km, Colombo
verified MEMBER
Rs 9,875,000
5 days ago
Toyota Corolla 121 Dickey Light 2005 for Sale

Toyota Corolla 121 Dickey Light 2005

145,000 km, Colombo
verified MEMBER
Rs 5,745,000
1 day ago
Auto Parts for saleikman logo
Suzuki Swift Rs Headlights for Sale

Suzuki Swift Rs Headlights

verified MEMBER
verified
Rs 145,000
53 seconds ago
Toyota Allion Headlights for Sale

Toyota Allion Headlights

verified MEMBER
verified
Rs 55,000
56 seconds ago
Toyota Passo Headlight for Sale

Toyota Passo Headlight

verified MEMBER
verified
Rs 35,000
1 minute ago
Wagon R Stringray Shell for Sale

Wagon R Stringray Shell

verified MEMBER
verified
Rs 35,000
1 minute ago
+ Post an ad on ikman