License එක අලුත් කරන අලුත්ම විදිහ

02 Jan, 2024   
License එක අලුත් කරන අලුත්ම විදිහ

ඉස්සර ගන්න driving license එක මුළු ජීවිත කාලයටම වලංගුයි. හැබැයි 2009න් පස්සේ හැම driving license එකම අවුරුදු 8න් 8ට අලුත් කරන්න ඕනේ. මේක ටිකක් කරදරකාරී වැඩක් වුණත් ශ්‍රී ලංකාවේ නීතියට අනුව පාරේ වාහනයක් drive කරන්න නම් අනිවාර්යයෙන්ම වලංගු රියදුරු බලපත්‍රයක් තියෙන්නම ඕනේ.
හැබැයි දැන් ඉස්සර වගේ පෝලිමේ ඉන්නේ නැතුව ලේසියෙන්ම driving license එක අලුත් කරගන්න පුලුවන්. අද CarsGuide අපි ඔබට කියන්නේ ඒ ගැන.

අවශ්‍ය ලියකියවිලි

ගොඩක් දෙනෙක්ගේ වැරදි මතයක් තියෙනවා රියදුරු බලපත්‍රයක් අලුත් කරගන්න යනකොට ග්‍රාම නිලධාරි සහතිකයක්, passport size photo එකක්, උප්පැන්න සහතිකයක් ඕනේ වගේ දේවල්. හැබැයි අද මම කියන්න යන අලුත් ක්‍රමේට මේ කිසිම දෙයක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ driving license එක අලුත් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ,
– කල් ඉකුත් වුණු driving license එක
– අනන්‍යතාවය තහවුරු කරන්න වලංගු, පැහැදිලි ජාතික හැඳුනුම්පත හෝ විදෙස් ගමන් බලපත්‍රය
– ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයයෙන් මාස 6 කට නොවැඩි කාලයකදී ලබාගත් යෝග්‍යතා වෛද්‍ය සහතිකය

කොහෙටද යන්න ඕනේ ?

Driving license එක අලුත් කරගන්න නම් අපි යන්න ඕනේ ප්‍රධාන ආයතන දෙකක් තියෙනවා.
මුලින්ම medical report එක ගන්න ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට යන්න ඕනේ. දෙවනුව අපි ලබා ගත්ත medical එක, පැරණි රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත අරගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයකට යන්න ඕනේ.

Medical එක ගමු

රියදුරු බලපත්‍රය අලුත් කරන්න අවශ්‍ය medical එක ගන්න හොඳම විදිහ තමයි ඔයාට ළඟම තියෙන national transport medical institute එකට යන එක. හැබැයි එතනට යන්න කලින් online appointment එකක් දාලා ගියොත් රස්තියාදුවක් වෙන්නේ නැතුව ඉක්මනින්ම වැඩේ කරගන්න පුලුවන්.
ඒ වගේම medical එක ලබා ගන්න කලින්, සාමාන්‍යයෙන් ඔබේ ඇස් පෙනීම ගැන, හෘද ස්පන්දන මට්ටම ගැන සහ අතේ ඇඟිලි වල, දණහිස් වල ක්‍රියාකාරීත්වය ගැන වැඩි අවධානයක් දෙන්න ඕනේ. ඒ දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, doctor කෙනෙක්ගේ පූර්ව නිගමනය යටතේ ඒකට පෙනී ඉන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට කිසිම අපහසුතාවයක් නැතුව medical report එක ලබා ගන්න පුළුවන්.

Medical එක ගත්තට පස්සේ

Medical එක ගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඊළඟ වැඩේ තමයි medical report එක, පරණ රියදුරු බලපත්‍රය, අනන්‍යතාවය තහවුරු කරන්න ජාතික හැදුනුම්පත හෝ passport එක අරගෙන ළඟම තියෙන දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකට ගිහින් රියදුරු බලපත්‍රය අලුත් කරගන්න.
ඉස්සර වගේ රියදුරු බලපත්‍රය ගන්න appointments ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා වැඩි විස්තර ළඟම දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකින් දැනගන්න පුලුවන්.
පහත link එක හරහා ඔබට ළඟම දිස්ත්‍රික් මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලය පිළිබඳව විස්තර ලබා ගන්න පුලුවන්.
https://dmt.gov.lk/index.php?option=com_content&view=article&id=19&Itemid=138&lang=en#werahera-and-districts-offices

මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයට ගියාට පස්සේ

අපි දැන් බලමු මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයට ගියාට පස්සේ මොකක්ද කරන්න ඕනේ කියලා. මේකට සාමාන්‍යයෙන් ටිකක් වෙලා පෝලිමේ නම් ඉන්න වෙනවා. හැබැයි පැය 2ක් වගේ කාලයක් යනකොට ඔක්කොම වැඩ ටික ඉවර කරලා අලුත් රියදුරු බලපත්‍රය ඔයාගේ අතටම ගන්න පුලුවන්. රියදුරු බලපත්‍රය අලුත් කර ගැනීම සම්බන්ධයෙන් කවුන්ටර් තුනකට යන්න ඕනේ.

පළමු කවුන්ටර් එක

පළමු කවුන්ටර් එකට ගියාම ඔයාගේ medical එක, පරණ රියදුරු බලපත්‍රය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ photo එකක්, finger print එක සහ අත්සන ලබා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ photo එක සහිත printed application form එකක් එතනින් ඔයාට ලබා දෙනවා.
ඔයාට ලැබෙන application form එකේ a, b, c, d, e සහ f කියලා කොටස් 6ක් තියෙනවා. මේ form එක හරියටම fill කළාට පස්සේ ඔයාට පුලුවන් දෙවෙනි counter එකට යන්න.

දෙවනි සහ තුන්වෙනි කවුන්ටර් එක

දෙවනි කවුන්ටර් එකේදී වෙන්නේ ඔයාගේ විස්තර පරිගණක ගත කරන එක. ඊට පස්සේ ඔයා account section එකට යන්න ඕනේ. මෙතනට තමයි කල් ඉකුත් වුණු license එක වෙනුවෙන් ලබා ගන්නා අලුත් ලයිසන් එකට මුදල් ගෙවන්න ඕනේ. මුදල් ගෙවීමෙන් පස්සේ ඔයාගේ පරණ driving license එක punch කිරීම සිදු කරනවා. ඊට පස්සේ ඔයාගේ නමට අලුත් driving license එක ලබා දෙනවා. හැබැයි මේ දවස් වල තියෙන cards හිඟකම නිසා A4 size කොළයක තමයි රියදුරු බලපත්‍රය print කරලා දෙන්නේ. ඒක අවුරුද්දක කාලයක් වලංගු වෙනවා.

මේ විදිහට තමයි අලුත්ම ක්‍රමයට ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගන්නේ. ඔයාගෙත් රියදුරු බලපත්‍රය අලුත් කරගන්න ඕනේ නම CarsGuide අපි කිව්ව steps ටික follow කරන්න. එතකොට රස්තියාදු වෙන්නේ නැතුව ලේසියෙන්ම එක දවසින් වැඩ ටික ඉවර කරගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R 2018 for Sale

Suzuki Wagon R 2018

31,000 km, Anuradhapura
MEMBER
Rs 7,925,000
3 weeks ago
Hyundai Grand i10 Atlas White 2024 for Sale

Hyundai Grand i10 Atlas White 2024

0 km, Colombo
verified MEMBER
Rs 9,439,999
1 month ago
Hyundai Grand i10 Titan Gray 2024 for Sale

Hyundai Grand i10 Titan Gray 2024

0 km, Colombo
verified MEMBER
Rs 9,439,999
1 month ago
Suzuki Maruti 800 2003 for Sale

Suzuki Maruti 800 2003

69,840 km, Gampaha
verified MEMBER
verified
Rs 1,550,000
5 minutes ago
Mitsubishi Xpander company 2019 for Sale

Mitsubishi Xpander company 2019

81,000 km, Colombo
verified MEMBER
verified
Rs 16,900,000
2 weeks ago
Auto Parts for saleikman logo
TOYOTA VIOS REAR SHOCK ABSORBERS for Sale

TOYOTA VIOS REAR SHOCK ABSORBERS

verified MEMBER
Rs 7,499
10 minutes ago
Suzuzki Celerio Car 9 Inch Android Player for Sale

Suzuzki Celerio Car 9 Inch Android Player

verified MEMBER
Rs 18,000
10 minutes ago
Mitsubishi Outlander Gg2 W Side Mirror Lh for Sale

Mitsubishi Outlander Gg2 W Side Mirror Lh

verified MEMBER
Rs 90,000
12 minutes ago
Toyota Aqua Complete Engine with Gearbox for Sale

Toyota Aqua Complete Engine with Gearbox

verified MEMBER
Rs 232,000
12 minutes ago
+ Post an ad on ikman