වාහනයකට sporty look එකක් ගෙන දෙන modification මොනවද?

19 Sep, 2023   
වාහනයකට sporty look එකක් ගෙන දෙන modification මොනවද?

වාහනයක් කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. ඉතින් ගොඩක් අයගේ ආසාවක් තමයි sporty look එකක් තියෙන vehicle එකක් ගන්න එක. හැබැයි අවාසනාවකට හැම කෙනෙක්ටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. හැබැයි අද CarsGuide අපි ඔබට කියන්නේ අඩු මුදලකින් දැනට ඔබ ළඟ තියෙන vehicle එකට sporty look එකක් ගන්නේ කොහොමද කියලා.

අලුත් wheels සවි කරන්න

ගොඩක් අය හිතන දෙයක් තමයි හොඳ speakers setup එකක් set කළාම වාහනයකට sporty look එකක් ලැබෙනවා කියන එක. හැබැයි ඒක වැරදියි. ඔබේ වාහනයට sporty look එකක් ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දෙයක් තමයි ටයර් මාරු කරන එක. වාහනයට පැමිණි standed ටයර් වෙනුවට, එයට ගැළපෙන තරමක් විශාල ටයර් වලට පුලුවන් හිතාගන්නවත් බැරි තරම් sporty look එකක් ඔබේ වාහනයට එකතු කරන්න.

Engine එක පිරිසිදු කරන්න

ගොඩක් අය හිතන්නේ වාහනයේ exterior එක සහ interior එක ගැන විතරයි. නමුත් වාහනයක spotry look එකට වගේම sporty feeling එකට engine එකෙනුත් ලොකු support එකක් ලැබෙනවා. ඉතින් ඒ නිසා නිතරම engine එක පිරිසිදු කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි එය හොඳින් maintain කරන්නත් ඕනේ. මොකද එහෙම නැති ඔබේ වාහනයේ කල්පැවැත්ම වගේම performance අඩු වීමත් සිදු වෙනවා.

අලුත් paint එකක්

මෝටර් රථය සඳහා අලුත් පාටක paint එකක් apply කිරීම මඟින් හිතන්නවත් බැරි විදිහේ sporty look එකක් ලබා ගන්න. ඒ වගේම පරණ වාහනයට නව පෙනුමක් ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. මොකද paint එකට පුලුවන් සම්පූර්ණයෙන්ම ඔබේ වාහනයේ තියෙන සීරීම් පවා සඟවලා barnd new look එකක් ගන්න පුලුවන්.

Neon Lights එකතු කරන්න

ඔබේ මෝටර් රථයේ පෙනුම වැඩිදියුණු කිරීමට කරන්න පුලුවන් වියදම් අඩුම ක්‍රමය තමයි බාහිරව සහ අභ්‍යන්තරව ආලෝකයන් එකතු කිරීම. මේකට තියෙන හොඳම solution එක තමයි neon lights කියන්නේ. මොකද neon lights ඔබට කැමති ඕනම වර්ණයකින් තෝරාගන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි musical tunes වලට අනුව වර්ණ වෙනස් වන ලෙස පෙනෙන neon lights ඔබට තෝරාගන්න පුලුවන්.

ජනෙල් tint කරන්න

ඔබ කවදා හරි ජනෙල් tint කරලා නැති luxury car එකක් එහෙමත් නැත්නම් sporty car එකක් දැකලා තියෙනවද? ඇත්තටම tinted glass වලට පුලුවන් වාහනයකට luxury, sporty look එකක් එකතු කරන්න.

ඒ විතරක් නෙමෙයි tinted glass නිසා ඇතුළට ආලෝකය එන එක වළකිනවා වගේම ඔබට හොඳ පෞද්ගලිකත්වයකුත් සපයනවා.

Sports Seats වලට මාරු වෙන්න

Sports Seats සවි කිරීම ඔබේ වාහනයේ interior එකට sporty look එකක් දෙන්න පුලුවන් හොඳම විදිහයි. හැබැයි එහෙමයි කියලා ඕනෑවට වඩා විශාල seats නම් සවි කරන්න එපා. මොකද එතකොට ඔබේ ride එකට එමඟින් හානියක් සිදු වෙන්න පුලුවන්. ඒ නිසා වාහනයේ ප්‍රමාණයට ගැළපෙන විදිහේ Sports Seats සවි කරන්න අමතක කරන්න එපා.

අලුත් Headlights & Tail Lights

ඔබට තියෙන්නේ තරමක් පැරණි මෝටර් රථයක් නම්, ඔබේ මෝටර් රථයට sporty new look එකක් දෙන්න හොඳම විදිහක් තමයි headlights සහ tail lights. ඔබේ මෝටර් රථය මොන තරම් පරණ වුණත් headlights සහ tail lights repalce කළොත් අවුරුදු ගානකින් අලුත් වුණු පෙනුමක් එකතු කරගන්න පුලුවන්.

ඔබට තියෙන්නේ අලුත් headlights සහ tail lights නම් ඒවා හොඳින් පිරිසිදු කරලා නඩත්තු කරන්නත් පුරුදු වෙන්න.

Body Kit සහ New Bumper

Bodywork සහ painting කියන්නේ තරමක් මිල අධික ක්‍රියාවක්. හැබැයි Body Kit වලට පුලුවන් අඩු මුදලකින් වාහනයට luxury, sporty look එකක් එකතු කරන්න. ඉතින් ඒ නිසා ඔබට පුලුවන් වාහනයට ගැලපෙන body kits, hoods සහ bumpers තෝරාගෙන සවි කරන්න.

ඉතින් මේ දේවල් තමයි ලේසියෙන්ම ඔබේ වාහනයට sporty look එකක් එකතු කරගන්න නම් කරන්න ඕනේ දේවල්. ඉතින් මේ දේවල් වලට ලොකු මුදලක් වැය වෙන්නෙත් නැති නිසා අඩු මුදලකින් ඔබේ sporty car සිහිනය සැබෑවක් කරගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux LN 107 1994 for Sale

Toyota Hilux LN 107 1994

336,000 km, Colombo
MEMBER
Rs 6,650,000
2 weeks ago
Mercedes Benz CLA 200 Premium AMG 2020 for Sale

Mercedes Benz CLA 200 Premium AMG 2020

54,400 km, Colombo
verified MEMBER
Rs 23,950,000
24 seconds ago
BYD ATTO 3 2024 for Sale

BYD ATTO 3 2024

50 km, Colombo
verified MEMBER
verified
Rs 22,950,000
2 minutes ago
Honda Vezel Z Play Moonroof 2025 for Sale

Honda Vezel Z Play Moonroof 2025

0 km, Gampaha
MEMBER
Rs 21,950,000
1 week ago
Honda Vezel Z PLAY 2025 for Sale

Honda Vezel Z PLAY 2025

300 km, Colombo
verified MEMBER
verified
Rs 22,950,000
6 days ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
6 days ago
sendem type-c car charger for Sale

sendem type-c car charger

verified MEMBER
verified
Rs 400
1 minute ago
usb wireless dongle for Sale

usb wireless dongle

verified MEMBER
verified
Rs 900
1 minute ago
+ Post an ad on ikman