Auto gear වාහන පදවන ඔබ කරන වැරදි

08 Dec, 2023   
Auto gear වාහන පදවන ඔබ කරන වැරදි

වාහනවල විශේෂ සොයාගැනීමක් විදිහට auto gear වාහන හඳුන්වන්න පුළුවන්. අලුත් වාහනවල manual gear තියෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ වගේම manual වාහනයකට වඩා auto gear වාහනයක් drive කරන එක ගොඩක් ලේසියි. ඒ නිසා ගොඩක් අය කැමති auto gear වාහනයක් මිලදී ගන්න. හැබැයි auto gear වාහනයක කවදාවත් කරන්න හොඳ නැති දේවල් තියෙනවා. ඒ දේවල් මඟින් auto gear system එක damage වෙන්න පුළුවන්. ගොඩක් අය මේ වැරදි කරන්නේ නොදැනුවත්කම නිසා. ඒ නිසාම CarsGuide අපි හිතුවා auto gear වාහනයක් drive කරන ඔයා නොකළ යුතු දේවල් මොනවද කියලා කියන්න.

Fuel tank එකේ අන්තිම fuel වලිනුත් drive කිරීම

Auto gear වාහනයක් තියෙන ඔයා කරන්න හොඳ නැති දෙයක් තමයි fuel tank එකේ අන්තිම fuel ප්‍රමාණයෙන් වාහනය drive කරන එක. Auto gear වාහනයක fuel පොඩි ප්‍රමාණයක් හරි ඉතුරු වෙන්න දෙන එක ගොඩක් වැදගත්. මොකද auto gear වාහනයක clutch plate නැති නිසා engine එක හා රෝද අතර සම්බන්ධතාවය තියාගන්නේ transmission oil මඟින්. මේ නිසා වාහනයේ වේගය අඩු වෙනකොට engine එක start කරලා තියාගන්න නම් accelerator එක වෙනසක් කළේ නැතත් fuel pump එකෙන් ලැබෙන fuel නිතරම වෙනස් කරන්න වෙනවා. Auto gear වාහනයක fuel pump එක වෙනස් කරන්න වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසාම heat වෙනවත් වැඩියි. සාමාන්‍යයෙන් fuel pump එක cool කරන්න භාවිතා වෙන්නේ fuel tank එකේ fuel මයි. ඉතින් ඔයා fuel tank එකේ අන්තිම fuel ප්‍රමාණයෙන් වාහනය නිතරම drive කරනවා නම් fuel pump එක ඉක්මනටම ගෙවෙන්න පුළුවන්. ඒ නිසා හදිස්සි වේලාවකදී හැර auto gear වාහනයක tank එකේ fuel හතරෙන් එකක් වත් ඉතුරු වෙන්න දෙන්න.

Neutral gear එකේදී race කරලා drive එකට දැමීම

Auto gear වාහනයක neutral එකේදී race කරලා, drive එකට ඒ කියන්නේ D එකට දාන්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ දේ වාහනයට නරක විදිහට බලපානවා වගේම වාහනයේ වේගය අඩු කරන්නත් බලපානවා. ඒ වගේම engine control system එකත් මේ දේ හඳුනාගෙන වාහනයට ලබා දෙන power එක අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා drive එකට දැම්මට පස්සේ ඔයාට අවශ්‍ය වේගයකින් විතරක් accelerator එක start කරන්න පුරුදු වෙන්න. ඒකෙන් ඕනම අවස්ථාවක ඔයාට හොඳ pick up එකක් ලබා ගන්න පුළුවන්.

නිතරම neutral එකට දැමීම

Auto gear වාහනයක gear system එකේ සැකැස්ම වෙනස්. ඒ නිසා නිතරම ඔයා neutral කරනවා නම් වාහනයේ කොටස් ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම auto gear වාහනයක නිතරම gear මාරු වීමක් නොවෙන නිසා ඔයාට අමතක වෙලා neutral එකේ race වෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. Auto gear වාහනයක් neutral එකේ race කළොත් engine එකේ වේගය අඩු වෙන්න ගත වෙන කාලයත් වැඩි නිසා traffic light එකක් තියෙන තැනකදී ඔයාට ලොකු අපහසුතාවයකට පත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා auto gear වාහනයක් drive කරනකොට වාහනය D එකේම තියාගන්න පුරුදු වෙන්න. Hand brake අදින්න තරම් වෙලාවක් වාහනය නතර කරන් ඉන්න වුණොත් විතරක් neutral එකට දාන්න.

සම්පූර්ණයෙන්ම වාහනය නවතින්න කලින් D සහ R අතර මාරු කිරීම

මේ දේ ගොඩක් වෙලාවට වෙන්නේ හදිස්සියේ පොඩි තැනකින් හරවනකොට. Auto gear system එකක වාහනයත් රෝදත් අතර සම්බන්ධය clutch එකක් වගේ ක්‍රමානුකූලව වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා වාහනය නවතින්න කලින් drive හෝ reverse වලට මාරු කරන එකෙන් රෝද වල චලනය කෙලින්ම engine එකට යනවා. ඒ ගැස්සීම බලපාන්නේ transmission oil වලට සහ රෝද වලට නිසා ඒවා ඉක්මනින්ම ගෙවිලා යන්න පුළුවන් chance එක වැඩියි. ඉතින් ඒ නිසා හොඳම දේ brake එක යොදා ගෙන වාහනය සම්පූර්ණයෙන්ම නැවතුණාට පස්සේ gear පැත්ත මාරු කරන එක.

පල්ලමක යනකොට neutral එකට දැමීම

අලුත් වාහන සුදුසු gear එකක තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර auto gear වාහන පල්ලමක් බහිනකොට gear වල වැටුනම accelerator එක පාගන්නේ නැති වෙලාවේදී වාහනයේ වේගය ගොඩක් අඩුවෙන්න පුළුවන්. අවශ්‍ය විදිහට gear මාරු කරගන්න පල්ලමේදී පවා accelerator එක පාගන්න වෙන එකට සමහර අය බය වෙනවා. Neutral කරලා drive කරමින් brake වලින් වාහනයේ වේගය අඩු කරගන්නේ ඒ නිසයි. ඒත් පල්ලමකදී accelerator එක පාගන්න බය වෙන්න ඕනේ නැහැ. Engine එක නවතින අවස්ථාවේ වුණත් auto gear වාහනයක් manual වාහනයක් වගේ එකපාරම ඉදිරියට යාමක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා අවශ්‍ය මට්ටමට වේගය ලබා ගෙන වාහනය drive එකේම තියාගන්න. මොකද neutral කරන එකෙන් ගිලිහෙන පාලනය ඊට වඩා අනතුරුදායකයි.

වාහනය නවතින්න කලින් parking mode එකට දාන එක

වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් parking mode එකට දැමීම ඒ කියන්නේ p එකට gear එක දාන එකත් ගොඩක් අය කරන වැරද්දක්. සමහර අලුත් වාහනවල සහ පරණ වාහනවල අවශ්‍ය නම් විතරක් මේක කරන්න පුළුවන්. Park අවස්ථාවේ වාහනය drive කරන්නේ නැතුව තියාගන්න කුඩා brake pin එකක් තියෙනවා. වාහනය සම්පූර්ණයෙන්ම නවතින්න කලින් park එකට දාන එකෙන් මේ pin එක ඉක්මනටම ගෙවිලා යන්න බලනවා. ඒ වගේම gear පිහිටලා තියෙන විදිහ අනුව parking වලට කලින් තියෙන්නේ reverse gear එක නිසා වාහනය drive කරන ගමන් නවත්වන්න උත්සාහ කිරීමේදී ඔයාට ගැටලු ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම චලනය වන අතර parking mode එකට දාන එක වළක්වා ඇති වාහනයක නම් නොදැනුවත්වම reverse gear එක වැටෙන්න පුළුවන්. ඒ නිසා වාහනය සම්පූර්ණයෙන්ම නතර වුණාට පස්සේ parking mode එකට දාන්න මතක තියාගන්න.

Transmission oil බලන්න අමතක කිරීම

ඕනෑම auto gear වාහනයක transmission oil ප්‍රමාණය බලන්න deep stick එකක් හම්බෙනවා. Manual වාහනයක නම් gear පද්ධතියේ ගැටලු oil change කරද්දී තේරුණත් auto gear වාහනයක ගැටලුවක් ඇති වෙනකම් එය පිටතින් අඳුනගන්න අපහසුයි. ඒ නිසා වාහනයේ අනිත් oil වර්ග වගේම transmission oil check කරන්නත් පුරුදු වෙන්න. Engine එක නතර කරලා තියෙද්දී වගේම start කරලා තියෙද්දීත් oil ප්‍රමාණය check කරන්න ඕනේ කියලා මතක තියාගන්න. Transmission oil අඩු වීමෙන් සිදු වෙන හානිය නිසා වාහනය repair කරන්න ලොකු මුදලක් වියදම් වෙන්න පුළුවන්.

මේ දේවල් තමයි auto gear වාහනයක් තියෙන ඔයා කරන්න හොඳ නැති වැරදි. ඔයා මේ දේවල් ගැන සැළකිලිමත් වුණොත් ඔයාගේ auto gear වාහනය හොඳට තියාගන්න පුළුවන් වෙනවා වගේම repair කරන්න අනවශ්‍ය විදිහට මුදල් වියදම් වෙන්නෙත් නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Kona Premium SE 2020 for Sale

Hyundai Kona Premium SE 2020

72,000 km, Colombo
MEMBER
Rs 15,000,000
2 weeks ago
Volkswagen Polo TSI Active 2024 for Sale

Volkswagen Polo TSI Active 2024

2,600 km, Colombo
verified MEMBER
Rs 14,500,000
2 minutes ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,800,000
2 weeks ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

92,000 km, Jaffna
MEMBER
Rs 6,550,000
2 weeks ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

200,000 km, Colombo
MEMBER
Rs 12,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
Ford Ranger Steering Eelles T 7 for Sale

Ford Ranger Steering Eelles T 7

verified MEMBER
verified
Rs 112,500
4 minutes ago
225/40/R19 Run Flat GoodYear Tyres for Sale

225/40/R19 Run Flat GoodYear Tyres

MEMBER
Rs 50,000
8 minutes ago
Apple CarPlay/Android Auto Adapter for Sale

Apple CarPlay/Android Auto Adapter

MEMBER
Rs 19,900
26 minutes ago
15 inch 4 hole brand new Alloy wheels set for Sale

15 inch 4 hole brand new Alloy wheels set

verified MEMBER
verified
Rs 90,000
57 minutes ago
+ Post an ad on ikman